Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 17
1,060
Views

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍ර්හිම්ට මේ වසර වාසනාවන්ත වසරක් වී ඇත.
ඒ ඔහු මේ වසරේ මේ දක්වා රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකම අති සාර්ථක වීමය.

මැයි 25 වැනිදා ජෝන්ගේ පළමු චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර, ඒ ‘පාරමාණු ද ස්ටෝරි ඔෆ් ද පෝක්රාන්’ චිත්‍රපටයයි.

එය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 65ක ආදායමක් උපයාගනු ලැබීය.

ජෝන්ගේ දෙවැනි චිත්‍රපටය වූයේ අගෝස්තු 13 වැනිදා ප්‍රදර්ශනය වූ ‘සත්‍යමේවා ජායති’ චිත්‍රපටයයි.

එය මේ වනවිටද ප්‍රදර්ශනය වෙමින් පවතින අතර, එය ඉන්දියාවේ පමණක් කෝටි 90ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ජෝන්ගේ සමිපතම මිතුරෙකු වු ආක්ෂේ කුමාර්ගේ ‘ගෝල්ඩ්’ චිත්‍රපටයත් ‘සත්‍යමේවා ජායති’ චිත්‍රපටය තිරගත වූ දිනයේදීම ප්‍රදර්ශනය ඇරඹිමය.

කෙසේ වෙතත්, ඉන් ජෝන්ගේ චිත්‍රපටයට කිසිදු හානියක් නොවු අතර, චිත්‍රපට දෙකම තිරගත වූ කාල සීමාවේදී අති සාර්ථක විය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top