Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 15
277
Views
යතුරුපැදියක පසුපස රෝදය සහ සයිලන්සරය අතර හිස සිරකරගත් පුද්ගලයෙකු බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු වියට්නාමයේ ජීවත්වන පුද්ගලකයෙකු මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා පසු දින රාත්‍රියේ සිය යතුරුපැදිය අසල නිදාගන ඇති අතර පෙර දින උදෑසන ගම්වාසීන් විසින් දැක ඇත්තේ ඔහු යතුරුපැදියේ පසුපස රෝදය සහ සයිලන්සරය අතර හිස සිරකරගෙන සිටින ආකාරයයි.

එම අවස්ථාවේදීත් ඔහු තද නින්දේ පසුව සිට ඇති අතර ප්‍රදේශවාසින් එම ස්ථානයට පැමිණ කතාබහ කරන ශබ්දයට ඔහු අවදි වී තිබෙනවා.

අදාල පුද්ගලයා එම අවස්ථාවේ අවදි වූවද යතුරුපැදියේ සිරව තිබූ හිස ඉන් මුදවා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ගම්වාසීන් එක්ව යතුරුපැදියේ සිරව තිබූ, පුද්ගලයාගේ හිස ඉන් පිටතට ගෙන ඇති අතර අදාල පුද්ගලයා පවසා ඇත්තේ තම හිස යතුරුපැදියේ පසුපස රෝදය සහ සයිලන්සරය අතර සිරවුයේ කෙසේදැයි තමන් නොදන්නා බවයි.

කෙසේ වෙතත් ඔහු පසුදින රාත්‍රියේ බීමතින් යතුරුපැදිය අසල නිදාගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.




















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top