Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 17
457
Views
සුරාජ් මාපා  කියන්නේ ලංකාවේ සිටින දක්ෂතම රංගන ශිල්පියෙක් . ඔහුගේ මව අභාවප්ප්‍රප්ත  වූ  සිද්ධිය  සමස්ත ලංකාවටම  දැණුනු  දුක්බර කතාවක් . ඉතින් ඔහු තම මෑණියන්ගේ මරණය සම්බන්දයෙන් කියූ කතාවයි මේ .


පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද?

ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට සිරි වර්ධනගේ වාට්ටුවට. මොකද ඔහුගේ වාට්ටුව හරිම පිළිවෙළයි වගේම හරිම පිරිසිදුයි. ඒ වගේම අම්මා අසනීප වුණාම හැම ඩොක්ටර් කෙනෙක්ම කිව්වේ හිත හදාගන්න බලන්න කියලා. ඒ වෙලාවේ ඩොක්ටර් සිරිවර්ධන විතරයි කිව්වේ අපි උත්සාහ කරමු සුරාජ් මොනව හරි කරන්න කියලා. ඒ වෙලාවේ මම දන්නවා අම්මගේ තත්ත්වය බරපතළයි කියලා. අපි හැමෝම කැමතියි අපි කැමති අය දවසක් හරි අපේ ළඟ තියාගන්න. ‍පොඩි හරි බලා‍පොරොත්තුවක් ඇති කළේ ඩොක්ටර් සිරිවර්ධන විතරයි. අයිසීයූ යුනිට් එකේ ඉඩ නැතිව අම්මව දාලා තිබුණේ වාට්ටුවට අයිසීයූ යුනිට් එකක් හදලා. මට දුක හිතුණා. මොකද මම කැමති නැහැ අම්මා එහෙම ඉන්නවට. ඒ වෙලාවේ අම්මා කොළම ගේන්නත් බැහැ. ඩොක්ටර් සිරිවර්ධන එයාගේ වාට්ටුවට ගත්තා. එතැනට ගියාම ඔළුවට මාර නිදහසක් දැනුණා. අම්මගේ හොඳට එහෙම වුණා කියලා හිතුණා. ‍පොඩි බලා‍පොරොත්තුවක් ආවා අම්මා දිගටම අපිත් එක්ක ඉඳීවි කියලා. ඒ අය ඔපරේෂන් කරලා උත්සාහ කළා ඇයව ජීවත් කරවන්න. ඒ නිසයි මම ඒක පරිත්‍යාග කළේ. මම විතරක් ‍නෙවෙයි ඒ හොස්පිට්ල් එකට යන හැමෝම මොනවා හරි පරිත්‍යාග කරනවා. ලංකාවේ හැම තැනම එහෙම පිරිසිදුව පිළිවෙළට තියාගන්න පුළුවන් නම් මීට වඩා ප්‍රශ්න අඩුවෙනවා.

මව අසනීප වෙලා හිටියද?

අසනීප වෙලා හිටියේ නැහැ. මම හැම ඉරිදාකම ගෙදර යනවා නුවර අම්මව බලන්න. එදාට අම්මා මට උයලා තියෙනවා. අපි කතා කරනවා, හවසට ඇවිදින්න යනවා. ඒ දේ නිසා ඇයට හරිම සතුටුයි. එයා කොළඹ ආවට කැමැති නැවතිලා ඉන්න. ආවත් දවසයි දෙකයි ඉන්නේ. කැමති නුවර ඉන්න. එයාගේ වටපිටාව, මිනිස්සු එයාට ඕන. මට එක සතියක් අම්මව බලන්න යන්න බැරිවුණා. ඒ නිසා ඊළඟ සතියේ අම්මව බලන්න නුවර ගිහින් අම්මවත් එක්කන් කොළඹ ආවා. පහුවැනිදා අම්මා ආපහු හවසම නුවර යන්න ඕන කිව්වා. මම බල කළේ නැහැ එයාට ඉන්න කියලා. සවස්වෙලා නිසා මම යන්නත් එපා කිව්වා. අම්මා නුවර ගිහින් රෑ නවයට විතර කෝල් කරලා කිව්වා එයා නුවර ආවා කියලා. අම්මා වොෂ් එකක් දාගෙන ආපහු මට කතා කරලා කිව්වා එයාට ඔළුව කැක්කුමයි කියලා. මම එයාට කිව්වා ‍පොඩ්ඩක් ඉඳගන්න කියලා. ඒ කාලය තුළ එයාට සිහිය නැතිවෙලා තියෙනවා. මගේ යාළුවෝ තමයි අම්මව හොස්පිට්ල් ගෙනිහින් තිබ්බේ. කොලෙස්ටරෝල් නිසා තමයි එහෙම වෙලා තිබුණේ. එයා ලොකු අසනීපයකින් හිටියේ නැහැ.

