Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 16
398
Views
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කතාබහට ලක්වී තිබෙන්නේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායමේ අවස්තාවක් ඔහුට හිමිවීමත් සමගයි.

 

 ඒ ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් මාලිංගට හිමි වීමත් සමගයි.

මේ අතර ආසියානු කුසලානය සදහා සුදානම් වන මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කර ඇති බවට වාර්තා වෙනවා. ලසිත් මාලිංගගේ නව රැවුල් විලාසිතාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රාගේ රැවුල් විලාසිතාවට අතිශය සමාන බවට සමාජජාලාවන්හී කතාබහක් ඇතිව තිබුනා.

මේ අතර ආසියානු කුසලානය වෙනුවෙන් සිය රැවුල් විලාසිතාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද කටයුතු කර තිබෙනවා. ඒ ලසිත් මාලිංග සිය රැවුල් විලාසිතාව වෙනස් කරමින් සමාජජාලා මාධ්‍යවලට විඩියෝ නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ලොව පුරා ප්‍රචලිත වූ BreakTheBeard අභියෝගය අනුගමනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙසින් සිය රැවුල් විලාසිතාව වෙනස් කොට තිබෙනවා.

ලසිත් මාලිංග සහ නිරෝෂන් දික්වැල්ල සිය රැවුල් විලාසිතා වෙනස් කළ අයුරු පහතින් බලන්න.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top