Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
431
Views

මෙම වයින් වර්ග ඇත්තටම හදන්නේ කොහොමද ? ඒ ගැන තමයි අපි දැන් කියන්න යන්නේ . මුලින්ම අපි බලමු මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා .


තැඹිලි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය 

අවශ්‍ය ද්‍රව්‍ය
තැඹිලි වතුර 6 L
සීනි 2 1/2 kg
යිස්ට් තේ හැඳි 9
කුරුදු කැබැල්ලක්
ලෙමන් ගෙඩි 04
කරද මුoගු 6
කරාබු නැටි 6
කැරමල් සිනි 120

තැඹිලි වයින් සාදන ක්‍රමය

දැන් අපි බලමු කොහොමද මෙම තැඹිලි වයින් වර්ගය හදන්නේ කොහොමද කියලා .

ක්‍රමය

භාජනයකට සිනි දමා ලිප රත්කර එයට වතුර අවශ්‍ය තරමට එක්කර කැරමල් සිනි සකසා ගන්න. ඉන්පසු තැඹිලි වතුර කෝප්පයකට යිස්ට් දමා මිශ්‍ර කර ගන්න .පසුව වෙනම බදුනක් ගෙන එයට ඉතුරු තැඹිලි වතුර දමා සිනිද එකතු කර දිය කරගන්න.එයටම යිස්ට් මිශ්‍රණය එකතු කර ගන්න.
පසුව එම භාජනයට කරදමුංගු , කරාබු නැටි තලා ගන්න එයද ඉහත මිශ්‍රණයට එකතු කර ලෙමන් යුෂ හා කුරුදු දමා කලවම් කර ගන්න.
එම බදුනේ කට රෙදි කඩකින් වසා දින 10ක් පමණ තබන්න.
ඊට පස්සේ පෙරා එයට කැරමල් සිනි දමා හොදින් කලවම් කර ගන්න.
අවසානයේ සති 2 ක් පමණ තබා එම මිශ්‍රණය පෙරා ගන්න.








ඇපල් වයින් 

ඊට පස්සේ අපි බලමු කොහොමද ඇපල් වයින් හදන්නේ කියලා . මුලින්ම අපි බලමු ඇපල් වයින් සැදීම සදහා අවශ්‍ය මොනවද කියලා .

අවශ්‍ය ද්‍රව්‍ය

ඇපල් 6 යි 
සීනි 500 kg
වතුර 1 l
එනසල් ඇට 05
යිස්ට් තේ හැඳි 01
කුරුදු කැබැල්ලක්
දෙහි යුෂ මේස හැදී 01


ඇපල් වයින් සාදන ක්‍රමය

සෝදා ගන්න ලද ඇපල් පොතු තිබියදීම කුඩා කැබලි වලට කපා ගන්න.පසුව එහි වතුර ලීටරයට ඇපල් කැබලි දම උතුරවා ගන්න. මෙම මිශ්‍රණය දින හතරක් පමණ වසා තබන්න. ඉන් පසුව සීනි සහ යිස්ට් දමා හොදින් දිය කරන්න. තලාගත් එනසාල් සහ දෙහි යුෂ දමා නැවත සතියක් පමණ තබා පෙරා ගන්න.








Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top