Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 13
653
Views

ජිවිතේ බේරාගත් එකම සෙබළා කොබ්බැකඩුව ගැන කියු  අලුත්ම කතාව 

ඒ 1992 අවුරුද්ද..හරියටම අගෝස්තු 8 වෙනිදා.. අපි වාහන තුනකින් යාපනය අරිආලේ පැත්තට යන්න පිටත්වුණේ කොටින්ට එරෙහි ප්‍රහාරයක් සැලැසුම් කරන්නයි.

 

අපි එම ස්ථානයේදී එකම වාහනයකට ගොඩ වුණා. රියදුරු අසුනේ හිටියේ විජය විමලරත්න මහත්තයා..ඊට පස්සේ කොබ්බෑකඩුව මහත්තයයි,රියර් අද්මිරාල් මොහාන් ජයමහ..කර්නල් ආරියරත්න සහ අපේ රියැදුරුත් වාහනයට ගොඩ වුණා.මම විතරයි වාහනේ හිටගෙන හිටියේ.ඒ වගේම ආරක්ෂක හිස්වැසුම් පැලැඳ හිටියෙත් මම විතරයි.

ඒ වෙනකොට මම විජය විමලරත්න මහතාගේ ආරක්ෂක නිළධාරියා. වාහනයට ඉදිරියට යන්න ලැබුණේ පොඩි වෙලාවක් විතරයි.හිටගෙන හිටපු නිසාම මට පෙණුනා දකුණු පැත්තෙන් විශාල පිපිරුමක් එක්ක මහා කළු දුමාරයක් පිටවුණා.

මට කතා කරගන්න බැරිවුණා.මීටර් 70ක් විතර පිටිපස්සට මාව විසිවෙලා..

ඒ වෙනකොට පන තිබිලා තියෙන්නේ..කොබ්බෑකඩුව මහත්තයටයි..විජය විමලරත්න මහත්ත්යටයි විතරයි.අනිත් සේරම මැරිලා.හෙලිකොප්ටරයෙන් ඇවිත් අර දෙන්නව අරගෙන ගිහින් තිබුණා.පස්සෙයි මට පණ තියෙනවා කියලා දැනගෙන හෙලිකොප්ටරේ හරවන් ආයේ ඇවිත් තියෙන්නේ..

දවස් 4 කට පස්සේ ඒ කියන්නේ 12 වෙනිදා තමයි මම දැනගත්තේ මම ඉන්නේ කොළඹ යුද හමුදා රෝහලේ කියලා.මම නැගිටින්න උත්සහ කලා.නැගිටගන්න බැරි නිසා මම ඇහුවා ඇයි කියලා.එතකොටයි මම දන්නේ මගේ කකුල් දෙකම නෑ කියලා.

ජෙනරාක් කොබ්බෑකඩුව හා කර්නල් විකය විමලරත්න ඇතුළු දේශයේ මාහා විරුවන් දස දෙනෙකු කෲර එල් ටී ටී ඊ ත්‍රස්තයින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් අදට අවුරුදු 26 වනවා.මේ ආවර්ජනාව කරන්නේ ඒ අවස්ථාවේ ජීවිතය ගලවාගත් එකම සෙබලා වූ උපාලි නම් විරුවායි.ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 23ක්..දැන් ඔහුට වයස අවුරුදු 53ක් වෙනවා.

13 වෙනිදා මාව ඩොක්ටර්ස්ලා එක්ක මාව එක්කන් ගියා විජය විමලරත්න මහතාගේ දේහය බලන්න.මම යන්තම් ඔලුව උස්සලා සර් දිහා බැලුවා.කොබ්බෑකඩුව සර්ගේ දේහය බලන්න යන්න ලැබුණේ නෑ.

ඒක මට ලොකු දුකක්.එතුමා අපිට සැලකුවේ සෙඹලෙකුට වගේ නෙවෙයි.පවුලේ අයට වගෙයි.ඒ නිසාම සෙබලු එතුමාට ගොඩක් ආදරය කලා.මට ඊට කලිනුත් තුවාල වුනා..දෙපාරක්ම.ප්‍රතිකාර ඉවරවෙන්නත් කලින් මම සටන් බිමට ගියා.අද මට කකුල් දෙකම නෑ.ඒත් මට දුකක් නෑ..රට බේරගත්තේ අපි කියලා හිතෙනකොට..මගේ බිරිදත් දරුවනුත් මාව හොඳින් බලාගන්නවා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ විශිෂ්ඨතම යුද නායකයෙකු ලෙස සැලකෙන ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඇතුළු වීරයින්ගේ අවසන් යුද සැලසුම එය විය.

රට රකින්නට වීරිය දුන්..දහඩිය කඳුලු ..ලේ වැගිරූ දහස් ගනනක් වීර පුතුන්ගෙ නමින් දවසක් දවසක් පාසා ඉතිහාසයේ දිනවෙන් කල හැකිය. ඔවුන්ගේ වීරත්වයට පින් සිදුවන්නට අපි අත්විඳින මේ නිදහසේ අයිතිය ඔවුන්ට හිමිවිය යුතුමයි. අපි අදත් හෙටත් මතුවටත් ඔවුන්ට ණය ගැතියි.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top