Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 12
695
Views
ඇමෙරිකාවේ, සියැටල් ගුවන් තොටුපොළින් මගීන් රහිත ගුවන් යානයක් පැහැරගෙන, අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ගුවන් තොටුපොළ සේවකයෙකු බව විදෙස් වාර්තා පවසයි.29 හැවිරිදි මෙම පුද්ගලයා හොරයිසන් එයාර් ගුවන් සේවයේ වසර තුනකට අධික කාලයක් සේවය කරන්නෙකි. ඔහු ගුවන් තොටුපොළට පැමිණෙන යානා ඇදගෙන යන, ඒවා ආරක්ෂිතව ගැටගසා තබන සහ ගුවන් භාණ්ඩ ඉවතට ගැනීමට කටයුතු කරන සේවකයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඇමෙරිකානු මාධ්‍ය විසින් රිචඩ් රසල් විසින් මොහු හඳුනාගෙන ඇති අතර, ඔහු පසුගිය සිකුරාදා මෙම යානය පැහැර ගැනීම සිදුකළ අතර, පසුව යානය ලුහුබඳිමින් ප්‍රහාරක යානා දෙකක් ඔහු පසුපස ගමන් කර ඇති බවද කියැවෙයි.

සුවිශේෂී ගුවන් සංදර්ශනයක්ද පැවැත්වීමෙන් පසුව ඔහු සමග යානය කඩා වැටුණු අතර, එය අනතුරින් ඔහු ජීවිතක්ෂයට පත්විය.

විනාඩි 90කට වැඩි කාලයක් ගුවනේ සිටි ඔහු ගුවන් යානාය පතිත කළ ස්ථානය කෙට්රෝන් දූපතයි. මෙය ජන ශූන්‍ය ප්‍රදේශයක් ලෙස සැලකෙයි.

ඇමෙරිකානු බුද්ධි අංශ පවසන්නේ යානය අනතුරට පත්වන අවස්ථාවේදී ඔහු පමණක් එහි සිටින්නට ඇති බව විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, යානය කඩා වැටුණු ස්ථානයේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, ගුවන් යානය පැහැරගත් අවස්ථාවේදී ඔහු පාලක මැදිරිය සමග පැවැත්වූ සබඳතාවලදී ඔහුට කිසිවෙකුටත් අනතුරක් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව අනාවරණය වී ඇත. එමෙන්ම, මේ ක්‍රියාව සම්බන්ධයෙන් ඔහු සිය සමීපතමයන්ගෙන් සමාව ඉල්ලීමක්ද කර තිබේ.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top