Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
586
Views
ජොඇනා පලානි යනු ඩෙන්මාර්කයේ ජිවත් වන 23 හැවිරිදි දේශපාලන ශිෂ්‍යාවකි.



ඇගේ හිසට ඩොලර් මිලියනයක ත්‍යාගයක් හිමි වී තියෙන්නේ ඉරාකය හා සිරියාව තුල සටන් වදින ISIS ත්‍රස්තයන් 100 දෙනෙක්ව ඝාතනය කර ඇති නිසායි.







ඉරාන කුර්දි පෙලපතට අයත් වන ජොඇනා, පලමු ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරානයේ රමාදි හි සරණාගත කදවුරක උපත ලබා තියෙනවා.

9වන වියේදී ප්‍රථම වෙඩි තැබීම සිදු කල ඇය2014 වර්ෂයේදී විද්‍යාලයෙන් නික්මී සිරියාව වෙත ගොස් තියෙනවා.

සිරියානු ආණ්ඩුවට එරෙහිව හා අරාබි වසන්තයට එරෙහිව පලමු සටන අසාද් තන්ත්‍රය වෙනුවෙන් කල අතර පසුව ISIS එරෙහිව සටන් කලා.

තුර්කියට මායිම්ව තිබෙන සිරියානු නගරයක් වන කොබනේ හි ද සටන් කල ඇය කුර්දි ජනයාගේ ආරක්ෂක ඒකකය වන (YPG) සමගද සටනට එක්වුනා.

ඒ වගෙම ඉරාකයේ පෙෂ්මර්ගා බලඇනිය සමග සටන් කරමින් ලිංගික වහලුන් ලෙස බන්ධනාගාර ගත කර සිටි යසිඩි ගැහැණුන්ව මුදා ගැනීමටද ඇය දායක වුනා.


2015 සැප්තැම්බර් මාසයේදී සටන් වලින් පසු නැවත පැමිනි ඇයව ඩෙන්මාර්ක් බලධාරින්ගේ අවදානයට යොමු වුනා.

ඇයට එම කලාප වලට නැවත ගමන් කිරීම තහනම් කල අතර ඩෙන්මාර්කයේ විශාලම බන්ධනාගාරය වන Vestre Fængsel හි සති 3ක් කාලයක් සිරගත කරනු ලැබුවා.

ඇගේ ගමන් බලපත්‍රයද අවලංගු කර ඇති අතර ඇයව එම රට තුල ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර තියෙනවා. පලි ගැනීමේ භීතියෙන් නිතරම ස්ථාන වෙනස් කරමින් ජිවත් වන ඇය “නීතිය කඩා දැමීම පිලිබද මට කණගාටුයි, නමුත් ඒ මොහොතේදී මගේ හිතේ වෙනත් අරමුණක් තිබුනේ නැහැ” යනුවෙන් පවසා තියෙනවා.


“මගේ හිසට ඩොලර් මිලියන1 ක් හිමිවේ.

මාව සොයා ගැනිමට හා මරා දැමීමට හැකි වුනද, මේ තත්වය තුල මා ඩෙන්මාර්කය තුලම සිටිනවා”

ජොඇනා පලානි තවමත් තරුණියක්, ඇය 2014දී විද්‍යාලයෙන් පිටව සිරියානු යුද්ධයට එකතු වුනා.



ඇය ෆේස්බුක් මත සටහන් කර තිබුනේ “කාන්තා අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සදහා සටන් කිරීමට යුරෝපිය අගයන් සදහා මම ඩෙන්මාර්ක කෙල්ලක මෙන් ඉගෙන ගත්තා”
 



ඉරාකයේ හා සිරියාවේ කුර්දි පෙෂ්මර්ග සමග සටන් වදිද්දි ඇය ISIS සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් මරා දමා තියෙනවා.




ලිංගික වහලුන් ලෙස බන්ධනාගාරගත වූ යසිඩි ගැහැනුන් මුදා ගැනීමටද ඇය දායක වුනා.


“අපි ISIS ලිංගික වහලුන්ගේ නිවෙස් මුදා ගැනීමට සූදානම් වෙමින් සිටියදී මෙසේ ප්‍රකාශ කලා – එක් සටන් කරුවෙකු මුදවා ගැනීමට ගිය නමුත් තව බොහෝ සටන් කරුවන් ආපසු එනු ඇත”


“මා ස්නයිපර් කරුවෙකු ලෙස දින 9ක් එක දිගට රැදී සිටියා. ඔබ ඉතා ඉවසිලිවන්ත විය යුතුය. අවධානය යොමු කල යුතුය. එක මොහොතකවත් එකගතාව නැතිකර නොගත යුතුය”


ඇගේ ක්‍රියාවන් ඩෙන්මාර්ක බලධාරින්ගේ අවදානයට ලක් වූ අතර. 2015 සෑප්තැම්බර් මාසයේ සටන් වලින් නැවත පැමිණි විට ඇයට නැවත කලාපයට යාමට තහනම් කලා.


තනිව සටන් කිරීමට ඇගේ සහෝදරවරුන්ව අතහැර දැමීමට නොහැකි වූ නිසා සිරියාවේ දේශසීමා තරණය කිරිමට ඇය රාත්‍රිය පුරා පැය 7ක් එක දිගට ගමන් කලා.


ආපසු පැමිනි විට ඇය ඩෙන්මාර්කයේ විශාලම බන්ධනාගාරයේ සති 3ක් සිර කරනු ලැබුවා.


තම රට තුල ඇයව ත්‍රස්තවාදියකු ලෙස සලකන බව ඇය විශ්වාස කරන අතර පලිගැනීමේ භීතියෙන් සැගවෙමින් ඇය ජිවත් වෙනවා.


“නීතිය කඩ කිරීම ගැන මට කණගාටුයි, නමුත් ඒ අවස්තාවේ මගේ මනස තුල වෙනත් තෝරා ගැනීමක් තිබුනේ නැහැ” ඇය පවසා තිබෙනවා.

“මගේ ජීවිතය අවදානමේ දැමු දෙයම, දැන් මගේ නිදහස පැහැර ගන්නවා. අපේ නිදහස හා ආරක්ෂාව වෙනුවෙන් සටන් කලාට සැම දෙයක්ම අහිමි වේ යැයි මම අපෙක්ෂා කලේ නැහැ”


මේ සුන්දර සටන්කාමී තරුණිය ගැන ඔයාට මොකද හිතෙන්නේ? අදහස් අපිට කියන්න. සුභ දවසක්.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top