Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
309
Views
මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර දකින්න ලැබෙන චරිතයක් පුවත්පතක කතාබහක යෙදී සිටියා . ඒ තමයි රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන. චාමරගේ කලා දිවියේ තොරතුරු ගැන අපිත් සමඟ කතා කළේ මෙලෙසින්.

මේ දවස්වල පලංචියේ ලී ඉරනවා වගේ?

ඔව්නෙ. පලංචියේ ලී ඉරනවා. එක මලකට පෙම් කරනවා.



ඒ ඔක්කොම ‘ඒක දිග කතාවක්’ හරහා නේද?

ඔව්. ඒක දිග කතාවක් සුපුන් රත්නායකගෙ. දැන් රූගත කිරීම් කරලා ඉවරයි. ඉතින් මේ දවස්වල ඉතා හොඳ ප්‍රතිචාර මැද විකාශය වෙනවා. මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නෙත් අපේ තරුණ කණ්ඩායමක්. ඉතින් ඒ සියලූ දෙනාම එකතු වෙලා සාර්ථකව වැඬේ කරගෙන ගියා. ඒක දිග කතාවක් කියලා කිව්වට කොටස් 35 වගේ බොහොම රසවත් නිර්මාණයක්.



ඉතින් මේ වෙනුවෙන් ලී ඉරන්න එහෙම ඉගෙන ගත්තද?

අම්මෝ ඔව්. ලී ඉරන්න එතෙන්ට ගිහින් කොටේ දැක්කම තමයි දසුන්ටයි මටයි ඇඬුණේ. අවුලක් වුණේ නෑ. කොහොමහරි වැඬේ ගොඩදාගත්තා.



ඉතින් එහි ඔබේ චරිතය ගැන කතා කරමු?

සේනක කියන චරිතය තමයි මම රඟ දක්වන්නේ. ඉතින් චරිතය විවිධාකාර අවධිවලට ගෙනියනවා. ඉදිරියේදී ලොකු වෙනස්කම්වලට ලක්වෙනවා. සුපුන් රත්නායක අධ්‍යක්ෂවරයාට ඕනෑ විදියට මම ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා. ඒක දිග කතාවක් බලන්න කියලා තමයි කියන්නේ. මොකද මම තව විස්තර කිව්වොත් වැඩක් නෑනෙ.



මෙහිදී සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති?

සිදුවීම් නම් ගොඩක් තියෙනවා. එක සිදුවීමක් තියෙනවා ඒ අතරින්. මට හොඳටම උණ හැදිලා සහලෝලා උණ. ඒත් රූගත කිරීමක් කරන්න තියෙනවා අත්‍යවශ්‍යම. ඉතින් පොඩි පාරක ශලනිවත් දාගෙන බයික් එක පැදගෙන යන්න ඕනෑ. ඉතින් එදා මට බයික් එක අල්ල ගන්නවත් පණක් නෑ. ඒ පාර දිගේ ගිහින් වැටුණොත් අඩි පනහක් විතර පහළටම යනවා. ඉතින් සිද්ධිය හරිම භයානකයි.

ඉතින් මම බයික් එකට නැඟලා ඒ රූගත කිරීම කළා. දැන් වැටෙයි දැන් වැටෙයි කියලා හිතුණෙ. නමුත් දෙයියනේ කියලා මොනවත් වුණේ නම් නෑ. වැඬේ කරගෙන ගියා.



සේනක ඉදිරියේදී මන්ත්‍රී කෙනෙක් වෙයිද?

සෙනසුරාදා, ඉරිදා රාත්‍රී 8ට ඒක දිග කතාවක් බැලූවොත් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි.



ඊට අමතරව ඔබ ටෙලිනාට්‍ය කිහිපයකම මේ දිනවල දකින්න ඉන්නවා?

මිතූ, පාරා සහ මෙඩිසිනා නාට්‍යවල දකින්න ඉන්නවා. මිතූ ශාන්ත සොයිසා මහත්මයාගේ නාට්‍යයක්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. ඉතින් එහි රංගනයෙන් යෙදෙන භාතිය චරිතයටත් හොඳ ප්‍රතිචාරයක් මේ වෙද්දී ලැබෙනවා. ඊට අමතරව ස්වර්ණවාහිනිය විකාශය වන ‘පාරා’ නාට්‍යයත් සිරස නාලිකාවෙ විකාශය වන මෙඩිසිනාහි ‘කෞෂි’ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.



කෞෂි කියන්නේ ඔබට ලැබිලා තියෙන වෙනස්ම චරිතයක්?

