Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
512
Views
එළඹෙන සිත සෘතුව සදහා සුදානම් වන අත්ලාන්තික් සාගර කලාපයේ පිහිටි ෆෙරෝස් දුපතේ ජිවත් වන ගම්වැසියන් විසින් සිය වාර්ෂික තල්මසුන් දඩයමේදී "බිකඩ් තල්මසුන්" 180 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටිනවා.

ධිවරයින් විසින් සිය ධිවර යාත්‍රා උපයෝගී කර ගනිමින් රංචු වශයෙන් මුහුදේ සැරිසරන බිකඩ් තල්මසුන් ව ගොඩබිම දෙසට එලවාගෙන එමෙන් අනතුරුව
වෙරළේ රැදී සිටින ගම්වැසියන් මෙම තල්මසුන් තියුණු ආයුධ යොදා ගනිමින් මරා දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

මෙම බිකඩ් තල්මසුන් අඩි 13 සිට අඩි 42ක් පමණ දිගින් යුත් අතර මෙම තල්මස් වර්ගය අත්ලාන්තික් සාගරයේ පිහිටි දුපත් වැසියන් සහ ජපන් ජාතිකයින් බහුලව දඩයම් කරනු ලබන තල්මසුන් වර්ගයක් ලෙස හදුන්වනු ලබනවා.තවද මෙම තල්මසුන් ඩොල්ෆින් මත්සයින්ට සමානකමක් දක්වනවා.

පරිසරවේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ 16 වන ශතවර්ෂයේ සිට ෆෙරෝස් දුපතේ ජනතාව ගිම්හාන සමයේදී මෙම තල්මසුන් දඩයම් කිරීම සිදුකරනු ලබන බවයි.

කෙසේවෙතත් තල්මසුන් දඩයම් කිරිම තහනම් වුවත් ජපානය, අයිස්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් තවමත් තල්මසුන් දඩයමේ යෙදෙන අතර තල්මසුන් මරා දැමු මුහුදු වෙරළ ලේ ගංගාවක් මෙන් දිස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



























 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top