Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
568
Views
"හැමෝම ඉස්සරහා දන ගහලා රිංග් එකකුත් දාලා..."
"මගේ යාළුවන්ගේ නම්බර්ස් හොයාගෙන කෝල් කරලා Invite කරලා"ප්‍රවීණ නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී වත්සලා බොහෝ දෙනෙකුගේ ආදරය වගේම ආකර්ෂණයත් දිනාගත්ත චරිතයක්.

රටේ දක්ෂ, ජනප්‍රිය කලා යුවළක දියණියක් වීම මෙන්ම පසුව තමන්ගේ දක්ෂතා තුළිනුත් වත්සලා අපේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. ඒ වගේම ඇය හිරු ටීවී වින්දනීය උදෑසන වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා.

පසුගිය 05 වනදා ඇයට විශේෂ දවසක් වුණා. එනම් ඇගේ උපන්දිනයට පෙර ඇයව පුදුම කරමින් ලැබුණු උපන්දින සාදයයි.

නාවල පිහිටි හෝටලයක මෙය සංවිදාන කර තිබුණේ ඇගේ පෙම්වතා වන මිලාන් විසිනුයි. එහිදි මිලාන් හැමෝම බලන් ඉද්දි ඇයට මුදුවක් පළන්දා විවාහයට යෝජනා කීරීම ගැනත් එහි සිටි කාටත් අපූරු අවස්ථාවක් වුණා.

කෙසේ වෙතත් පියාගේ අඩි පාරේ යන මේ දියණිය කුඩා කාලයේ සිටම උපන්දිනය වෙනුවෙන් අසරණයින්ට දන් දීමටයි කටයුතු කර තිබුනේ.

ඇය මේ උපන්දින සාදය ගැන සඳහන් කරන්නේ මෙවැන්නක්

"මම පොඩි කාලේ ගත්තට පස්සේ බර්ත් ඩේ එකට කවදාවත් පාටි දාන්නේ නෑ. අප්පච්චි වගේම මමත් රෝහලකට වගේ දානේ දෙන්න පුරුදු වෙලයි ඉන්නේ. ඒත් මිලාන් මාව පුදුම කරන්න මේ වගේ දෙයක් ලෑස්ති කරලා. මට කිව්වේ එයාගේ යාළුවො දෙන්නගේ ඇනවසරි පාටි එකක් කියලයි. මගේ බර්ත් ඩේ එක 6 වෙනිද නිසා මම හිතුවෙත් නෑ 5 වෙනිද මෙහෙම වෙයි කියලා. ඒත් එයා රැෆෙල්ලට කියලා මට ඇඳුමකුත් මස්සවලා. ලොකු පාටි එකක් ලෑස්ති කරලා මගේ යාළුවන්ගේ නම්බර්ස් හොයාගෙන කෝල් කරලා Invite කරලා මාව පුදුම කළා. එයා එදා හැමෝම ඉස්සරහා දනගහලා මට ප්‍රොපෝසල් රිංග් එකකුත් දැම්මා. මං වෙනුවෙන් මෙහෙම දෙයක් කරපු එක ගැන අම්මා අප්පච්චි මල්ලිලා නංගිලා හැමෝම හරිම සතුටු වෙනවා".

























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top