Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
251
Views
වත්මන්  ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ ‘මිතලී රාජ්’ගේ ජීවිත කතාව  කියවන බොලිවුඩ් චිත්‍රපටියේ ‘මිතලී රාජ්’ගේ චරිතයට සුපිරි බොලිවුඩ් නිළි ටප්සි තෝරාගෙන ඇත .මේ දිනවල තිරගත වන ‘කර්මා’ චිත්‍රපටයේද රංගනයෙන් දායක වන ටප්සු පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ අමිතාබ් බච්චන් සමග රඟපෑ ‘පින්ක්’ හා ‘ආක්ෂේ කුමාර් සමග රඟපෑ ‘නාම් සබිනා’ චිත්‍රපටවල රංගනයේ යෙදීමෙනි. එමෙන්ම මුදල් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ජූඩ්වා’ දෙවැනි චිත්‍රපටයේද ඇය රංගනයෙන් දායක විය.

සිනමාව සහ ක්‍රිකට්

ඉන්දියාවේ ජනතාව වැඩිපුරම ආදරය කරන ක්ෂේත්‍ර දෙක සිනමාව සහ ක්‍රිකට්ය. එම නිසාම ක්‍රිකට් ක්‍රිඩකයෙකු සහ නිළියක විවාහ වීම ඔවුන් අමන්දානන්දයට පත් කරන්නකි. පසුගිය දිනවල ඔවුන් විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා ගැන අවධානයෙන් සිටියහ. ඊට පෙර වසරේ ඔවුන් ගේ අවධානය යොමු වුයේ හේසල් කීච් සහ යුවරාජ් සිං වෙතටය. ක්‍රිකට් සිනමා විවාහයන් සිදු වුයේ එපමණක් නොවේ. සයිෆ් අලි ඛාන් ගේ පියා මන්සූර් අලි ඛාන් පතාඋඩි ක්‍රිකට් ක්‍රිඩකයෙකි. මව ෂර්මිලා තාගෝර් ජනප්‍රිය නිළියකි. හර්බජාන් සිං සහ ගීතා බස්රා ද ක්‍රිකට් සිනමා එකතුවකි.

ප්‍රේම සම්බන්ධකම් පැවැත්වුයේ වී නමුදු විවාහය දක්වා නොගිය ක්‍රිකට් ක්‍රිඩකයෝ සහ නිළියෝ සිටිති.

යුවරාජ් සිං දීපිකා පදුකෝන් සහ කිම් ශර්මා සමඟ ද සබඳකම් පැවැත්වූ බැව් ප්‍රකටය. ඔහු නම් කියන්නේ ඒවා සාමාන්‍ය මිතුරුකම් පමණක් බවය. එහෙත් එසේ නොවන බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ. මේ වන විට ඔහු හේසල් සමඟ විවාහ වී සිටින අතර කිම් ව්‍යාපාරිකයෙකු වන අලි පුන්ජානි සමඟ විවාහ වී කෙන්යාවේ පදිංචියට ගියාය. දීපිකා පදුකෝන් ළං වූයේ රන්වීර් සිංටය.

කිස්නා, දර්වාසා බන්ධ් රඛෝ වැනි චිත්‍රපටිවල රඟ පෑ, දක්ෂ නර්තන ශිල්පිනියක ද ඉෂා ශර්වානි සහ දක්ෂ ක්‍රිකට් ක්‍රිඩක සාහිර් ඛාන් අතර අවුරුදු අටක ප්‍රේම සම්බන්ධයක් තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනා විවාහ වන තුරු පුලපුලා බලා සිටි රසිකයන් දොම්නසට පත් කරමින් ඔවුහු එකිනෙකාගෙන් වෙන් වූහ. 2017 අප්‍රේල් මාසයේදී සාහීර් විවාහ වූයේත් නිළියක වන සාගරිකා ගාට්ගේ සමඟය.

බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තමය ක්‍රිකට් ක්‍රිඩක ශ්‍රීමත් විවියන් රිචර්ඞ්ස් සහ ජනප්‍රිය නිළි නීනා ගුප්ත අතර පැවැති ප්‍රේම සම්බන්ධය බොහෝ අපූරු එකකි. ඒ වන විටත් විවියන් විවාහකයෙකුව සිටියේය. එහෙත් ඔවුන් දෙදෙනා අතර පැවතියේ බැ?රුම් සම්බන්ධයකි. එහි ප්‍රතිඵලයක් ලෙසින් නීනා දියණියක ලැබුවාය. ඇය මසාබාය. එහෙත් නීනා සහ විවියන් විවාහ වූයේ නැත. ඔහු බිර`ිද මිරියම් සමඟම රැඳී සිටි අතර නීනා වර ලත් ගණකාධිකාරවරයෙකු වූ විවේක් මෙහෙරා සමඟ විවාහ වූවාය.

දැන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන මසාබා කියන්නේ තමා කුඩා කල සිටම හැඳින්වුණේ අවජාතක දැරියක ලෙසින් බවය. එහෙත් ඉන්දු කැරිබියන් එකතුවක් වීම ගැන තමා කිසිම විටෙක ලැජ්ජාවට පත් නොවුණ බැව් ඇය පවසයි. මේ වසරේ මාර්තු මාසයේදී ඇය සිය පියා රිචර්ඞ්ස් ගේ 66 වන උපන් දිනය වෙනුවෙන් පවුල් හමුවක් සංවිධානය කළාය. එහිදි සිය ජාතක පියා සහ මව සමඟ ගන්නා ලද ඡායාරූප ඇය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ එකී ආඩම්බරය හෙළිදරව් වන අදහසක් ද සමඟය.

අම්රිතා සිං සහ ඉන්දීය පුරාවෘත්ත ක්‍රිඩක රවි ශාස්ත්‍රි අතර වූ සම්බන්ධය ද ක්ෂේත්‍ර දෙකේ බොහෝ කතාබහට ලක් වුයේය. එහෙත් ඔවුන් දෙදෙනා අතර විවාහයක් සිදු වුයේ නැත. රවි ශාස්ත්‍රි, රිතු සමඟ විවාහ වූ අතර අම්රිතා විවාහ වුයේ සයිෆ් අලි ඛාන් සමඟය. දැන් සයිෆ්, කරිනා සමඟ විවාහ වී සිටින අතර අම්රිතා තනිව ජිවත් වන්නීය.

රෙබෙල් ෆොර් ලව්, සුහාග් වැනි හින්දි චිත්‍රපටිවල ද, දෙමළ තෙළිඟු චිත්‍රපටිවල ද රඟ පෑ ජනප්‍රිය නිළි නග්මා සහ කල්කටාවේ කුමාරයා ලෙසින් විරුදාවලි ලත් සව්රව් ගංගුලි අතර තිබුණේ ඔවුන්ට ඇලූම් කරන අය අගය කළ අකාරයේ ප්‍රේම සම්බන්ධයකි. එහෙත් එයට වැඩි ආයුෂ තිබුණේ නැත. ඔහු දෝනා සමඟ විවාහ වුයේ නග්මා සමඟ සම්බන්ධයක් නොතිබු ලෙසිනි. ඒ ගැන කතා කරන්නට පවා ඔහු මැලි වුයේය. එහෙත් පසු කාලයකදි නග්මා නම් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළාය.

අම්රිතා අරෝරා සහ එංගලන්ත පසුබිමක් ඇති ක්‍රිකට් ක්‍රිඩක උස්මාන් අෆ්සාල් අතර සම්බන්ධය අවුරුද්දක් පමණ කෙටිකලකට සීමා වුයේය. පසුව අම්රිතා ශකිල් ලඩාක් සමඟ විවාහ වූවාය.

නිළියක, නිරූපිකාවක හා ගායිකාවක ද වූ සොෆියා හයාත් සහ රෝහිත් ශර්මා අතර ද කෙටි කාලින සම්බන්ධයක් පැවතිණි. එය විවාහය දක්වා නොයන්නට හේතු රෝහිත්ගෙන් විමසන ලද අතර ඔහු පැවසුවේ ඇය විවාහ වන්නට සොයන්නේ හොඳ මහත්මයෙකු බවය. ඇයට එවන් මහත්මයෙකු හමු වී තිබූ අතර ඒ විවාහයත් වැඩි කල් පැවතුණේ නැත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top