Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 06
1,416
Views
තාත්තේ මට බිම යන ප්‍ලේන් එපා. ඇත්තටම උඩ යන ප්‍ලේන් එකක් ඕනේ. තාත්තා මගේ උපන් දිනයට ගෙනත් දෙනවා නේද?



ඉසලි යෙසන්යා චූටි දුව කළ අහිංසක ඉල්ලීම ඉටු කිරීමට මේජර් ඩික්සන් රාජමන්ත්‍රී (රවී) එදා ‍පොරොන්දු වුවද එම ඉල්ලීම ඉටුකර ලීමට අද වන විට මේජර් ඩික්සන්ට නොහැකි වී ඇත්තේය. ඔහුට අද ඉසලි දියණියගේ ඉල්ලීම ඉටු කරනවා වෙනුවට සිදුව ඇත්තේ මරණයෙන් ජීවිතය ගලවා ගැනීමේ සටන දියත් කිරීමටය.අත්අඩංගුවේ පසු වූ කොටි සාමාජිකයකු 1998 වසරේදී රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය . එම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහධිකරණය විසින් පැවැත්වූ නඩුවේ තීන්දුවට අනුව යුධ හමුදා බුද්ධි අංශයේ මේජර් ඩික්සන් (රවී) රාජමන්ත්‍රීට හා සැරයන් රාජකරුණාට මරණ දණ්ඩනය හිමිවිය. මෙම සිද්ධියේ පළමු සැකකරු නිදොස් කොට නිදහස් වීමද විශේෂත්වයකි.

කෙසේ නමුත් කිසිදු වරදක් කර නොමැති තමාගේ ස්වාමියාට අත්වූ ඛිෙදජනක ඉරණම හේතුවෙන් තමන්ගේ දරු තිදෙනා මේ වන විට දැඩි මානසික පීඩාවෙන් ජීවත් වන බව මේජර්ගේ බිරිඳ වන ගීතාංජලී රාජමන්ත්‍රී මහත්මිය සඳහන් කළාය.

රවී සහ ගීතාංජලී දැන හැඳින ගත්තේ වසර 1993 අගෝස්තු මාසයේදී ඔවුන් නිතර මුණ ගැසී ආදරයෙන් තෙපලුවේය. ආදර බස් දෙඩීමට ඔවුන්ට සිදු වූයේ මාස කීපයක් පමණි. 93 දෙසැම්බර් වන විට රවී හමුදා සේවයට එකතු විය. වසර 97දී ඩික්සන් රාජමන්ත්‍රී (රවී) මේජර්වරයකු ලෙස විසිර ගියේය.

මේජර් ඩික්සන් සහ ගීතාංජලී විවාහ වූයේ වසර 2005 මාර්තු මාසයේදීය. ඒ වන විට රට පුරා ත්‍රස්තවාදී කලබල පැවති කාලයකි. රවී සහ ගීතාංජලී විවාහ මංගල්‍ය සඳහා කඩුගන්නාවේ රොක්ලන් හෝටලය තෝරා ගත්තේය. එම විවාහ මංගල්‍ය උත්සවය සඳහා එවකට හමුදාවේ සේවය කළ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වුවද රවී සහ ගීතාංජලී සිටියේ බියෙනි. යම් හේතුවකින් ත්‍රස්තවාදී රොක්ලන් හෝටලයට ප්‍රහාරයක් එල්ල කළහොත් එයින් ඉහළ හමුදා නිලධාරින් විශාල පිරිසකට ජීවිත තර්ජනයක් සිදු වනු නියත බව ඔවුන් දෙපල දැන සිටි බැවිනි.

කෙසේ හෝ කිසිදු අසතුටුදායක දෙයක් සිදු නොවුණි. සතුටින් විවාහ මංගල්‍ය උත්සවය නිමා විය. රවී සහ ගීතාංජලී අලුත් විවාහ ජීවිතය ආරම්භ කළේය.


රවී සිය රාජකාරිය සඳහා රණ බිම වෙත ගියේය. නිවසේ තනිවම රැඳී සිටිනවා වෙනුවට උගත් දෙයින් යම් සේවයක් කිරීම හොඳ යැයි සිතු ගීතාංජලී තම සැමියාගෙන් අසීරුවෙන් කැමැත්තක් ලබා ගත්තාය. රවීගේ අවසරය මත ගීතාංජලී ගම්‍පොළ යොවුන් සේනාංකයේ ඉංග්‍රිසී උපදේශකවරියක් ලෙස සේවය කළාය. ඒ වන විට ගැබ්ගෙන තිබූ ඇයට රවීගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේය. එයින් කියවුනේ තමා සිංහයෙක් ලෙස යුද වදින්නද? බල්ලෙක් ලෙස ගෙදර එන්නද? කියාය. එම දුරකථන ඇමතුමෙන් ගීතාංජලීට වැටහුණේ තමා රාජකාරිය කරනවාට රවී අකමැති බවය. ගීතාංජලී පෙරලා රවීට කීවේ ඔයා සිංහයෙක් වගේ රට බේරා ගන්න යැයි කියාය.

