Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
737
Views
ඉකුත් මස 6 වැනි දින දෙහිවල පොලිසියට ලද තොරතුරක්‌ අනුව එම ගණිකා නිවාසයේ සිටි කළමනාකරු හා කාන්තාවන් හත්දෙනා අත්අඩංගුවට ගැණින. ඔවුන් සියලු දෙනා ගල්කිස්‌ස අතිරේක මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීéණයට යොමුකර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබූ බව පොලිසිය කියයි.

වැඩිදුරටත් දෙහිවල පොලිසිය පැවසුවේ පසුගියදා දෙහිවල ගුවන්පාලම අසළ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කාන්තාවන් හත්දෙනා අතර සිටි එහි ප්‍රධාන පාළිකාවට එච්.අයි.වී. (ඒඩ්ස්‌) රෝගය වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බවයි .

තවද නඩුව ඉකුත් 17 වැනිදා යළි කැඳවූ අවස්‌ථාවේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවලින් ප්‍රධාන පාළිකාවට එම රෝගය වැළඳී තිබෙන බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙම නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි සැකකාර කාන්තාවන් හැඳ සිටි ඇඳුම් සම්බන්ධයෙන් දැඩි ලෙස අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරිය ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට තම සේවාදායකයන් ගෞරවනීය ස්‌ථානයක්‌ ලෙස සලකා අධිකරණයට පැමිණෙන අවස්‌ථාවේදී හැඳ සිටිය යුතු ඇඳුම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද වැඩිදුරටත් අවවාද කර ඇත .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top