Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 18
555
Views

ශ්‍රිලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන රොෂාන් රණවන නොදන්නා කෙනෙකු නොමැති යැයි කිව හැක. 
රොෂාන් රණවන නම් කලාකරවා පරිසරය සමග කටයුතු කරන්නේ කෙසේද ? ඔහුගේ ජීවිතය හා පරිසරය බද්ධ වන්නේ කෙලෙසකද යන්න පිළිබඳව පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකි මේ.


පරිසරය සමග ඔබ තුළ තිබෙන බැඳීම කෙබඳුද?

මගේ ජීවිතයේ පරිසරය එක්ක ලොකු සමීප සම්බන්ධයක් තිබෙනවා කියන්න පුළුවන්. පරිසරයට කුඩා කාලේ සිටම මම ආදරය කළා. ගහකොළ, සතාසිවුපාවා දෙස බලද්දී එහෙම ආදරයක් ඇති වෙනවා. ඒ නිසාම තමයි ගහකොළ සතා සිවුපාවන් ඉන්න වනාන්තරවල සංචාරය කරන්න මම ආස කරන්නේ. මම නිර්මාංශ වෙන්න හේතුවත් ඒක කියලායි මට හිතෙන්නේ. මගේ නිවස ගත්තත් පරිසරයට ලොකු ඉඩක් ලබාදීලා තිබෙනවා.

එවන් බැඳීමක් ඇති වෙන්න හේතු වුණේ මොකක්ද?

මගේ උපතින්ම ආපු දෙයක් විදිහට තමයි මා තුළ තිබෙන මේ ලක්ෂණය මම දකින්නේ. කුඩා කාලේ සිටම මම පරිසරයට ආදරය කළ කෙනෙක්. මම එළියට යද්දී සපත්තු දෙකක් සෙරප්පු දෙකක්වත් පලඳින්නේ නැහැ. මම විශ්වාස කරනවා පරිසරය එක්ක අපි සම්බන්ධ වෙන්න ඕන කියලා. එහෙම පොළොවේ පය ගහලා යද්දී අපිට ඒක හොඳින් දැනෙනවා. ස්වභාව ධර්මය කියන්නේ විඳින්න පුළුවන් දෙයක්.

කෙටි නිවාඩු කාලවලදී එහෙම ඒ ස්වභාව දහමේ අපූර්ත්වය විඳිනවද?

අනිවාර්යයෙන්ම. වෙරළබඩ ප්‍රදේශවලට වඩා අපේ රට මැද්දට යන්න මං කැමතියි. ඒ පාරිසරික පිහිටීමට මම කැමතියි. යාල වනාන්තර, කතරගම වැනි පාරිසරික වටපිටාවට මම යනවා. එහෙම ගිහින් කෑම්පින් කරන්න මම ආසයි. යාල,හෝටන් ප්ලේස්වල කෑම්ප් කරලා තියනවා. ගිය මාසේ මම මීමුරේ ගියා. එවැනි කටයුතු ගොඩක් සිදුවෙනවා. පරිසරය කියන්නේ මගේ ජීවිතේ කොටසක් කියන එක මාව දන්න අය දන්නවා.

මෙවන් කටයුතු කිරීම තුළින් ඔබගේ ජිවිතයට ලැබෙන්නේ මොනවද?

කාර්යය බහුලත්වයෙන් මිදී මේ පරිසරයක කාලය ගත කරද්දී ලොකු මානසික නිදහසක් ලැබෙනවා. මගේ නිවසෙදී වුණත්. මගේ නිවසට ආව කෙනෙකුට ඒක හොඳින්ම තේරෙයි. මගේ නිවසත් මම පරිසරයට මූලිකත්වය දෙමින් තමයි හදලා තියෙන්නේ. කටයුතු කරන්න පහසු මානසික වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. අපි දැන් ඉදිකරන්නේ කොන්ක්‍රීට් වනාන්තර. එහෙම වුණාම ගෝලීය උෂ්ණත්වය වැනි දේවල් දැනෙනවා. අපි පසුගිය සතිදෙකේ විදේශ රටක සංචාරය කළා. මේ දින වල යුරෝපයේ වසන්ත කාලය. ඒ කියන්නේ සීත කාලයක්. නමුත් මේ වර ලංකාවට වඩා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් එහි තිබෙනවා. ඒ රටවල හොටෙල්ස්වල ඒසී භාවිතා කරන්නෙත් නැහැ. ඔවුන්ට මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇතිව නැහැ. මෙවැනි අත්දැකීමකට මුහුණදෙන්න සිද්ධ වුණේ පළමු වතාවට. ලෝකෙම සිටින මිනිසුන් ලොකු අර්බුධයකට මුහුණදෙමින් ඉන්නවා කියලායි මට හිතෙන්නේ. එක ගසක් කපද්දී තව ගස් දෙකක්වත් සිටවන්න සිද්ධ වෙනවා. එහෙම නොකළහොත් අපිට මේ අර්බුදයට මුහුණදෙන්න සිද්ධ වෙනවා කියලා මම හිතන්නේ.

