Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 07
608
Views
"ජීවිතේ ගොඩක් දේවල් තේරුම් අරගෙන ජිවත් වෙන දෙන්නෙක්."

"අපිට ලියැවිලා තියෙන විදියටනෙ හැමදේම වෙන්නෙ.."
වොල්ගා කලිපනි වගේම හර්ෂණ බෙත්මගේ කියන්නේ පරපුරේ නළු නිලියන් වුණත් ජනප්‍රියත්වය වගේම දක්ෂතා අතින් ඉහලම තැනක ඉන්න යුවලක්. විවිධ චරිත එක්ක පුංචි තිරයෙන් දකින වොල්ගාහේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක සදහන් වී තිබුණා. මේ ඇය ගැනයි.

වොල්ගා ඉතිං කොහොමද ?
වරදක් නැහැ. වෙනදා වගේම ෂූටිං කරගෙන ඉන්නවා.

මොකද කරන්නේ මේ දවස්වල ?
මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරනවා. එක නාට්‍යයක් විකාශය වෙනවා.

දැනට විකාශනය වන ටෙලිනාට්‍ය දෙකෙන් වැඩි ප්‍රතිචාර තියෙන්නේ ?
එහෙම කියන්න බැහැ. මොකද දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නාට්‍ය දෙකේ මම එකිනෙකට වෙනස් චරිත දෙකක් කරන නිසා ප්‍රතිචාර එකිනෙකට වෙනස්.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?
අළුතින් එන්න තියෙනවා රවීන්ද්‍ර විජේරත්න මහත්මයගෙ නාට්‍යයකුත් අර්ජුණ කමලනාත් අයියගෙ චිත්‍රපටයකුත් එන්න තියෙනවා.

සිනමාව තුළ පේන්න නැත්තෙ සිනමාව අතහැරලද ?
අතහැරලා නෙවෙයි. චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒ කුණාටුවේ මාරයා කියන චිත්‍රපටයට. ඒක ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. තව චිත්‍රපටයකට ආරාධනා තියෙනවා. ඒ විස්තර පස්සෙ කියන්නම්.

අපේ ආදරේ නාට්‍යයේ ඔබ රඟපාන්නේ හර්ෂණත් එක්ක. කොහොමද ඒ අත්දැකීම ?
හර්ෂණ තමයි ඉන්නේ මගේ පෙම්වතා විදියට. ගොඩක් සතුටුයි වගේම ගොඩක් පහසු වුණා වැඬේ කරගෙන යන්න. එහෙම ලේසියෙන්ම වැඩක් කරගෙන යන්න පුළුවන් කිහිපදෙනයි මට ඉන්නෙ. හර්ෂණ ඇරුණම සරත් කොතලාවල” ධනුක දිල්ෂාන්” පැතුම් රුක්ෂාන් වගේ කිහිප දෙනෙක් ඉන්නවා මට දැනෙන සහ ලේසියෙන් රඟපාන්න පුළුවන්.

හර්ෂණ ඒ චරිතය හොඳින් කරගෙන යන්න ඔබට ලබාදෙන සහයෝගය මොනවගේද ?
අපි දෙන්න ජීවිතේ ගොඩක් දේවල් තේරුම් අරගෙන ජිවත් වෙන දෙන්නෙක්. කරදරයක් වුණේ නෑ ඇත්තටම. හර්ෂණ ලොකු සහයෝගයක් ලබාදුන්නා.

රංගනය” පෞද්ගලික ජීවිතය කොහොමද සමබරව පවත්වාගෙන යන්නෙ ?
ගොඩක් දෙනෙක්ට ඒ දේ හරියට කරගෙන යන්න බෑ. රංගනය මොකක්ද පවුල් ජීවිතය මොකක්ද කියන දේ ගොඩ දෙනෙක්ට තේරුම් ගන්න බැරිවෙලා තියෙනවා. නමුත් හර්ෂණයි මමයි ඒ දේ හරියට තේරුම් අරගෙනයි ඉන්නෙ. රංගනය එකක්. පවුල් ජීවිතය තව එකක්. මේ දෙක පටලවගත්තම තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. හරියට තේරුම් ගැනීම තමයි ඕනෑ. ගොඩක් සෝබන වැඩ අපි දෙන්න ළඟ නැහැ. ඒ නිසා තමයි අපි දෙන්න මේ විදියට ඉන්නේ.

වොල්ගට ක්ෂේත්‍රයේ කැපිලි තියෙනවා කියල දැනිල තියෙනවද ?
මට එහෙම අය හමුවෙලා නැහැ. එහෙම කැපිලි තියෙනවද කියන්න මම දන්නෙ නැහැ. මොකද මම අනුන්ගෙ දේවල් හොයන්න යන්නේ නැති නිසා. මම බොහොම පාඩුවේ ජීවත්වෙන කෙනෙක් නිසා එහෙම දේවල් මට තියෙනවද කියන්න දන්නෙ නැහැ.

ක්ෂේත්‍රය ගැන තියෙන අදහස මොනවගේද ?
මට කිසිම කලකිරීමක් නෑ. මේ ක්ෂේත්‍රයට මම හරි ආදරෙයි. මම අළුත් කෙනෙක්. ප්‍රවීණයන් ඒකාලෙ ගැන කියද්දිනම් පොඩි දුකක් තියනවා. දැන් එහෙම නෑනෙ කියලා. මම තෝරගත්ත වෘත්තිය ගැන අදටත් මට කිසිම කලකිරීමක් නැහැ. මේක ලෝකේ තියෙන ලස්සනම රැකියාව.

පවුලට අලූත් සාමාජිකයෙක් එකතු කරගන්න තවම හිතලා නැද්ද ?
මම දෙවියො අදහන කෙනෙක්. මගේ ජීවිතේ සිදුවෙන ගොඩක් දේවල් දෙවියන්ට ඕනෑ විදියට වෙනවා කියල තමයි මම හිතන්නේ. අපිට ලියැවිලා තියෙන විදියටනෙ හැමදේම වෙන්නෙ. ඒ සුදුසු කාලේදී හැමදේම ඒ විදියටම වෙයි.

ප්‍රසංග මාභරණ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top