සුරාජ් ඒ වෙලාවෙම අම්මව බලන්න ගියාද?

ඔව්. මම එවෙ‍ලේම මගේ කොළඹ ඉන්න යාළුවෙක් එක්ක නුවර ගියා. පැය දෙකෙන් කොහොම හරි නුවර ගියා. මට තේරෙන දෙයක් තමයි අපට යන්න වෙලාව ආවහම මොනව කළත් නවත්වන්න බැහැ. ඇත්තටම නවත්වන්න පුළුවන් වුණා නම් මම අම්මට යන්න නොදී තියාගන්නවා. මරණය ආවහම අපට යන්නම වෙනවා.

අම්මා දවස් කීයක් රෝහල්ගත වෙලා හිටියද?

පොඩියට හරි දවස් තුනක් හිටියා. මට හිත හදාගන්න පුළුවන් වුණේ එයාට වැඩි වෙලාවක් වේදනාවෙන් ඉන්න වුණේ නැහැ. උපරිම විනාඩි දහයක් වගෙයි හිටියේ. ඒ විනාඩි දහය ඇතුළත එයා සිහිය නැතිවෙලා හිටියේ නැහැ. එයා කෑ ගහලා විඳෙව්වේ නැහැ. හැමෝම කියනවා වාසනාවන්ත මරණයක් කියලා. මොකද එයා කොළඹ ඉඳන් නුවර ගෙදරට ගියා. මොකද එයා ජීවත්වෙලා ඉද්දි නිතරම කියපු දෙයක් තමයි කවදාහරි මම මැරෙන්නේ මගේ ගෙදර කියලා. අක්කලා දෙන්නම ඉන්නේ රට. එයා එහේ ගියෙත් නැහැ. එයා නිදහසේ හිටපු කෙනෙක්. මොකද අපි එයාව බලෙන් තියාගන්න හැදුවේ නැහැ.

අම්මා නැතිවෙද්දි සුරාජ් ඇය ගාවද හිටියේ?

මම හොස්පිට්ල් එකේ හිටියේ. මම ඇය අසනීප වුණු වෙලාවේ ඉඳන් ඇයව තනි කළේ නැහැ. දවස් තුනම හිටියේ රෝහ‍ලේ. මම එතැන නැතිවෙලාවට අම්මා නැති වුණොතින් නම් ඒක මට දුකක්. මොකද මට එහෙම දෙයක් වුණා. තාත්තා ළඟ ඉඳලා පැය දෙකකට ඇඳුම් මාරු කරන්න ගෙදර ආපු වෙලාවේ තමයි මගේ තාත්තා නැතිවුණේ. එදා මට ලොකු දුකක් ඇතිවුණා මම නොගියා නම් කියලා. ඒකයි මම අම්මා ගාවම හිටියේ. අම්මට ටිකක් අමාරුයි කියලා ඩොක්ටර් ඇවිත් කිව්වා. හරියටම පාන්දර එකට විතර ඇති. මම අක්කලාටත් ඉක්මනට කෝල් කළා. අන්තිමට මට හොස්පිට්ල් එකේ ඩොක්ටර්ස්ලගේ කාමරය දුන්නා නිදාගන්න. රෝහ‍ලේ ඩොක්ටර්ස්ලා මට පුදුම සහායක් දුන්නේ. ඩොක්ටර් කිව්වා අම්මට හොඳටම අමාරුයි කියලා. මට බැහැනේ එයාට යන්න නොදී ඉන්න. මට කෑගහලා කියන්න බැහැ ඉන්න කියලා. අම්මත් උත්සාහ කළා අපිත් එක්ක තවත් ඉන්න. ඒ වෙලාවේ මට අම්මව අත්හරින්න වුණා. එයා අමාරුවෙන් තියාගන්නවට වඩා මම හිතුවේ එයාට යන්න දෙනවා කියලා. මට හිත හදාගන්න ගොඩක්ම අමාරුයි. ඒත් මම කියලා මොනවද කරන්නද?

