Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
356
Views
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනර ගතකර සිටින සැකකරුවන් පස්දෙනාගෙන එක් සැකකරුවෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (10) දින මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණා.


පස්වන වරට පැවැත්වූ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා නමැති සකකරු පමණක් ඉදිරිපත්කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කොස්ගොඩ තාරක නමැති පතාල කල්ලි සමාජිකයා සහ ඔහුගේ සහෝදරයා අද දින හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත්කර නොතිබූ බවයි වාර්තා වන්නේ.

අධිකරණ කටයුත්තක් සඳහා ඔවුන් දෙදෙනා ඊයේ (09) දිනයේදී කොළඹට රැගෙනවිත් තිබීම හේතුවෙන් අද දින මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි බවට අධිකරණය හමුවට කරුණු දක්වා තිබුණා.

හඳුනා ගැනිමේ පෙරට්ටුව 06 වන වරට ලබන 20 වනදා පැවැත්වීමට අධිකරණය අද (10) නියෝගකර කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡායාරූප - මාතර, අදීෂ ආරියතිලක









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top