Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 18
1,295
Views
ලංකාවට එන විදෙස් තරුණියන් සිහි නැතිකර රිසි ‌සේ රංචු පිටින් සමූහ දූෂණය කරපු පුවතක් පිළිබදව වාර්තා වෙනවා .

ඒ  සම්පුර්ණ කතාවයි පහත සදහන් කර ඇත්තේ .

ආරුගම්බෙ තියෙන මහා පරිමාණ බීච් පාටියට පසුගියදා මමත් හොරෙන් පැනගන්න හිතුවා.

“මහත්තයා බලාගෙන බැරි වෙලාවත් එකෙක්‌ ගහන්න ආවොත් ඔක්‌කොම වටවෙලා ගහනවා. පරිස්‌සම් වෙන්න”

එතකොට මට ඒ ගමන නොයා ඉන්නත් හිතුණා.

ඕන දෙයක්‌ මම යනවා කියලා මම කොහොම හරි බීච් පාටියට පැනගත්තා.

ඇතුළු වෙන්න විදේශිකයන්ට නොමිලේ වුණත් අපේ අයගෙන් රුපියල් දෙදහස්‌ පන්සියයක්‌ ගන්නවා.

මහ ඉහළට සංගීත රාවය පැතිරෙනවා.

සුදු මහත්වරු නෝනලා සිය ගාණක්‌ බීච් පාටියේ නටනවා.

ඒ ආසන්නයේ බියර් ටින් එකක්‌ රුපියල් 450ට විකුණනවා.

අරක්‌කු පොඩ්ඩක්‌ දාලා සෝඩා හරි කෝලා හරි දාලා දෙන වීදුරුවක්‌ රුපියල් හයසියයි.

ඒ අස්‌සේ හොරාට නානා මාදිලියේ මත්ද්‍රව්‍ය හිටු කියලා හිතෙන හිතෙන මිලට හොර රහසේ විකුණනවා.

මේවා අල්ලන්න කවුරුත් නැති හැඩයි.

මේවා මෙහෙම වෙද්දි මීටර් තිහ හතළිහක්‌ ඉදිරියෙන් පොලිස්‌ නිලධාරින් රාජකාරි කරනවා.

අනේ අපිට මොකද ඒවා කියලා පොලිසිය ඒවා නොදැක්‌ක වගේ අහක බලන් ඉන්නවා.

අපිට මත්ද්‍රව්‍ය නිසා ජීවිතය විනාශ වුණ, ආරුගම්බෙට ආව තරුණයෙක්‌ හමුවෙලා මෙහෙම කිව්වා.

“මෙහේ වැඩිම මිලට යන්නේ අයිස්‌ කියන ඒවා. ග්‍රෑම් එකක්‌ හැට දාහයි. ෂොට්‌ එකක්‌ පහළොස්‌ දාහකට ගන්න පුලුවන්. එන්ජීඑම්ඒ එක ග්‍රෑම් එකක්‌ දහනවදාහයි. ජීඑම්ටි ග්‍රෑම් එකක්‌ විසි අට දාහයි. රෝස පාට ටැබ්ලට්‌ එක දොළොස්‌ දාහයි. වඳුරු මූණ තියෙන නිල් පාට පෙත්ත රුපියල් පහළොස්‌ දාහයි. ගංජා මල තියෙන පෙත්ත දහනම දාහයි.

හැපි වෝටර් පොඩි කුප්පියක්‌ තිස්‌ පන්දාහයි. කැලිපෝනියා සන් ෂයින් පොඩි කුප්පියක්‌ තිස්‌ අට දාහයි. මේවා බිංදුවක්‌ දොලොස්‌ දාහකට ගන්න පුලුවන්. අතට දාලා ලෙවකන්න දෙන්නේ. කේජි ග්‍රෑම් 05ක්‌ රුපියල් පන්දාහයි. අපේ ගංජා ග්‍රෑම් 50ක්‌ දොලොස්‌ දාහයි. හෂීස්‌ ග්‍රෑම් 10ක්‌ රුපියල් දොළොස්‌ දාහකට යනවා මහත්තයා. හෙරොයින් ග්‍රැම් එකක්‌ රුපියල් දහතුන් දාහක්‌ වෙනවා. කොකේන් ග්‍රෑම් එකක්‌ රුපියල් දහතුන් දාහකටයි ආරුගම්බෙ විකුණන්නේ. මේවායේ මිල ගොඩක්‌ වෙලාවට වෙනස්‌ වෙනවා. දෙන්න පුළුවන් වැඩිම ගාණටයි දෙන්න බලන්නේ

