Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 12
350
Views
 ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග කතාබහක්  යෙදී තිබුනා  .ප්‍රථම ප්‍රේමය ගැන දන්නවාද ?

ඔහුගේ ප්‍රථම ප්‍රේමය මම. මම අහලා තියෙන විදිහට ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයිලූ. මට ඒක කිව්වේ එයාගේ යාළුවෝ. පුදුමයි මුණවීර සංජී එක්ක යාළුවෙලා කියලා එයාගේ යාළුවෝම තමයි මට කිව්වේ. එයාලා කියනවා ඩිල්ෂාන් කෙල්ලෙක් දැක්කත් හිනාවෙන්නේ නෑ, ඔරවනවා කියලා. අදටත් එයාට ඒ ගැන කියලා යාළුවෝ විහිළු කරනවා. අවුරුදු හයක්, හතකට කිට්ටු කාලයක් අපේ ප්‍රේම සම්බන්ධය තිබුණා. පාසලෙන් අයින් වෙලා උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයේදී තමයි අපි හම්බවුණේ. සී.අයි. එම්. එකේ කළමනාකරණය හදාරන කාලයේ එයත් ඇවිත් හිටියා. එහේදී තමයි අපි හම්බවුණේ.

දුන්නු පළමුවැනි තෑග්ග මතකද ?

එයා මට ඉස්සෙල්ලම තෑග්ගකට දුන්නේ ලස්සන ගවුමක්. මාව එක්කගෙන ගිහින් තමයි අරගෙන දුන්නේ. ඒ කාලේ අපිට ගෙවල්වලින් ලොකු මුදලක් අතට දුන්නේ නෑ. ඉගෙන ගන්න කාලෙනේ. නමුත් ඒ කාලේ හැටියට හොඳම ලස්සන ගවුමක් එයා මට අරගෙන දුන්නේ. ඒ ගවුමේ ටැග් එකවත් ගලවන්නේ නැතුව සිහිවටනයක් විදිහට මගේ ළඟ පරිස්සමට තවමත් මම ඒ විදිහටම අරගෙන තියලා තියෙනවා. මම දුන්නේ ඔරලෝසුවක්. ඒක අදටත් එයා පාවිච්චි කරනවා.

ඒ කාලේද වැඩියෙන් හොඳ දැන්ද ?

ඇත්තටම ඒ කාලේ වගේමයි. වෙනසක් දකින්න නැහැ. එදාට වැඩිය වගකීම් වැඩිවෙලා. ඒක අපි දෙන්නම තේරුම් අරගෙන ඉන්නවා. අදටත් යාළුවෝ වුණත් අපි දෙන්නට ලව් බර්ඩ්ස් කියලා තමයි කියන්නේ. දැන් බබත් ඉන්න නිසා ආදරේ තවත් වැඩිවෙලා කියලයි මට නම් හිතෙන්නේ.

දිල්ෂාන් සහ ක්‍රිකට් ගැන සංජී ඒ කාලේ දැනගෙන හිටියද ?

මම ඩිල්ෂාන්ව අඳුන ගන්න කාලේ එයා ගේ වැඩි නැඹුරුවක් තිබුණේ අධ්‍යාපනයට. හැබැයි ඒ වෙද්දීත් එයා 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරලා තිබිලා තියෙනවා. අපේ ගෙදර පසුබිම හැටියට අපිට මැච් එකක් තියා කාටූන් එකක් බලන්නවත් අවස්ථාව නොතිබුණු තරම්. මොකද අපේ තාත්තා අධ්‍යාපනයට බාධා වෙයි කියලා ක්‍රීඩා සහ වෙනත් දේවල් වලට අපේ අවධානය යොමු වෙන්න දුන්නේ නෑ. ඉතිං ඒ හින්දා ක්‍රිකට් ගැනවත් මැච් ගැනවත් අපි ලොකුවට ඉගෙන ගන්න දවස්වල දැනගෙන හිටියේ නෑ. කොහොමත් අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ඩිල්ෂාන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ.

ක්‍රිකට් වලට යොමු නොවුණා නම් ?

