Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 17
437
Views

මේ ඉන්නෙ ප්‍රවීන රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන සහ සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් වන ෂෙහාන් ජයසූරියයි.

 දැන් මේ දෙදෙනාගේ ආදර කතාව ලෝකයට රහසක් නොවෙයි. කවීෂා පදිංචිව සිටින්නෙ ඇමරිකාවේ වුවද කවීෂා ලෝකයේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට පියඹා පැමිණෙන්නේ මේ ක්‍රිකට් තරුව ක්‍රීඩා කරන හැටි නැරඹීමටයි. 

ෂෙහාන් ජයසූරියගෙ සම්පූර්ණ නම ලෙස සඳහන් වන්නෙ ගම්පලගේ නවීන්ද ඞී. ෆොන්සේකා ගුණවර්ධන ජයසූරිය යනුවෙනි. කොළඹ දී උපත ලද ෂෙහාන් මොරටුව වේල්ස්කුමර විදුහලේ ආදි සිසුවෙකි.

ෂෙහාන්, සෑහෙන දිග නමක්?

ඔව්, හැබැයි එහෙම වුණාට වැඩි දෙනෙක් ඒ නම ගැන දන්නේ නැහැ. ෂෙහාන් කියලා තමයි හැමෝම කියන්නෙ.



ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම ඇතුළත් වුණේ?

2015 අගෝස්තු 1 වැනිදා.



කවීෂාගේ ප්‍රේමය ගැන කිව්වොත්? දැන් කොච්චර කල්ද පෙම්වතුන් වෙලා?

අවුරුදු දෙක තුනක් වෙනවා.



දන්න කියන කාලයේ ඉඳලාම කවීෂා සිටින්නෙ ඇමරිකාවෙ. කොහොමද ෂෙහාන් කෙරෙහි හිත ගියේ?

ඒක ෂෙහාන්ගෙන්ම අහන්න.



ෂෙහාන් ඒ ගැන කිව්වොත්?

අපි ඉතින් මුලින්ම නම් හඳුනා ගන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ. පසුව අපි දෙන්නා කතාබහ කරන්න පටන් ගත්තා. පසුව අපි ෆේස්බුක් හරහා මිතුරන් වුණා. ඒ මිතුරුකම තමයි පසු කාලෙක ප්‍රේමයකට හැරවුණේ.



එයා ඩිලානිගෙ දුව කියලා දැනගෙන හිටියද?

අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තට පස්සෙ මම දැන ගත්තා. එයා කාගෙ කවුද කියන එකට වඩා අපෙ අදහස් තමයි ගැලපුනේ.



ෂෙහාන්ට කවීෂා ගැන හිත ගියේ ඒ නිසාද?

එයා කතා කරද්දි එයාගේ හදවත දැනෙනවා. මුලින්ම එයාගෙන් මම ඇහුවාම එයා මොනවත් කිව්වෙ නැහැ. මගහැරලා වගේ හිටියා.



කවීෂා ඇයි එහෙම කළේ?

ඒක මටත් හිතාගන්න බැහැ. මාසයක් විතර මම චැට් නොකරත් හිටියා. කොහොම වුණත් මාස පහකට විතර පසුව ෂෙහාන් මට ඇමතුමක් ගත්තා. ඒ ඇමතුම මම හිතන්නෙ සමහර විට ලෝකයේ දිගම කෝල් එකද මන්දා.



ඒ කිව්වේ?

එදා ඒ විදියට කතා කරපු ෂෙහාන් පැය ගාණක් දිගටම කතා කළා. ඇත්තටම මටත් ෆෝන් එක තියන්නම හිතුණෙ නැහැ. ඊට පෙර මම එයාට වචනයක් නොදුන්නෙ සහ කතා නොකර හිටියෙ ආදරය කරන්න තරම් සූදානමකින් නොසිටි නිසයි. ඒ වනවිට මගේ අධ්‍යාපන කටයුතුවල තීරණාත්මක අවස්ථාවක හිටියෙ.


දැන් ‘කවි’ මොනවද කරන්නෙ?

ව්‍යාපාර කළමනාකරණය ගැන උපාධිය ලබා ගත්තා. දැන් වසරක සිට මම පරිගණක ආරක්‍ෂණ සමාගමක සේවය කරනවා. ලබන අවුරුද්දෙ මම මගේ ශාස්ත්‍රපති උපාධිය පටන් ගන්න සූදානමින් සිටින්නෙ.



ෂෙහාන් ඔබගෙ අරමුණ මොකක්ද?