ගීතාංජලී සිය සේවයෙන් සමුගෙන යාමට තීරණ කිරීමට පෙර රවීගෙන් ‍පොරොන්දුවක් ලබා ගත්තාය. ඒ ‍පොරොන්දුවට අනුව කියවුණේ රට බේරාගත් පසුව තමාට නැවත රැකියාවට යාමට ඉඩ ලබා දෙන බවය.

දින සති මාස ගණන ගත වුණි. රවීගේ සහ ගීතාංජලී දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වූහ. සතුටින් ගත කල පවුල් ජීවිතයට කණකොකා හැඬලුවේ පසුගිය අගෝස්තු 8 වෙනිදාය. ඒ ත්‍රිකුණාමල මහාධිකරණය මගින් මේජර් ඩික්සන් රාජමන්ත්‍රීට ලබා දුන් මරණ දඬුවම හේතුවෙනි.

ඔහුට ලබා දුන් මරණ දඬුවම හේතුවෙන් රාජමන්ත්‍රීගේ දරුපවුලම අද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත්තේය. මේ බව ගීතාංජලී අප හා පැවසුවේ මෙවන් අදහසකි.

මගේ මහත්තයා රට ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල වරදටද මේ වගේ දඬුවමක් දුන්නේ. මගේ මහත්තයා සිංහල මිනිසුන්ට වගේම දෙමළ මිනිසුන්ටත් හරිම ආදරෙයි. යුද්ධය පැවති කා‍ලේ පුදුකුඩිරිප්පුවේ කලපුව කඩාගෙන දෙමළ මිනිස්සු එනකොට ඒ අයට කන්න පවා දීලා තියෙන්නේ මගේ මහත්තයා. ඒත් අද මගේ දරුවෝ තුන්දෙනයි මමයි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා මහත්තයාගේ වැටුප පවා නතර කරලා. මම දුවලා තුන්දෙනෙකුගේ බඩගින්න නිවන්න ඕනේ ඒ අයට උගන්වන්න ඕනේ. මගේ මහත්තයාව බේරලා දෙන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් පවා ඉල්ලා සිටිනවා.

ගීතාංජලීගේ ලොකු දියණිය වයස අවුරුදු 12කි. අමන්දනා උත්කර්ෂා තමාගේ පියට අත් වූ ඉරණම දැන ගෙන ඇත්තේ මාස කීපයකට පෙරය. ඇය සිය පියා මෙන් නිහඬ චරිතයකි. ඇය බලා ගත් අත බලා කල්පනා කරන අතර පාසැල් යාමද ප්‍රතික්ෂේප කරයි දැයි යන්න ගීතාංජලී බියෙන් පසුවන්නීය.

එහෙත් වයස අවුරුදු 9ක් වූ ශලනි සෙනායා සහ අවුරුදු 3ක් වයසැති ඉසලි යෙසානයා තම පියා විදේශගතව සිටින්නේ යැයි සිතා සිටින්නේය. ශලනිගේ උපන් දිනයට රවීගේ මිතුරන් රැගෙන ආ කේක් ගෙඩිය කෑපූ ශලනි තම පියාට යැයි පවසා ශීතකරණය තුල කේක් කෑල්ලක් දමා තිබෙන්නේය.

ඉසලිගේ උපන්දිනය යෙදී ඇත්තේ සැප්තැම්බර් 3 වනදාය. ඇයගේ උපන් දිනයදාට තාත්තා උඩින් යන ප්‍ලේන් එකක් රැගෙන එතැයි යන්න ඇය මග බලා සිටින්නීය. ඉසලි අසන ප්‍රශ්නවලට ගීතාංජලීට දීමට පිළිතුරු නැත. ඇයට අහසින් ගමන් කරන ප්‍ලේන් එකක් ලබා දීමටද නොහැකිය. රවී නිදහස් වී නැවත නිවසට එන තෙක් දියණියන් තිදෙනාද සමග ඇය මඟ බලා සිටින්නීය.

ඇය හා ඇගේ දියණියන් වෙනුවෙන් යුක්තිය ඉටු වන්නේ කවදාද යන්න අපිත් බලා සිටින්නෙමු.

– ශ්‍රියානි විජේසිංහ






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top