Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 13
308
Views
රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම නැවතත් මව් පදවිය ලබාගෙන මේ දිනවල ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ පිළිබඳවත් ඕෂධීගේ කලා ජීවිතයේ නව තොරතුරුත් කතා කරන්නට ඇය පුවත්පතක් සමග කතාබහක යෙදුනා .

ඕෂධී පවුලට අලූත් සාමාජිකාවක් එකතු වුණා නේද?

ඔව්, ජූලි 19 වෙනිදා අපේ ගෙදරට පුංචි දූ පැටියෙක් එකතු වුණා. අපිට කලින් හිටියෙ පුතෙක්නෙ. ඉතින් දුවෙකුත් ලැබුණා. දැන් පවුල සම්පූර්ණයි කියලා හිතෙනවා.


කලින් හිටියෙ පුතෙක් නිසා ප්‍රාර්ථනා කළේ දුවෙක්වද?

මම කොහොමත් පුතාලට තමයි වැඩි කැමැත්ත තිබුණෙ. ඒ නිසා පුතෙක් ලැබුණත් ප්‍රශ්නයක් නෑ කියලා හිතුවෙ. පළවෙනි පාර තමයි පුතෙක්වම ප්‍රාර්ථනා කළේ. ඉතින් මේ පාර මහත්තයාගෙයි මගෙයි පවුලෙ අය කිව්වෙ දුවෙක් ලැබුණොත් හොඳයි කියලා. එතකොට ජාති දෙකෙන්ම ඉන්නවනෙ කියලා. ඉතින් ඒ විදියටම ලැබුණා.


ඉස්සෙල්ලම පුංචි දුවව අතට ගත්තම මොනවගේ හැඟීමක් ද ඇති වුණේ?

ඇත්තටම පුතා අවුරුදු 5කට කලින් ඉපදෙනකොට පුතා ගැන ලොකු වගකීමක් හිතට දැනුණෙ නෑ. දුවෙක් ලැබුණම ලොකු වගකීමක් මගෙ හිතට දැනුණා. පුතෙකුට වඩා දුවෙක්ව පරිස්සම් කරන්න ඕනෑ. ඉතින් ලොකු අවධානයකින් රැක ගන්න ඕනෑ කියලා හිතුණා.


චූටි නංගියා ගෙදරට ගේද්දී අයියාගෙන් ප්‍රශ්නයක් වුණේ නැද්ද?

නැහැ මුල ඉඳන්ම අපි පුතාගෙ මානසිකත්වය හදලා තිබුණෙ. මුල් කාලෙදි පුතා ඉල්ල ඉල්ලා හිටියෙ මල්ලි කෙනෙක්ව. පස්සෙ නංගි කෙනෙක් කියලා දැනගත්තම අන්තිම කාලෙ නංගි කෙනෙක්ට හරියන විදියට මනස හැදුවා. ඉතින් දැන් නංගි ළඟින් හෙළවෙන්නෙවත් නෑ. එයාට ආදරෙන් ළඟට වෙලා ඉන්නවා. ඉස්කෝලෙ ගිහින් ආවත් දුවගෙන එන්නේ නංගි ළඟට. නාවන එකේ ඉඳන්ම එයා දිහා බලාගෙන ඉන්නවා. මොකද අලූත්ම අද්දැකීමක්නෙ. ඉතින් ඒ හැමදේටම මටත් උදව් වෙනවා.


සමහරු ගෝරි දානවනෙ අම්මගෙ තාත්තාගෙ ආදරේ අඩුවෙයි කියලා. පුතාට ඒක ප්‍රශ්නයක් නැද්ද?

නෑ. මම හිතන්නෙ ඒක වයසත් එක්ක වෙන්න ඇති සිද්ධ වෙන්නෙ. ළඟ ළඟ ඉපදුනාම එහෙම වෙන්නෙ. දැන් පුතාට අවුරුදු පහ හමාරයිනෙ. ඉතින් දැන් ඉස්කෝලෙත් යනවා. 1 වසරෙ ඉන්නෙ. එතකොට දවසින් භාගයක්ම ගෙදරත් නෑ. එයාගෙ ලෝකයක් තියෙනවනෙ යාළුවොත් එක්ක. ඒ වගේම ඉස්කෝලෙ වැඩ තියෙනවා. කොහොමත් පුතාගෙ හුරතල්ම කාලෙ එයා හොඳටම විඳලනෙ තියෙන්නෙ. ඒකත් එක්ක දැන් දැනුම් තේරුම් තියෙන වයසක්නෙ. අපි කියන දේත් දැන් තේරුම් ගන්න පුළුවන්. නංගි ගෙනල්ලා දවස් කිහිපයකින් පුතාට හෙම්බිරිස්සාව හැදුණා. ඉතින් ඒ වෙලාවෙ පුතේ නංගිත් එක්ක ඉන්න හොඳ නෑනෙ ඇඳේ කියලා කිව්වම එයා තාත්තා එක්ක නිදාගත්තා. ඉතින් ඒවගේ දෙයක් තේරුම් කරලා දුන්නම ඒ ගැන අවබෝධයෙන් හිතනවා. මල්ලි කෙනෙක් වුණානම් සමහරවිට ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තිබුණා. නමුත් නංගි කෙනෙක් නිසා ප්‍රශ්නයක් වෙන්න ඉඩක් නෑනෙ. දෙන්නගෙ ඇඳුම පැළඳුම පවා වෙනස්නෙ.