ඔව් ඇත්තටම. නමුත් කෞෂිලා මේ රටේ අපි ඕනෑ තරම් දකිනවනෙ. ඒ චරිතය ඇත්තටම මට දෙයක් කරන්න තියෙන චරිතයක්. මුලදී නම් මට හිතුණා කොහොමද මේ චරිතය කරන්නෙ කියලා. නමුත් රංගන ශිල්පියෙක් වුණාම ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕනෑ. මට කරන්න පුළුවන් චරිතයක් නම් මම අනිවාර්යෙන්ම භාර ගන්නවා. බැරි දේවල් නම් භාර ගන්නෙ නෑ. මොකද බැරි දේවල් භාරගෙන මට ඒ දේ හරියට කරගන්න බැරි වුණොත් ඒක හොඳ දෙයක් නෙමෙයිනෙ. මාව ඒ වෙනුවෙන් සම්බන්ධ කරගත්ත පුද්ගලයත් අනාථ වෙනවනෙ එහෙම වුණාම. ඒ නිසා මට පුළුවන් විදියෙ දේවල් විතරයි මම කොහොමත් භාර ගන්නෙ. ඉතින් මම හිතනවා ඕනෑම චරිතයක් කිරීමේ හැකියාව මට තියෙනවා කියලා සහ ඒ ආත්ම ශක්තිය මට තියෙනවා.



චාමර කැමැත්තෙන් ඉන්න මෙතෙක් නොලැබුණු චරිතයක් තියෙනවද?

මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා හාමුදුරු කෙනෙක්ගෙ චරිතයක් කරන්න. තාම මට ඒවගේ චරිතයක් ලැබිලා නෑ. මට ඒ දේ නම් බැරිවෙන එකක් නෑ. ඉතින් මට ඒ චරිතය ලැබුණොත් පේ වෙලාම වැඩ කරනවා.



රංගන ශිල්පියෙක් වීම ගැන අද සතුටින් ද ඉන්නේ?

ඔව් ඇත්තටම. නළුවා කියන කෙනා කවදාවත් වයෝවෘද්ධ වෙන්නෙ නෑනෙ. මේ රටේ මොන තරාතිරමක රැකියාවක් කළත් වෛද්‍යවරයා, ඉංජිනේරුවා, විදුහල්පතිවරයා, ගුරුවරයා ඇතුළු බොහෝ වෘත්තීන්වල අය විශ්‍රාම ගියාම එයා හිටපු කෙනෙක් විදියට තමයි මිනිස්සු කතා කරන්නෙ. ඒ කියන්නේ හිටපු වෛද්‍යවරයෙක්, හිටපු විදුහල්පතිවරයෙක් ඒ වගේ. නමුත් කලාකරුවා කියන කෙනා කවදාවත් හිටපු කෙනෙක් නෙමෙයි. කලාකරුවා හැමදාම ඉන්න කෙනෙක්. ඉතින් ඒ වපසරිය තුළ අපි මෙහි හැදෑරීමක් කළ යුතුයි. ඒ කියන්නෙ අලූතින් එන පරම්පරාව නියෝජනය කරන්න අලූතින් යමක් කළ යුතුමයි. යමක් නොදැන මේ ක්ෂේත්‍රයට ආවොත් මේ හතර කොන හොයාගන්න බැරිව පැටලිලා අනාථ වෙනවා. දෙයක් ඉගෙනගෙන ආවොත් අනිවාර්යෙන් පැවැත්මක් තියෙනවා. ඉතින් මම මේ ඉන්න තැනට ආවෙත් ලොකු කට්ටක් කාලා. ඉදිරියේදීත් සාර්ථක නිර්මාණ කරගෙන ප්‍රේක්ෂකයන් පිනවලා හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.



මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක ඇත්තටම ඡුන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද?

මේ දේ මගෙන් කීප දෙනෙක්ම මේ වෙද්දි අහලාත් තියෙනවා. නමුත් අපේ රටේ දේශපාලනය කියන්නේ ඇමරිකාවෙ ටී.වී. සීරිස් එකක් වගේ. කුතුහලය, ත්‍රාසය, භීතිය, හැමදේම ඒ තුළ තියෙනවා. ඉතින් ලංකාවේ දේශපාලනය කරද්දී පොඞ්ඩක් මොලෙන් වැඩ කරන්න ඕනෑ. දේශපාලනයට ආවා වගේ නෙමෙයි රැඳෙන එක තමයි අමාරු. මගේ අදහසක් තියෙයිද කියන්න බෑ. අපි ඉදිරියේදී බලමු.



චාමරගේ ජීවිතේ තවම තනියෙන්ද ගෙවෙන්නේ?

ඔව්. සිංගල් වෙලා ඉඳලම මොංගල් වෙලා ඉන්නේ දැන්. ඇත්තටම පවුල් ජීවිතයක දැඩි වුවමනාවක් තියෙනවා. ඒත් මේ අවුරුද්දෙ නම් හරියන්නෙ නැතිවෙයි. තව මාස කීපයයිනෙ තියෙන්නේ. මේ අවුරුද්දෙත් ඉඳලම ලබන අවුරුද්දෙ මොකක් හරි වෙයි. ඒ දේ කාලය විසඳයි.



ධනු විජේරත්න



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top