Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 16
448
Views
කිලෝ 250ක් බරැති  තරුණයෙක් කඩවසම් පෙනුමක්  ලබාගත් රහස පසුගියදා හෙළිකර තිබුනා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියේ  "මගේ බර මුලින්ම වැඩි වුණේ අවුරුදු 21 දී.." , "මගෙයි බිරිදගෙයි සම්බන්ධයට අවුරුදු 14යි, එයා නිසයි බර අඩු කරගත්තේ.." යනුවෙනි .
අවුරුදු 27ක් කියන්නේ තාරුණ්‍යය විදින කාලයක්. නමුත් දරාගත නොහැකි ශරීර බරකින් ජිවත් වූ තරුණයෙක් ගැන වාර්තා වෙනවා. ඒ John Allaire. ඔහුට වයස අවුරුදු 21 දී ඔහුගේ බර රාත්තල් 61 යි. ක්‍රමයෙන් ඔහුගේ බර වැඩිව තිබෙනවා. ඒ බර රාත්තල් 300ක් දක්වා. එය පසුව 540 දක්වා වැඩිව තිබෙනවා. කඩවසම් තරුණයෙක්ව සිටි මොහුට ශරීරය තරබාරු වීම දරාගන්න බැරි වෙලා.

" මට අවුරුදු 20 දී ශරීරයේ වෙනසක් දැනුණා. ටික ටික හරි ඉක්මනට මහත් වෙනවා කියලා. ඒත් එක්කම මම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ගියා. නිතරම බඩගිනි හැදෙනවා. කොච්චර කෑවත් මදි. ඔහු කිව්වා ඉක්මනටම ශරීරය පාලනය කරන්න පටන් ගන්න කියලා. මට කම්මැලි හිතුණා. ඊට වඩා කෑම එක්ක මගේ සම්බන්ධකම වැඩි වුණා. ඒ නිසා හිතුමතේට කන්න පටන් ගත්තා. අන්තිමට මගේ බර රාත්තල් 300ක් දක්වා වැඩි වුණා. මම විවාහ වෙලා ඉන්නේ.අපි දෙන්නගේ සම්බන්ධයට අවුරුදු 14ක් වෙනවා. එයා නිසයි බර අඩු කරගන්න උත්සහ ගත්තේ. ඇය ජපානයේ නාවික හමුදාවේ සේවය කරන්නේ. අපි ඇමරිකාවේ වුණාට දැන් ජිවත් වෙන්නේ ජපානයේ. එහෙ කෑම රසයි. නමුත් බිරිද එක්ක තුයෙන ඒ සම්බන්ධකම මට වැදගත් නිසා මම නැවතත් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වුණා. අපහසුවෙන් ව්‍යායාම් කළා. මම ජිම් ගිහින් මගේ ශරීරයේ බර සෑහෙනට අඩු කරගත්තා. ඒ විතරක් නෙමෙයි ආහාර පාලන රටාවකට හුරු වුණා. මට දැනුනා පහසුවක් වගේම බලාගෙන ඉද්දි මගේ ශරීරයේ බර අඩු වෙනවා. රාත්තල් 230 ක් අඩු කරගත්තා. ඒ අතර තුර සැත්කම් සදහා යොමු වුණා. මුල්ම සැත්කම කළේ පසුගිය මාර්තු මාසේ...දැන් මගේ ශරීරයේ බර සාමාන්‍යයි. ශරීරය කෙට්ටු වූ නිසා සම එල්ලී වැටුනා. ඊට අවශ්‍ය සැත්කම් මේවනවිට කරමින් යනවා. ඒ වගේම ජිම් යනවා. කෑම පාලනය කරනවා...හිතුවොත් දෙයක් කරන්න පුළුවන්. ඒකට කැපවීම ඕන.. මේ බරත් මම තව අඩු කරගන්නවා.. " යැයි ඔහු කිවා .





















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top