සුරාජුයි, අම්මයි අතර තිබුණේ ලොකු බැඳීමක්. අම්මගේ වියෝවත් එක්ක මොන විදිහටද සුරාජ්ට ඒ දේ දැනුණේ?

මම අම්මයි, තාත්තයි ජීවත්වෙලා ඉන්න කා‍ලේ ඒ අය උපරිම සතුටින් තියන්න උත්සාහ කළා. මම යන තැන ඒ අය එක්කන් ගියා. අක්කලා දෙන්නත් පුදුම විදිහට සැප සම්පත් දුන්නා. අපි ඔක්කොම උත්සාහ කළේ ඉන්න කාලෙදි උපරිම සැප දීලා සතුටින් තියන්න. ඒ දෙන්නා හොඳට සතුටින් හිටියේ. මගේ යාළුවෝ මටත් වඩා මගේ අම්මටයි, තාත්තටයි හරි ආදරෙයි. තාත්තා, අම්මා මගේ යහළුවන්ට කතා කරලා දුක සැප අහනවා. මගේ යහළුවන්ටත් ගොඩක් දුකයි. දමිතා අක්කා. සූර්යා හරි හිතවත්. තව කලා ක්ෂේත්‍රයේ ඉන්න අය හැමෝම එක්ක හරිම ආදරෙන් කතා කරනවා. මගේ හැම ප්‍රසංගයක්ම පුළුවන් හැම වෙලාවකම බලන්න එක්කන් යනවා. එයා නැති අඩුව දැනෙනවා. ඒත් පසුතැවීමක් නැහැ. මොකද අපි ජීවත්වෙලා ඉන්න කා‍ලේ ඒ අයට හොඳට සලකපු නිසා.

අම්මට බලා‍පොරොත්තුවක් තිබුණා නේද සුරාජ් විවාහ වෙයි කියලා?

ඒ බලා‍පොරොත්තුව ඉටු කරන්න බැරිවුණා. ඒ අය හරිම ආසාවෙන් හිටියේ මම විවාහවෙලා මගේ බබාලව හුරතල් කරන්න. එහෙම ආසාවක් තිබුණට ඒ අය මට කරදර කළේ නැහැ. බඳින්න කියලා කිව්වට පස්සෙන් පැන්නුවේ නැහැ. ඒ අය ‍පොඩි දුකකින් හිටියා. කැමති කෙනා ඉක්මනට බඳින්න කියලා තමයි මගේ අම්මා, තාත්තා කිව්වේ. ප්‍රශ්නේ කැමති කෙනෙක් නැති එක. මම හිතන්නේ හැමදේම කර්මය අනුව සිද්ධ වෙන්නේ. අපිට කෙනෙක් ගැන විශේෂ හැඟීමක් තියෙන්න ඕන විවාහ වෙන්න. තවම ඒ විශේෂ කෙනා හමුවෙලා නැහැ.

මවගේ වියෝවෙන් පසුව සුරාජ්ට සහෝදරියෝ කතා කළේ නැද්ද?

ඒ අය නිතරම කතා කරලා මට එන්න කියනවා. මම යන්න කැමති නැහැ. මම මගේ රටට වගේම මගේ රස්සාවට හරිම ආදරෙයි. අනාගතයේ මම විදේශගත වෙයිද කියන්න බැහැ.

තිළිණි කරුණාරත්න









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top