අයිස්‌ කියන දේ ගැහුවම හොඳට වදිනවා. ඒක ගැහුවම අම්මා තාත්ත ඉන්නවද දන්නේ නැහැ. පවුලේ දේපල විකුණන්න හිතෙනවා. සල්ලි නැතිනම් ගෑණි හරි විකුණන්න හිතෙනවා. එන්ජීඑම්ඒ ගැහුවම පැය 24 ක්‌ තියෙනවා. දත් කුරු කනවා. මිනිස්‌සු, සත්තු පේනවා. ඒවා ඩබල් වෙලා තමයි පේන්නේ. කට්‌ටිය අත උඩ ඉන්නවා වගෙයි පේන්නේ”

ඔහු කියාගෙන යයි. විටෙක දැසින් කඳුළු නැඟෙයි. ඔහු දිගටම කියාගෙන යයි.

“අනේ පින් සිද්ධ වෙයි මේවා කොහොම හරි නවත්වන්න” ඔහු කියයි.

“මහත්තයෝ, තමන්ට කැමති සුද්දිව අල්ල ගන්න අරක්‌කු වලට පෙති දානවා. හැපි වෝටර් එකෙන් ටිකක්‌ දානවා. ජෝඩුවක්‌ ඉන්නවා නම් දෙන්නගේ වීදුරු වලට දානවා. පැය කිහිපයක්‌ යද්දී සුද්දා වැටෙනවා. ඊට පස්‌සෙ සුද්දිව කරට අත දාන් අරන් යනවා.

බෝට්‌ටුවක හරි වැල්ලේ කොහෙ හරි තැනකට කාටවත් පේන්නෙ නැති කළුවර තැනකට අරන් යනවා. සුද්දිට සිහිය ටිකක්‌ හරි තියෙනවා නම් තව මොනවා හරි ජාරාවක්‌ දීලා සිහිය නැති කරනවා. ඊට පස්‌සේ ඒ සුද්දිට තුන් හතර දෙනා සැරින් සැරේ දිගටම අතවර කරනව සුද්දි දන්නේ නැහැ තමන්ට මොනවද වෙන්නේ කියලා. සමහරු පාන්දර නැගිටලා විසික්‌ වෙවි ඉන්න කාමරයට යනවා. සමහරු කියනවා අපි ආයේ ලංකාවට එන්නේ නැහැ කියලා”

“මහත්තයෝ සමහර ආරක්‌ෂක අංශයේ ලොකු මහත්වරුන්ටත් මේ පාටියට එන්න කියනවා. එයාලට හොඳට සලකනවා. ආයි වැඩේ ෂේප්. සමහරු වෙලාවට මේවා අල්ලන්න එන සමහර නිලධාරින් කෝල් කරලා එන්නේ. අපිට නඩු දෙක තුනක්‌ දෙන්න කියලා. අන්තිමේදී ඒ එන අයට හොඳට සලකනවා. කවුරු හරි දෙන්නෙක්‌ තුන්දෙනක්‌ අල්ලලා දෙනවා. වැටලීමත් කරනවා. බීච් පාටියේ හොර වැඩත් නියමෙට යනවා.

මේවා මෙහෙම වෙද්දී පොලිසිය බැටන් පොල්ල දෙපරැන්දේ ගහන් ඉන්නවා. ජාවාරම්කාරයින්ගේ වැඩ වලට හුරේ දානවා. සුන්දර ආරුගම්බෙ හැමෝටම හොරෙන් විනාශ වෙලා යනවා”
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top