මම දන්න කාලයෙ ඉඳලාම ක්‍රිකට් ගැනම තමයි හිතුවෙ. ඒ නිසා අම්මා තාත්තා පවා වෙන දේකට මාව බල කළේ නැහැ.



ෂෙහාන්ගෙ පවුලෙ විස්තර කිව්වොත්?

අම්මා, තාත්තා, අක්කා සහ මම.



කවීෂා ඔබට ක්‍රිකට් ගැන ආසාවක් ඇතිවුණේ කොහොමද?

අවුරුදු පහක් විතර තිස්සේ තමයි මම ක්‍රිකට් නරඹන්න සහ ඒ ගැන උනන්දු වුණේ. හැබැයි එදා මම ඉපදෙන්න සිටියදී 96 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනුවාම තාත්තා දුවගෙන ඇවිත් අම්මාගේ ඇඟට පැන්නලූ. එයා සතුට ප්‍රකාශ කරලා තියෙන්නෙ ඒ විදියටයි. එදා ඒ ලෝකශූර කණ්ඩායමම අම්මගෙ සහ තාත්තගෙ යාළුවෝ කියලත් අපට කියලා තියෙනවා. ඉතින් ක්‍රිකට් බැඳීම ගැන කිව්වොත් ඒක මම උපදින්නත් පෙර සිට ඇතිවූ දෙයක්. අද තාත්තා නම් කියන්නේ මම ක්‍රිකට්වලට ආසා එදා තාත්තා සහ අම්මා හොඳ ක්‍රිකට්ලෝලීන් වීම නිසා වෙන්න ඇතිලූ.



දෙන්නගෙ උපන් දිනය සැප්තැම්බර් 12 වැනිදා කියන්නේ ඇත්තද?

ඔව්, දෙන්නම ඉපදිලා තියෙන්නේ සැප්තැම්බර් මාසයේ 12 වැනිදා.



දැන් කොහොමද උපන් දිනය සමරන්න හිතාගෙන ඉන්නේ?

ලොකු පාටි, උත්සව නැහැ. නමුත් මේ පාර දෙදෙනාටම එකට එය සමරන්න ලැබීම නිසා ලොකු සතුටකින් ඉන්නෙ.


කවි ගැන ෂෙහාන් ගෙදරට කිව්වාම?

මුලින් නම් ගෙදර අය කැමති වුණේ නැහැ. පසුව තේරුම් ගත්තා මම මේක නතර නොකරන වග.



කවීෂා, ෂෙහාන් හමුවන්න ලංකාවට ආ කීවැනි අවස්ථාවද මේ?

ගිය අවුරුද්දෙත් ආවා. ඒත් මේ ගැන කාටවත් කිව්වේ නැහැ. මේ අවස්ථාවෙ තමයි අපි මාධ්‍යයට මේ ගැන හෙළිදරව් කළේ. ගිය වතාවේ මාස තුනක් විතර ලංකාවේ හිටියා. ෂෙහාන්ගේ අම්මා, තාත්තා සහ පවුලේ උදවිය එක්ක අපි රට වටේම සංචාරය කළා.



කවීෂා ඇයි ෂෙහාන්ට කැමති වුණේ?

ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කාර්යබහුල චරිතයක්. එයා නිතර ගෙදර නැහැ. නමුත් ඒ අවබෝධය ගැන තේරුමක් තිබෙන්න ඕනෑ. එයාගෙ ගතිගුණ මා ගැන සොයා බැලීම ඒ වගේම නිහතමානීකම ආදී දේ නිසා මට එයා ගැන ආදරයක් ඇතිවුණා. අපේ අම්මයි, තාත්තයි මුලින්ම කැමති වුණේ නැහැ. ඒත් කාලයක් යද්දී එයාලා දැනගත්තා අපේ ආදරේ තරම. අපේ අම්මා තාත්තා දැන් මටත් වඩා ආදරේ ෂෙහාන්ට.



ෂෙහාන් ඔබ බලන්න නිතර ඇමරිකාවට එනවා නේද?

දැනට තුන් පාරක් විතර ආවා.



ඔබ රඟපානවට ෂෙහාන් කැමතිද?

අපෝ දැන් එයා අකමැතියි. ඒත් පිටපත බලලා හොඳ නම් චරිතය බාර ගන්න කීවා.



දැන් ඔබ ඇමරිකාව අත්හැර ලංකාවට එන්න සූදානම්ද?

මගේ උපාධිය සහ රැකියාව එක්ක ජීවිතය ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙන්නේ ඇමරිකාවෙ හිටියොත්. ඒත් ෂෙහාන් වෙනුවෙන් මට කරන්න තියෙන කැපකිරීම කරන්න මම සූදානම්.



සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top