Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 19
1,505
Views

සාදවලට සහභාගී වෙන්න ලැබෙන්නේ ආකර්ශනීය තරුණියන්ට....
"මම බලාපොරොත්තු වෙනවා මීලඟ පාර්ටි එකට මට කතා කරයි කියලා."


Dan Bilzerian කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිගරට් සමාගමක අයිතිකරුවෙක් වගේම එරට සිටින ධන කුවේරයෙක්. දැඩි ස්ත්‍රී ලෝලීයෙක් වන ඔහු ප්‍රසිද්ධව සිටින්නේ කාන්තාවන් රැසක් සමග විවිධ ආකාරයේ සාද පැවැත්වීමටයි.

ඔහුගේ පෞද්ගලික සාදයකට එක්වූ ඕස්ට්‍රේලියා රියැලිටි තරුවක් සිය අත්දැකීම මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

ඇය පවසන්නේ ඔහුගේ සාද සඳහා එක්වීමට අවසරය ලැබෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට සහ ආකර්ශනීය තරුණියන්ට පමණක් බවයි.

Kaitlyn Isham නමැති රියැලිටි තරුව පවසන්නේ තමන්ට මේ සාදයක් සඳහා එක්වීමට අවශ්‍ය බව දන්වා සිටි බවයි. මේ අනුව තමන් ආකර්ශනීය තරුණිය නිසා ඊට එක්වීමට අවසර ලැබුණු බවයි ඇය පවසන්නේ.

ඇය පවසන්නේ රුපියල් බිලියන 16ක් පමණ වටින මන්දිරයක් තමන් භාවිතා කල බවයි. එවන් මිල අධික ස්ථානයකට ගිය පළමු වතාව මෙය බවයි ඇය පවසන්නේ. ඒ ගැන වැඩිදුරටත් ඇය මෙලෙස පවසා තිබුණා.

"ඒ වගේ මිල අධික නිවසකට මම ගිය පළමු වතාව. එහි හැම තැනම ලස්සන තරුණියන්. මම ඔහු හමු වී කතා කලා ඔහු හොදින් මා සමග සිනාසුණා. පසුව මම ඔහුට මා ගැන පැවසුවා"

මේ සාදයට එක්වීම ගැන ඇය තවදුරටත් මෙසේ පැවසුවා.

"ඔහු මා සමග සිනාසුනා. සාදයට පැමිණීම ගැන මට ස්තූති කළා. ඔහු හොදින් මා දෙස බැලුවා. නමුත් ඔහු මගේ දුරකථන අංකය ලබාගත්තේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මීලඟ පාර්ටි එකට මට කතා කරයි කියලා."

















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top