Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
389
Views

මනාලියක වෙසින් එන ගැහැනු අවතාරය සැමියා සොයමින් ගම් නියම්ගම් පීරනවා....
පිරිමින් පැහැර ගෙන කඳුකරයට ගෙන ගොස් මරා දමනවා...

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්, උත්තර කන්නඩ, කර්නාටක ආදී ප්‍රාන්ත ගණනාවකම ප්‍රචලිත නවීන ජන කතාවකි. අදට ද එම ප්‍රාන්තවල කුඩා නගර සහ ගම්වල බිත්තිවල ලියූ වදන් පෙළක් තිබෙනවා. ‘ඕ ස්ත්‍රී කල් ආනා’ ඒ වදන් පෙළයි. අපේ රටේ බාලගිරි දෝෂයත් ‘ඕ ස්ත්‍රී කල් ආනා’ අතරත් ඇත්තේ ළඟම ඥාතිත්වයකි. ‘ගැහැනියේ අද නොවේ හෙට එන්න’ එහි අරුතයි.

මනාලියක වෙසින් එන ගැහැනු අවතාරයක් සැමියා සොයමින් ගම් නියම්ගම් පීරමින් සැරි සරනවා. ඇය නිවෙස්වල සිටින පවුලේ එකම ආදායම් උපයන්නා වන පිරිමියා පැහැර ගන්නවා.අතිශය රූමත් මේ ගැහැනු අවතාරය එසේ පිරිමින් පැහැර ගෙන කඳුකරයට ගෙන ගොස් මරා දමනවා. මෙලෙස ඇය සිදු කරන්නේ පිරිමින්ගෙන් ඇයට සිදු වූ කෘරකම්වලින් පලි ගැනීමට බව පැවසෙන කතාද ඇත.

එක්දහස් නවසිය අනූ ගණන්වලදී කර්නාටක ප්‍රාන්තය සැබෑවටම මේ අත්භූත ගැහැනිය නිසා බියෙන් ඇලළිණි. ඇයට ඇති බිය නිසා නිවැසියන් රාත්‍රියට දොරවල් වසාගෙන සිටියද ඥාතියකු සේ අමතා දොරවල් අරවා තිබෙනවා. එසේ දොර විවර කළ පිරිමින් මිය යනු ඇති බවට රාවයක් පැතිරුණා. භූත ගැහැනියගෙන් ගැලවීමට නි‍වසේ දොරවල හෙට එන්න යනුවෙන් ලිවීමට වැසියෝ පෙලඹුණා. එම වැකිය කියවන භූත ගැහැනිය පසු දිනද පැමිණෙයි. මෙය චක්‍රයක් සේ සිදුවන්නකි. වසර දෙදහස් ගණන්වල මැද දක්වාම මෙම භූත ගැහැනිය ගැන වාර්තා වී ඇත. අනූව දශකයේ කර්නාටක ප්‍රාන්තය කැලඹූ භූත කාන්තාව දැන් බොලිවුඩයට පැමිණ සිටින්නීය. ඒ ‘ස්ත්‍රී’ නමින්.

නාලේ බා ඇසුරින් නිර්මාණය වී ප්‍රහසනයත්, භයානක රසයත් මුසු කරමින් සාම්ප්‍රදායික ආදර සිත්තමකින් ඔබ්බට ප්‍රේක්ෂකයන් රැගෙන යන ‘ස්ත්‍රී’ අගෝස්තු 31 වැනි දා සිට අති සාර්ථක ලෙසින් තිරගත වුණා.

අධ්‍යක්ෂ අමර් කෞෂික් අද්භූත කාන්තාව ගැන මුලින්ම වාර්තාවුණු මධ්‍ය ප්‍රදේශයේ චන්දේරි ගමේ සිනමා පටය රූගත කිරීම ඇරඹුවේ එය සත්‍ය සිදුවීමට වඩාත් සමීප කිරීමට යි. බෝපාල් හිදී දෙවැනි රූගත කිරීම ඇරැඹුණු අතර එයද මේ භූත කතාව අත්විඳි පළාතක්.

