Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 18
693
Views
මුහුණු පොත මඟින් හඳුනාගෙන ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මත තරුණයකු සමඟ මාසයක් දීග කෑ තරුණියක ඔහුගේ නම නොදැන සිටීමේ පුවතක් තඹුත්තේගම පොලීසියෙන් වාර්තා වේ.
තඹුත්තේත්ගම පදිංචි අවුරුදු 17ක තරුණියක් මුහුණුපොත මඟින් සාලියවැව ප්‍රදේශයේ තරුණයකු හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන මාස දෙකකට පසු ඔහු සමඟ පැනගොස් තිබේ.

තරුණියගේ මව තම දියණිය අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර තඹුත්තේගම පොලිසිය මගින් කළ පරීක්ෂණයකින් පසු අදාළ තරුණිය තරුණයකු සමඟ ජීවත් වන බවටෙ තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව ඔවුන් දෙදෙනා සාලියවැව ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී තරුණියට අවුරුදු 18 සම්පුර්ණ වී නොමැති නිසා විවාහ නොවී සිටී බවත් වයස සම්පූර්ණ වූ පසු විවාහ වන බවත් පොලිසියට පවසා ඇත.

පොලිස් භාරයට ගත් තරුණියගෙන් පොලිසියේ තඹුත්තේගම ළමා හා කාත්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. ඉෂාරා හේරත් මහත්මිය තම පෙම්වතාගේ නම විමසා ඇතී විට ඔහුගේ නම නොදන්නා බව පවසා තිබේ.

මෙම තරුණිය නිවෙසේ සුරතලයට හදාවඩාගෙන ඇති බවත් ඉදලක් ගෙන අතුගෑමටත් නොහැකි බවත් ඇයගේ මව පොලිසියට පවසා ඇත.

තම දියණිය අවශ්‍ය බවට තරුණියන්ගේ මව පැවසුවද තමන්ට තම පෙම්වතා සමඟ යෑමට අවශ්‍ය බව පැවැසීම නිසා පොලිසියට නීත්‍යනුකූල කටයුත්තක් කළ නොහැකි බව පොලීසිය සඳහන් කරයි.

තරුණයා කිසිදු රැකියාවක නිරත නොවන අයකු බවත් මේ වන විටත් ඔහු මවුපියන්ගෙන් යැපෙන අයකු බවත් පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇත.

තම දරුවන් කරන දේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස තරුණියගේ මවට තරයේ අවවාද කළ පොලිසිය හැඟීම්වලට පමණක් වහල් වී තමාගේ පෙම්වතාගේ නමවත් මාසයක් එකට ජීවත් වී දැනගැනීමට නොහැකි වීම පිළිබඳව ලැජ්ජා විය යුතු බව පවසා මින් පසුවවත් ඔහුගේ නම මතක තබා ගත යුතු බවද නැතිනම් තමන්ට දරුවකු දී තමා අතහැර ගියහොත් නඩත්තු නඩුවක්වත් පැවරීමට නොහැකි වන බවත් ඉෂාරා හේරත් මහත්මිය තරුණියට අවවාද කරමින් පවසා ඇත.

-කේ.එම්.චන්දික-
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top