Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 17
492
Views
කහඳවල කිව්වම හරි අමුතු නමක් නේද ? එහෙත් ඒ ඇය ක්ෂේත්‍රයට ප්‍රවේශය ලබාගන්නට කලින්.දැන් ඔබට ඒ නම නුහුරු වෙන්නට බෑ. මොකද ඒ නමින් ඔබේ ආලින්දය දිනපතාම සැරසෙනවා. ඇයට ඔබ ආදරෙයි. කාලයක් නැතුව ඉඳල නැවතත් ඇය ඇවිත් පුංචි තිරයේ පාළු මකන්නට. ඒ ඔබ ආදරය කරන ෂෙහානි කහඳවල. 
ෂෙහානි ඇයගේ නවතම තොරතුරු පිළිබඳ පුවත්පතකට සඳහන් කළේ මෙවැන්නක්.

ෂෙහානි ඉතිං කොහොමද ?

හොඳයි. ගොඩක් හොදින් ඉන්නවා.

මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි වගේ ?

මේ දවස්වල මෙගා ස්ටාර් සෙමි ෆයිනල් එකට සූදානම් වෙනවා. ඒකත් එක්ක තමයි ටිකක් කාර්යබහුලවෙලා ඉන්නේ.

ඒකෙ ඔබ දක්වන දක්ෂතා ගැන මොකද ප්‍රේක්ෂකයන් කියන්නේ ?

ඒ ගැන තියෙන්නේ වෙනමම ආකාරයේ ප්‍රතිචාර. මොකද ලංකාවෙ පළමුවැනි වතාවට තමයි රියැලිටි වැඩසටහනක් සජීවීව ප්‍රේක්ෂකයන්ගේ මනාපෙන් පැවැත්වෙන්නේ. වෙනදාට අපි මුහුණ දෙන්නේ කැමරාවටනේ. නමුත් මෙහිදි සජීවීව ප්‍රේක්ෂකයන් ඉදිරියේ තමයි අපි දක්ෂතා පෙන්වන්න ඕනෑ. සතියෙන් සතිය ඒක අපිට ලැබෙන වෙනස්ම ආකාරයේ අත්දැකීමක් සහ වෙනසක්. මං ඒක හරිම ආසාවෙන් කරන්නේ. අපේ දක්ෂතා වඩාත් වැඩිකරගන්න ඒක හොඳ අවස්ථාවක්. බොහෝ ප්‍රේක්ෂකයන් දක්ෂතා ගැන සතුටින් ප්‍රතිචාර දක්වනවා.

ඔබ රංගනයෙන් දායකවන නාට්‍යයක් විකාශනය වෙන්නේ බොහෝ කාලයකට පස්සේ. මොකද වුණේ ?

ඒක මෙහෙමයි. මම ලොකුවට වැඩකරන කෙනෙක් නෙවෙයි. හෙමිහිට මගේ වැඩ කරගෙන යන කෙනෙක්. මම වැඩකරන කාලසීමාවක් තියෙනවා. එක දිගටම වැඩකරලා මටත් විවේකයක් අවශ්‍යයි කියලා හිතුණා. කොහොමටත් අවිවේකීව වැඩකරන්න මම කැමැති නැහැ. එහෙම කාලයක් නිදහසේ ඉඳල දැන් වැඩ පටන් අරගෙන තියෙන්නේ.

ඔබ අසනීපෙන් කියලා ආරංචියක් ආවා ?

ඔව් මටත් හිතාගන්න බැරි විදියට මම හදිසියේම අසනීප වුණා. ගොඩාක් අමාරු වුණා. දැන් සනීපයි.

කොහොමද පැකේජ් නාට්‍යයේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ?

ගොඩක් හොඳයි. ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මොනවද මේ දවස්වල කරන වැඩ ?

සමීර හසුන් අයියාගේ නාට්‍යයේ රූපගතකිරීම් වලට සූදානම් වෙනවා. තව සිනමාපටයකටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ලක්ස් ආයතනයේ ඉන්ස්ටර්ග්‍රෑම් එම්බසිඩර් විදියට මම පත් වුණා. ඒ වැඩත් කරගෙන යනවා.

කොහොමද ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ ?

ඒ දේ මට ලැබෙන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් හරහාමයි. ඒක කාලයක් තිස්සේ මට කරපු ආරාධනාවක්. නමුත් මගේ කාර්යබහුලත්වය නිසා ඒ දේ වෙනුවෙන් පෙනී සිටින්න මට බැරි වුණා. නමුත් දැන් මම ඒ වටිනා අවස්ථාව ලබාගෙන තියෙනවා. ඇත්තටම මම හරි වාසනාවන්තයි. මේ තරම් නිළියන් අතරින් මම ඒ දේට තෝරාගත්ත එක.

ඔබ රංගනයෙන් දායකවන චරිත එකම රාමුවක කියල හිතෙන්නේ නැද්ද ?

ඔව් ඒක හරි. ඒක ඉතිං මට කරන්න දෙයක් නැහැ. මට අධ්‍යක්ෂවරුන් කතාකරන චරිත වලට තමයි මම මගේ දායකත්වය ලබාදෙන්නේ. ආස චරිත තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නැහැ.

ඔබ දැන් වෘත්තීමය රංගන ශිල්පිණියක් ද ?

මම නිදහසේ රංගන කටයුතු කරගෙන යනවා. නමුත් මම රංගනය මගේ වෘත්තිය කරගෙන නැහැ. රංගනය වෘත්තීය කරගෙන ඉන්න අමාරුයි. මට පුළුවන් කාලයක් මම රංගනය කරනවා.

ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා ඔබම යම් සඳහනක් කළොත් ?

මම ගැන කිව්වොත් තැනට සුදුසු විදියට මගේ පාඩුවේ වැඩකරන කෙනෙක්. ඒකෙන් කියන්නේ කපටියි කියන එක නෙවෙයි. හැමෝමත් එක්ක සුහදව ඉන්න කෙනෙක්.

කුඩා කාලයේ ඉඳන්ම අදහසක් තිබුණද රංගනයට එන්න ?

නැහැ එහෙම නැහැ. ඒ අවස්ථාව මට ලැබෙන්නේ අහම්බයෙන්.

සම්මානයක් ගන්න අදහසක් නැද්ද ?

ආසයි ඉතිං එහෙම ඇගයීමක් ලැබෙනවානම්. ඕන කෙනෙක් කැමැතියිනේ ඒකට. බලමු ඒ දේට මගේ සියලූ සුදුසුකම් සපිරුවාට පස්සේ ඒ දේ මට ලැබෙයි. ඒක ඉතිං දෛවය තමයි. බලමු නේද.

ප්‍රසංග මාභරණ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top