Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 12
574
Views
ගිරිබාව පොලිස් වසමේ සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂාණි නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තම පුතා එල්ලා මැරුවාට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප්‍රකාශ කරන බව කියා ලියුමක් ලියූ එම සැකකරුගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස ඊයේ (11) මෙහෙණි සසුනට පිවිසුණාය.


“මෙහෙණි සසුනට එක්වූ මට අවස්ථාවක් ලබාදුන්නොත් මධුෂාණි දියණියගේ නිවසට වැඩම කර එම දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අනන්ත අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරනවා.

ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුවුණේත් මගේම දියණියක නොවුණත් මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණයයි. එයින් මට ජීවිතය ගැන විශාල කලකිරීමක් ඇතිවුණා” යැයි රාජාංගණයේ ධම්මදින්නා මෙහෙණිය පුවත්පතකට පවසා තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top