Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 19
1,261
Views
නොමනා හැසිරීම් රටා නිසා ගැබ් ගැනීම හේතුවෙන් පැමිණෙන තරුණියන්ට ගබ්සා කිරීමේ හා ගබ්සා පෙති (ටැබ්ලට්‌) අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය පසුගියදා සමත්ව තිබෙනවා.මෙම ජාවාරමේ නියෑළුණු ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් ලක්‌ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුතු ගබ්සා පෙති 80 කට අධික ප්‍රමාණයක්‌ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරේ ජාඇල ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක හිමිකරුවෙකු සහ එම ගබ්සා පෙති පෞද්ගලික ඔසුසලට අලෙවි කළ පුද්ගලයෙකුද මේ අතර වනවා.

ප්‍රධාන සැකකරු ජාඇල, නිවන්දම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු බවත්, මොහු නිවසක හිඳ මෙම නීති විරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල නිරතව ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

මොහුගෙන් ගබ්සා කර ගැනීමට අවුරුදු 14 ත් 25 ත් අතර වයසේ තරුණියන් පැමිණ ඇති බවත්, මින් වැඩිම පිරිසක්‌ ඇඟලුම් ආයතනවල සේවය කරන තරුණියන් බවත් හෙළි වී තිබෙනවා.

එක ගබ්සාවක්‌ සිදු කිරීම සඳහා රුපියල් 7500 ක් ප්‍රධාන සැකකරු විසින් අයකර තිබෙන අතර ගබ්සා පෙත්තක්‌ (ටැබ්ලට්‌) රුපියල් 20000 මුදලකට අලෙවි කර තිබෙනවා.

ප්‍රධාන සැකකරු මීට පෙර කාන්තාවක ගබ්සා කිරීමේදී මියයැම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පවතින බවත් හෙළිවී තිබෙනවා.

ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු ගබ්සා පෙති මිලදී ගත් ජාඇල පෞද්ගලික ඔසුසල් හිමිකරු කොටු කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුට ගබ්සා පෙති ලබාදුන් කිරුලපන පදිංචි 52 හැවිරිදි අයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු විසින් දැනට නීති විරෝධී ගබ්සා කිරීම් 40 කට අධික ප්‍රමාණයක්‌ සිදු කර ඇතැයි බවයි පොලිසිය සිදු කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top