ප්‍රදේශවාසීන් සිනමා කණ්ඩායම අද්භූත බලවේගවලින් අරක්ෂාකර ගැනීමට උපදෙස් රැසක් ලබාදී ඇති අතර ඔවුන්ද ඒ උපදෙස් මාලා රූගත කිරීමේදී අකුරටම පිළිපැද තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය ‘විකී’ සඳහා විශිෂ්ට රංගවේදී රාජ්කුමාර් රාඕ තෝරා ගනු ලැබූ අතර නන්නාඳුනන තරුණියගේ චරිතය නව පරපුරේ දක්ෂ තාරකාවක වන ශ්‍රද්ධා කපූර්ට හිමි වී තිබෙනවා..

මෙහිදී රාජ්කුමාර්ට ඇඳුම් මැසීමට දින විස්සක පුහුණුවක් ලබාදී ඇත. ඔහුට දින විස්ස අවසානයේ කාන්තා හා පිරිමි ඇඳුම් මැසීමට හොඳ හැකියාවක් ලැබී ඇති බව සඳහන්. සිනමාපටයට ස්ත්‍රී යන නම තබා ඇත්තේ ද රාජ් කුමාර් රාඕය.

ප්‍රවීණ නළු ශක්ති කපූර්ගේ දියණිය ශ්‍රද්ධාගේ ‘බාගි’ (2016) සිනමා පටය සාර්ථක ලෙස තිරගත වූ අතර, ඇයගේ දෙවැනි අතිසාර්ථක සිනමා පටය ‘ස්ත්‍රීය’. මෙහි මිතුරන් තිදෙනා ලෙස රඟන රාජ්කුමාර් රාඕ, (විකී) අපර්ශක්ති කුරානා (බිට්ටු) සහ අභිෂේක් බෙනර්ජි (ජානා) නළුවන්ගේ රංගනය අතිවිශිෂ්ට බවත්, ශ්‍රද්ධා ද චරිතයට ඉහළම සාධාරණය සිදු කර ඇති බවත් බොහෝ විචාරකයන්ගේ අදහසය. රාජ්කුමාර් රාඕ සහ ශ්‍රද්ධා කපූර් තිරයේ පෙම්වතුන් වන්නේ ප්‍රථමවරටය. රාජ් කුමාර් ප්‍රධාන චරිතය රඟපා වැඩිම ආදායමක් ලද පළමු සිනමා පටය මෙය බවයි පැවසෙන්නේ.

නමක් නැති රූමත් තරුණිය වාර්ෂිකව උත්සව දිනවලට පැමිණෙන අතර කෙදිනකවත් කෝවිලට යන්නේ නැත. මේ අරුම පුදුම තරුණියට විකී පෙම් බඳී. එහෙත් ඇය ඔහුට පෙම් කරන්නේ සැබෑවටම ද? අත්භූත කාන්තාව කවුරුන්ද? ආදරය බිය කුතුහලය පිරිලොවකට ප්‍රේක්ෂකයන් මොහොතක් පාසා කැඳවාගෙන යන ස්ත්‍රී සිනමා පටයට ජාතික සම්මානලාභීන් පන්කජ් ත්‍රිපාති (රුද්‍රා) , විජය රාස් (ශ්‍රාස්ත්‍රි) ෆ්ලෝරා ෂයිනි, ආකාෂ් දබාඩේ, අතුල් ශ්‍රීවාස්ත්‍රව ආදීන්ද රංගනයෙන් දායක වී ඇත. සිනමාපටයට ගීත හතරක් ඇතුළත්ය. දෙවැන්නකට පසුබිම සකසමින් ස්ත්‍රී සිනමාපටය නිමවන්නේ ‘ගැහැනියේ අද නොවේ හෙට පැමිණෙන්න’ පණිවිඩයෙන් නොව ගැහැනියට ගෞරව කළ යුතුයි යන අදහස ලියූ ස්ත්‍රියකගේ ප්‍රතිමාවක් සමඟ කාන්තාව බලාත්මක කිරීමේ වටිනා පණිවිඩයද සමාජයට ගෙන එමින්.

අදාළ පූර්ව ප්‍රචාරය පටය සහ ඡායාරූප පහතින් බලන්න






 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top