ලංකාවේ මිනිසුන් මෙවැනි පාරිසරික කාරණා ගැන දක්වන සැලකිල්ල ගැන ඔබ තුළ අදහසක් ඇති?

බොහෝ මිනිසුන් පරිසරය ගැන කිසි හැඟීමක් නැතුව වැඩ කරන්නේ. සුන්දර පරිසරවල ඉන්න අයට පවා ඒ ගැන කිසි වගකීමක් නැහැ. අපි සංචාරය කරන්න ගියත් කිසිම ලෝබකමක් නැතුව අපද්‍රව්‍යය පරිසරයට විසිකරනවා. කුඩා ළමයාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වාම මේ දේ සිදුකරනවා අපි දකිනවා. එවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඇයි කියන එක අපි සිතිය යුතු කාරණයක් බවට පත්වෙලා. සිරිපාදෙ ගන්න. එහේ යන විට ලස්සන තැනක් තිබ්බොත් එය විනාශ කරනවා. තව කෙනෙක්ට එතන තිබෙන සුන්දරත්වය විඳින්න අපි ඉඩක් ලබා දෙනවද කියන එක අපිම හිතන්න ඕන. ගඟකට ගියත් පොලිතීන් දානවා. අපිට ඒ ගැන හැඟීමක් නැහැ. මම ඒ ගැන එක උදාහරණයක් කියන්නම් මමයි මගේ බිරිඳයි ඇල්ල ප්‍රදේශයේ ඇති පුංචි සිරිපාදය නරඹන්න ගියා. එහි පොලිතින් බොහෝ ප්‍රමාණයක් දමා ගිහින් තිබුණා. අප බෑග් එකට ඒවා එකතු කළා. අපි එනවිට තව විදේශිකයෙක් ඒ අපද්‍රව්‍යය එකතු කරමින් හිටියා. මම ඔහු කරන දේට ස්තුතිවන්ත වෙනවා කියලා ඔහුට කිව්වා. ඔහු මට හරි අපූරු පිළිතුරක් දුන්නා. මම ශ්‍රිලාංකිකයෙක් නොවුණට මම ගොඩක් පරිසරයට ආදරය කරන කෙනෙක් කියලා ඔහු කිව්වා. ඒකයි මම මේ දේ කරන්නේ කියලා ඔහු කිව්වා. මෙය මගේ රට නොවුණත් මේක මගේ පරිසරය කියලා ඔවුන් කියන්නේ. මෙහෙම හිතන්නේ නැති එකම ලොකු ප්‍රශ්නයක්. අඩුම තරමේ පාසල් මට්ටමෙන් හෝ රජයකින් මේ දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වෙලා කටයුතු කළේ නැත්තම් ලොකු ගැටලුවක් වෙනවා. මිනිසුන්ට මේ පරිසරය ගැන අගයක් නැහැ. දියුණුව දකින්නේ කොන්ක්‍රීට් බිල්ඩින්වලින්. මේක ප්‍රශ්නයක්. රජයක් විසින් හෝ මේ ගැන මීට වඩා දැනුවත් විය යුතුයි.

ඔබ මේ පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන් මොනවද කරන්නේ?

මගේ නිවස ගත්තත් පරිසරයට ඉඩ දීලා තිබෙනවා. පරිසරය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මම කරනවා. මම පාරේ ටොෆිකොළයක් දැක්කත් ඒ දේවල් වාහනයේ තියාගෙන ගෙදර කුණු බාස්කට් එකට දාන එක කරනවා. හැම කෙනෙක්ම තමන්ගේ ඉවතලන දේවල් එලෙස කරනවා නම් අපිට ලොකු ශ්‍රමදාන කරන්න ඕන නැහැ. තමන්ගේ අපද්‍රව්‍යය ඉවත්කරන එක තමන් දැන ගන්න ඕන. හරිම ලේසි දෙයක්නේ මේක. ඒ ලේසි දේ අපි කරමු. එතැනින් අපි පටන් ගමු කියලා තමයි මම කියන්නේ. මේක අනාගතයේ ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අමාරු නැහැ. මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් තමන් තමන්ගේ අවට පරිසරය බලාගන්න කියලා තමයි කියන්න තිබෙන්නේ. තමන්ට හැකි විටෙක පැළයක් හිටවන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

නිදුක් මදුෂික







Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top