කළමනාකරණය සම්බන්ධයෙන් ඉගැනීමේ කටයුතු කරපු නිසා ව්‍යාපාර පැත්තට යොමුවෙන්නත් තිබුණා. ඒ හැමදේටම වඩා ගණිත අංශයෙන් ඉගැනීම කළා නම් දක්ෂ ඉංජිනේරුවෙක් වෙයි කියලා මට හිතෙනවා. මොකද හොඳ ගණිත දැනුමක් තියෙනවා. ගෙදර වුණත් ඕනෑම බඩුවක් හදන්න කරන්න එයාට පුළුවන්. අනික ශිෂ්‍යත්වයේ ඉඳන් හැම විභාගයක්ම හොඳින් සමත් වුණ කෙනෙක්.

එතකොට ක්‍රිකට් ?

එයාගේ පවුල් පසබිම කොහොමත් ක්‍රිකට් වලට සම්බන්ධ නිසා එයත් යොමුවෙන්න ඇති. පවුලෙන් ආපු අභාසය නිසා ක්‍රිකට්වලට යොමුවෙන්න ඇති. නැතිනම් ඉගෙනීමටත් හරිම දක්ෂයි. ඩිල්ෂාන්ගේ තාත්තා සුදත් මුණවීර. එවක ප්‍රධාන පෙළේ වේග පන්දු යවන්නෙක්. අම්මා මංජුලා මුණවීර. ඇයත් තරුණ කාලේදී ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා.

ගෙදර වැඩ වලට කොහොමද ලැබෙන සහයෝගය ?

හැමදේටම උදව් කරනවා. ඇත්තටම බබාගේ මුල් දවස්වල මට අමාරු නිසා ගොඩක් බර කරට අරගෙන කටයුතු කළේ එයා. අපේ අම්මිලා දෙන්නම අපිට උදව් කරනවා. ඒ අම්මිලා දෙන්නත් එක්කම කරට කර එයා වැඩ කළා. පස්සේ නම් එයා ගේ කොන්දේ අසනීප තත්ත්වයක් නිසා තමයි ඒ දේවල් ටිකක් අඩු කරන්න වුණේ. මොකද ක්‍රීඩා වලටත් එයාගේ ඒ අසනීප තත්ත්වය ටිකක් බලපෑවා. අනික රසට කෑම ජාති හදන්නත් පුළුවන්. එයාටම අවේණික විදිහට රසට කෑම හදනවා. සමහර වෙලාවට හැමෝම අහනවා කොහොමද මේ කෑම එක හැදුවේ කියලා. කාටවත් හදපු හැටි හිතාගන්න බැරි වුණාට ඩිල්ෂාන් හදන කෑම නම් රසයි කියලා හැමෝම කියනවා.

කේන්ති ගියහම ?

කේන්ති යනවා හරිම අඩුයි. එහෙම වුණත් ටිකක් ඒ දේවල් මග ඇරලා ඉන්නවා.

සංචාරයට කොහේද කැමැති

වෙරළ ආශ්‍රිතව තමයි අපි ඇවිදින්න කැමැති. රටවල් වලින් නම් ඇමරිකාවට තමයි යන්න කැමැති.

වෙනත් දක්ෂතා ?

ගායනයට දක්ෂයි. ඒ කාලේ ඉඳන් කරපු එයාගේම ගීත තියෙනවා. එයාගේ යාළුවා බන්දුල වර්ණපුර මහතාගේ පුතා මාධව වර්ණපුර එක්ක එකතුවෙලා ඒ කාලේ ගීත ගායනා කළා. නිර්මාණ කළා. දැන් නම් ඉතිං ක්‍රිකට්ම තමයි.

එතකොට සංජී ඩිසයිනර් වෙයාර්

මම වෘත්තියෙන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඇඳුම් නිර්මාණාකරණය තමයි මගේ විෂය සහ වෘත්තීය. ඒකත් ඉතිං බබා ගේ වැඩත් එක්ක කරගෙන යන්න පුළුවන්වෙලා තියෙන්නේ දිල්ෂාන් ගේ සහයෝගය නිසා. ඔන් ලයින් විතරයි මම මේක කරන්නේ. මගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඉතිං එක නිර්මාණයක් එකම වතාවයි කරන්නේ.


























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top