Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 05
853
Views
ඒකාබද්ධ විපක්ෂය අද (05) දින කොළඹදී පවත්වන ජනබලය කොළඹට විරෝධතා රැළිය අතරතුර මහජන පීඩාවන් ඇතිවන පරිදි කටයුතු කළහොත් පොලිස් ආඥා පනතේ නීතිරීතිවලට අනුව කටයුතු කරන බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත්, මෙම විරෝධතාවයට එරෙහිව පොලීසි 3ක් කළ ඉල්ලීම් අධිකරණය ඊයේ (04) ප්‍රතික්ෂේප කළා. ඔවුන් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුනේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු අනුව බවයි වාර්තා කලේ.

කුරුඳුවත්ත පොලීසිය කළ එක් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට රැස්වීමට මෙන්ම අදහස් දැක්වීමට ද අයිතියක් ඇති බවයි.

එමෙන්ම මෙම විරෝධතාවයේදී බත්තරමුල්ල ප්‍රදේශයේ මාර්ග අවහිර කරමින් ඒකාබද්ධ විපක්ෂය පා ගමනකින් පැමිණීම නිසා මහජන පීඩාවක් ඇති විය හැකි බවට කරුණු දක්වමින් වැලිකඩ පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වාගෙන් කළ ඉල්ලීම ද විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා.

ඊට අමතරව ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවට සදහන් කරමින් විරෝධතාවට එරෙහිව කොල්ලුපිටිය පොලීසිය ඉල්ලූ නියෝගය ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ විශේෂ ස්ථාන කිහිපයක් ආරක්ෂා කිරීමට පමණක් පොලීසිය මෙලෙස අධිකරණ නියෝග ඉල්ලා සිටි බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවන බව පොලිස්පතිවරයා පවසනවා. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නිදහසේ පැමිණීමට ආරක්ෂක වාතාවරණය සකසන බවද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (4) පස්වරුවේ එහි පැමිණියේය. පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවකද නිරත විය.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top