Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
415
Views
පුහුණුවට ගියාට පස්සෙ එයාගෙ වෙනසක් දැනුණා“
“එයා කළ හොර වැඩේ අතටම අහුවුණා“

අරලුගස්හින්න, කැටවල, ජගුල්ල ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බව පළමු වැනිදා පොලිසියට වාර්තා වන්නේ 119 අංකයට ලැබුණු ඇමතුමක් මඟිනි.

පසුව පොලිසිය එම ස්ථානයට යන විට අසල්වැසියන් විසින් ගින්න නිවා දැවීමට කටයුතු කර තිබූ අතර පොලිසිය දොර කඩා නිවසට ඇතුළු වූ විට දැක ගන්නට ලැබුණේ කාමරයක ඇඳ අසළ මුනින් අතට වැටුණු කාන්තා මළ සිරුරක් ඇති බවයි.

එසේ මියගොස් තිබුණේ චන්දිමා නම් පොලිස් කොස්තාපල්වරියකි. මීට මාස කිහිපයකට පෙර ඇය කොස්තාපල්වරියක ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා වලාන දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිට තිබේ.

මව්පියන් මියයාම හේතුවෙන් ඇය හැදී වැඩී තිබුනේ සිය පියාගේ මල්ලිගේ නිවසේය.

ඇගේ බාප්පාගේ රැකියාව වුණේ වත්තක කම්කරු සේවයේ නියැලීමය. ඊට අමතරව එම වත්තේ ක්ෂේත්‍ර නිලධාරී තුසිත පෙරේරාගේ පෞද්ගලික කටයුතු ද ඔහුට පැවතී තිබුණි.

යම් කිසි අවශ්‍යතාවක් සඳහා මීට වසර 4 කට පමණ පෙර චන්දිමා තුසිතට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එයින් ඇරඹුණු හිතවත්කම ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත්වන තෙක්ම දුරදිග ගියේය.

දෙදෙනා පදිංචිව සිටියේ වැඩි ඈතක නොවන නිසා දෙදෙනාට හමුවීම ද අපහසු නොවුණු අතර ඒ නිසාම ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ද ඔවුන් කටයුතු කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට පත්වූ ඇගේ පෙම්වතා බව පැවසෙන තුසිත නම් පුද්ගලයා විසින් සියල්ල පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණේ මෙලෙසිනි.

“එයා මගේ ක්වාටස් එකට එනවා. ආවාම අඹුසැමියන් ලෙස හැසිරෙනවා. එයා පොලිසියට බැඳෙනවා කිව්වම මං ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ.“

“කළුතර පී.ටී.එස්. එකට ට්‍රේනින් ගියාට පස්සේ හැමදාම රෑට මාත් එක්ක ෆෝන් එකෙන් ගොඩක් වෙලා කතා කරනවා. එයා වලාන දූෂණ මර්දන ඒකකයට ගිහින් ටික දවසක් යද්දී මට එයාගෙ වෙනසක් දැණුනා. වෙනදා වගේ මාත් එක්ක දිගට කතාකර කර ඉන්නේ නෑ. ටිකක් කතා කරලා ෆෝන් එක ඕෆ් කරලා දානවා. ඒ නිසා අපි අතරේ පොඩ් රණ්ඩුත් ඇතිවුණා.“

“තිස් වෙනිදා හවස 3 ට විතර මට කෝල් කරලා කිව්වා අද නිවාඩු එනවා ඇඳුම් බෑග් එක ලෑස්ති කරන ගමන් කියලා. එහෙම කතා කරද්දී මට තව ෆෝන් එකක් රින් වෙනවා ඇහුණා. මං ඒක කාගෙද කියලා අහද්දි කිව්වා යාළුවෙක්ගෙ කියලා. මට සැක හිතුණා එයා මට හොරෙන් තව ෆෝන් එකක් පාවිච්චි කරනවා ඇති කියලා. එයා ඒ කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා දැම්මා.“

“එදා රෑ නවයයි කාලට විතර මට කෝල් කරලා කිව්වා ඇටම්පිටියට ඇවිත් එක්කගෙන යන්න කියලා. මං යාළුවෙක්ගේ බයිසිකලයක් අරන් එයාව එක්කන් මගේ ක්වාටස් එකට ඇවිත් එදා රෑත් අඹුසැමියන් ලෙස හිටියා. ඒ අතරේ එයාට කෝල් එකක් ආවා. ඒකට කතා කරපු විදිහට මට සැක හිතුණා. එයා කිව්වා ගෙදරින් කතා කරනවා අපි දැන් යමු කියලා. ඊට පස්සේ එයාව ගෙදරට ඇරලවලා ආවා.“

ඊට පහුවෙනිදා රෑ අපි ෆෝන් එකෙන් කතා කළා. ඒත් වැඩි කතාබහක් නැතුව ගුඩ් නයිට් කියලා ෆෝන් එක ඕෆ් කරලා තිබුණා. මට එයා ගැන සැක හිතුණ නිසා රෑ 10 ට විතර හෙමින් සීරුවේ එයාලගේ ගේ ළඟට ගිහින් ජනේලෙන් එයාගේ කාමරේ ඇතුළ බැලුවා. කාමරේ ලයිට් ඕෆ් කරලා තිබුණත් කළුවර අතරින් මම දැක්කා එයා වෙන ෆෝන් එකක් පාවිච්චි කරනවා. මගේ සැකේ තහවුරු වුණ නිසා මං හිතුවා එයා මරලා දානවා කියලා.

“පස්සේ දවසේ එයාව මරණවාමයි කියලා හිතාගෙන කඩෙන් පෙට්‍රල් ලීටර් 2ක් ගෙනත් තියා ගත්තා. මම ක්වාටස් එකේ ඉද්දී එයා මට දවල් එකට විතර කතා කරලා කිව්වා දානෙ ගෙදරකට ගිහින් බත් එකක් ගෙනාවා ඒක ගන්න එන්න කියලා. ගෙදර ඉන්නේ එයා විතරයි කියලා කියපු නිසා එයාව මරන්න හොඳම අවස්ථාව ඒක කියලා මට තේරුණා.“

“මම ගෙදර ළඟට ගිහින් පෙට්‍රල් කෑන් දෙක එළියේ හංගලා ගෙට ගොඩවුණා. මං එයාගෙන් ඇහුවා ෆෝන් දෙකක් පාවිච්චි කරනවා නේද කියලා. එයා නෑ කිව්වා. ඊට පස්සේ අපි අතරේ රණ්ඩුවක් ඇතිවුණා. ඊට පස්සේ මං එයාට පහර දුන්නා. ඊට පස්සේ එයාගේ අත්වලට පිහියෙන් කොටද්දි එයා බිම වැටුණා.“

පසුව ඇගේ ගෙලට ද ඔහු විසින් පිහිපහර දී ඇති අතර අනතුරුව ඇගේ සිරුරට පෙට්‍රල් දමා එයට ගිනි තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි.

තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top