Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 17
1,306
Views
වාද්දුව ප්‍රදේශයේ පැවති එවැනි මත් සාදයක් නිසා ජීවිත කිහිපයක් අහිමි වූ පුවතද අප වාර්තා කළෙමු.
 එම සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනි විශාල ප්‍රමාණයේ සාදයක් පසුගිය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1, 2 යන දින තුන තුළ සීගිරි පර්වතය පේන මානයේ පහත්ගම වැව් තාවුල්ලේ පවත්වා තිබෙන බවට වාර්තා වේ.

මේ මත් සාදයේ නම වී ඇත්තේ ‘‘ඞීප් ජංගල් ෆෙස්ටිවල් ශ්‍රී ලංකා’’ ය. ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර අන්තර් ජාලය හරහාත් එදින දොරටුවෙනුත් ලබාගැනීමේ පහසුකම් සලසා තිබී ඇති බවත් සදහන්.

තල්කොටේ පහත්ගම වේල්ල ආසන්නයට ගොස් මහ ඝන කැලෑවේ සැතපුම් ගණනක් ඈතට වන්නට ජනශුන්‍ය ප්‍රදේශයක් මෙම ප්‍රසංගය සඳහා තෝරාගෙන තිබී ඇති අතර ඉතා සූක්‍ෂම ලෙස එම පරිශ්‍රය ඔවුන්ගේ සියලූ අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට සාදාගන්නට ඔවුන් සමත් වී තිබේ.

ප්‍රසංග භූමිය දිනකට රු. 30,000 බැගින් දින තුනට රු. 90,000 යන මුදලට ලබාගෙන ඇති අතර දින තුන සඳහා අවශ්‍ය ජලය විශාල අට්ටාල මත තැබූ ටැංකිවලට රැස්කර තිබී ඇති අතර අවශ්‍ය විදුලිය ලබාගැනීමට තැන තැන විදුලි ජනක යන්ත්‍ර කීපයක් ද රඳවා තිබී ඇත. මනා ලෙස සැකසූ වැසිකිළි පද්ධතියකින්ද සමන්විත වූ ප්‍රසංග භූමියේ දිය නෑමට වතුර මල් ද සවිකර දවස් තුන ඒ භූමිය තුළ ලැඟුම් ගැනීමට ටෙන්ට් රෙදි ආධාරයෙන් සකස් කළ කූඩාරම් කුලී කාමර ලෙස ලබාගැනීමේ පහසුකම් ද සලසා තිබේ. දින තුනටම මෙම සාදයට සහභාගි වූ පිරිස් දිනකට රු. 3000 බැගින් දින තුනට රු. 9000 ක මුදලක් ගෙවා සාදයට සහභාගී වී තිබුනි.

දේශීය මෙන්ම විදේශීය ජාතිකයන් ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සාදය පිළිබදව තොරතුරු වාර්තා වූ එම ප්‍රදේශයේ ජීවත් වූ ගැමියෙකු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථන මාර්ගයෙන් මෙම සාදය පිළිබදව දැනුම් දී තිබේ.

එසැණින් ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා විමර්ශන කටයුතු සඳහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ඒ වෙත යොමුකර ඇත.

සීගිරිය තල්කොටේ පහත්ගම සැකකටයුතු ප්‍රදේශට ළං වුවද එම නිලධාරීන්ට සාදයක් පැවැත්වෙන බවට ඉඟියක්වත් නොලැබන්නේ ඉතා සැලසුම් සහගතව මහ ඝන කැලෑවෙන් වැසුණු ප්‍රදේශයක මේ සියල්ල සිදුවී තිබීම හේතුවෙනි.

එහෙත් තම උත්සාහය අතනොහරින පොලිස් නිළධාරීන් අවසානයේ පහත්ගම වැවේ වේල්ල ආසන්නයට පැමිණීමත් සමග ඒ අසල නතර කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථ දෙක තුනක් දැකගැනීමට ලැබීමත් සමග ඒවා පසුකර තවත් ඒ මාර්ගයේ ඉදිරියට යද්දී තවත් එවැනිම රථ විශාල ප්‍රමාණයක් දකින්නට ලැබුනු නිසා කැලය පීරමින් තව තවත් කැලෑව තුළට ගමන් කරන්නේය.

වේලාව අලූයම 1.00 ද පසුවී තිබු මොහොතක මත් සාදයේ ඞී. ජේ. හඬ ඇසෙන්නට වූයෙන් පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය ග්‍රහණය කර ගත්තේය. මත් සාදයේ සංවිධායකයෝ පොලිස් නිලධාරීන්ට පවසා තිබුනේ මෙම සාදය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම උදෙසා සංවිධානය කර තිබූ ප්‍රසංගයක් බවය. සාදයට පොලීසිය කඩා පනිද්දි මත්වූ තරුණ තරුණියන් සිට ඇත්තේ නිරුවතින් අනඟ රැගුම් පාමිනි.

විදේශීය මෙන්ම අපේ රටේ තරුණ පිරිස 1000 කට වඩා ඒ අවස්ථාවේ ප්‍රසංග භූමියේ රැඳී සිට ඇති අතර ඉන් බොහෝ දෙනෙක් හිස් මත්පැන් බෝතල් 300 ක් සහ බියර් ටින් 1500 ක් අතර මත්වී වැටී සිට ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය බහා තබන අසුරණ මෙන්ම උපත් පාලන කොපුු, ගැබ් ගැනීම වළක්වාලන පෙති වර්ග දවටන ප්‍රසංග භූමියේ සීසීකඩ විසිරී තිබූ බවත් සදහන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top