දෙන්නෙක්ගෙ වැඩකටයුතු එක්ක දැන් කාර්යබහුල වෙලාද?

ටිකක් කාර්යබහුලයි. දුව චූටි නිසා. මම හිතනවා දුව ටිකක් ලොකු වුණාම වැඩ පහසුවෙයි කියලා. පුතා වුණත් චූටිම කාලෙ තමයි හෙළවෙන්නවත් බැරි වුණේ.


මේ ටිකේ රංගනයට සමුදීලද?

පුතාට මාස 4ක් වගේ වුණාමනම් මම රූගත කිරීම් පටන් ගත්තා. කොළඹ අවට වගේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වුණා. දුව එක්කත් කරන්න පුළුවන් වෙයිද කියලා බලනවා. දරුවො දෙන්නට මූලිකත්වය දීලා තමයි කරන දෙයක් කරන්නෙ.


ඒ කියන්නෙ කලාකටයුතුවලින් ඉවත් වෙලා නෑනෙ?

නෑ. ඉවත් වෙන්න විදියකුත් නෑ. දුව ලැබෙන්න ඉද්දි භාගෙට කරපු රූගත කිරීම් අවසන් කරන්න තියෙනවා. ඒවා තව ටික කාලෙකින් පටන් ගනියි. යම්කිසි ප්‍රමාණයකට දායක වෙයි.

කොහොමද දෙන්නගෙ ජීවිත සැලසුම් කරලා තියෙන්නෙ?

පළවෙනිම දේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබාදීම. අධ්‍යාපනය කියද්දී පොතේ අධ්‍යාපනය විතරක් නෙමෙයි ක්‍රීඩාව, කලාව හැමදේම කරන්න ඕනෑ. පුතා එක වසරෙ හිටියත් මම බැඞ්මින්ටන් චෙස් ඒ හැමදේටම යොමු කරලා තියෙන්නෙ. පොත පාඩම් කරනවා වගේම දරුවෙක් සම්පූර්ණ වෙන්න කලා හැකියාවන් ක්‍රීඩා තියෙන්න ඕනෑ. ඒ වගෙන් තමයි පෞරුෂය ගොඩනැගෙන්නෙ. දුවෙක් පුතෙක් කියලා නෑ. මේ හැමදේම එයාලට දිය යුතුයි. උසස් අධ්‍යාපනයට යද්දි එයාලා කැමති දේ එයාලම තීරණය කරයි. කැමති ක්ෂේත්‍රයක නිරත වුණාට ප්‍රශ්නයක් නෑ.


කලාවට සම්බන්ධ කරන්න අදහසක් නැද්ද?

පුතාව සම්බන්ධ කරන්නනම් ලොකු කැමැත්කක් නෑ. කොහොමත් පිරිමි ළමයෙක් කලාවට ඇවිල්ලා අනාගතය ගොඩනඟා ගන්න අමාරුයි. පුතෙක් කවදාහරි කසාද බැඳලා පවුලක් නඩත්තු කරන්න ඕනැ. ඒ වගේ ලොකු වගකීම් තියෙනවා. ගෑනු ළමයෙකුට එහෙම නෑ. ඒ නිසා දුව කැමති වුණොත් එයට හැකියාව තිබුණොත් ඒ වෙනුවෙන් යොමුවෙන්න ඕනෑ කිව්වොත් මගෙන් ප්‍රශ්නයක් නෑ. නැතුව මම ක්ෂේත්‍රයේ ඉන්න නිසා මම නිළියක් නිසා දුවත් නිළියක් වෙන්න ඕනැ කියලා මතයක් නෑ.


පුතාට කලා හැකියාවක් තියෙනවද?

චිත්‍රවලට දක්ෂයි. ගීත ගායනා අනුකරණය කරනවා. නමුත් ඒ ගැන හරියටම කියන්න බෑ. ඒත් ළමා කාලෙනම් මම කොහොමත් කලාවට යොමු කරන්න කැමති නෑ. මොකද ජනප්‍රිය වුණාම දරුවගෙ ළමා කාලය නැතිවෙනවා කියලා ඒක මට දැනෙන්නෙ. පුතාව මාස 6 ඉඳන් වෙළඳ දැන්වීම්වලට ඉල්ලනවා. ඒත් මම ඒකට කැමති නෑ. මෑතකදීත් අපේ නිෂ්පාදනයක් කළා. ඒ වෙනුවෙන් පුතාව ගන්න තිබුණා. නමුත් ඒවට පුතාව සම්බන්ධ කරගන්න කැමැත්තක් නෑ.


ඕෂධී දායක වුණු නිර්මාණ මේ දිනවල විකාශය වෙනවද?

දුව ලැබෙන්න ඉද්දීත් මම තුෂාරි අබේසේකරගෙ ටෙලිනාට්‍යයකට දායකවෙලා හිටියා. එහි රූගත කිරීම් කළා. පසුව බඩ පේන්න ගත්තම රූගත කිරීම් නවත්තන්න වුණා. තව මාස දෙක තුනකින් ඒ නාට්‍ය විකාශය වෙන්න පටන් ගත්තම ඉතිරි රූගතකිරීම් ආරම්භ කරයි.

ඒ ඇරෙන්න තව ආරාධනා ලැබුණු නිර්මාණ කිහිපයකුත් රියැලිටි වැඩ සටහනකුත් ප්‍රතික්ෂේප කරන්න වුණා. ඉදිරියේදි සම්බන්ධ වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top