Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 16
1,200
Views
ගලපිටමඩ – වල්ගම්පත ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් දෙදෙනකු කසිප්පු පානය කිරීමෙන් පසු එහි සිටි අවුරුදු 66 ක්‌ වූ ගෙහිමි කාන්තාව සිහිනැති වන තුරු මාරුවෙන් මාරුවට දූෂණය කළ තරුණයන් දෙදෙනකු රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 ගලපිටමඩ – වල්ගම්පත ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයන් දෙදෙනකු කසිප්පු පානය කිරීමෙන් පසු එහි සිටි අවුරුදු 66 ක්‌ වූ ගෙහිමි කාන්තාව සිහිනැති වන තුරු මාරුවෙන් මාරුවට දූෂණය කළ තරුණයන් දෙදෙනකු රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණයට ලක්‌ වූ කාන්තාව සමඟ ජීවත්වන ඇගේ සැමියාට ඉකුත් අප්‍රේල් 26 දින පණිවිඩයක්‌ එවූ මෙම තරුණයන් තැඹිලි කැපීමට පැමිණෙන තමන්ට ඌරුමස්‌ උයා තබන ලෙස දන්වා තිබේ.

ඒ අනුව එදින කසිප්පු බෝතල් දෙකක්‌ ද රැගෙන පැමිණි ඔවුන් ගෙහිමියා සමඟ ඌරුමස්‌ කමින් කසිප්පු පානය කර ඇත. එහිදී විකිණීමට ඇති ගසක්‌ පිළිබඳව ගෙහිමියා පැවසූ පසු එකී ගස බැලීමට ගොස්‌ ගෙහිමියා හැඳ සිටි සරමෙන් ම ඔහු එම ගසේ බැඳ ආපසු නිවසට පැමිණි තරුණන් දෙදෙනා ගෙහිමි කාන්තාව දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.

එහිදී ගෙහිමි කාන්තාව සිහිනැති වීම නිසා බියට පත් වූ තරුණයන් දෙදෙනා සරම කිහිපතැනකින් කපා ගෙහිමියා නිදහස්‌ කර පලා යැමෙන් පසු නිරුවතින් නිවසට පැමිණි ගෙහිමියා විසින් බිරිඳ සිහිගන්වා ඇති බව ද පොලිසිය පවසයි.

එසේ සිටියදී තරුණයන්ගෙන් එල්ල වූ තර්ජන නිසා දින ගණනාවක්‌ ගත වී ඉකුත් 27 දින ඔවුන් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අත්තනගල්ල. හුණුපොල පදිංචි එම්. ඒ. දිනුක්‌ සමරවීර හා ආර්. ඒ. සුජිත් ධම්මික රාජපක්‍ෂ යන සැකකරුවන් රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත් බුද්ධිනි අබේසිංහ මහත්මිය හමුවට පමුණුවන ලදුව අප්‍රේල් මස 6 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රුවන්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පෙරේරා, සැරයන්වරුන් වන ජයරත්න හා සුනිල් හා කොස්‌තාපල්වරුන් වන සෙනෙවිරත්න, ප්‍රේමදාස හා බණ්‌ඩාර යන නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වති.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top