Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 07
1,531
Views
"වෛරී පුද්ගලයන් වෛර කරාවි කියා මම මටම කියා ගන්නවා"

"ඒක පීඩාකාරීයි. නමුත්, අනෙක් අයට ඊට වඩා ප්‍රශ්න තියෙනවායි"ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 18 හැවිරිදි දියණියගේ ඡායාරූපයක් තම කවරයේ පළකිරීමට ඉන්දීය වෝග් සඟරාව තීරණය කිරීම පිළිබඳ දැඩි විවේචන එල්ලවී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ කෝපයෙන් යුතුව අදහස් පළකරන බොහෝදෙනා පවසන්නේ කවරයේ ඡායාරූපයක් පළ කිරීමට තරම් සුහානා ඛාන් (Suhana Khan) කළ දෙයක් නොමැති බව ය.

පිළිගත් හොඳ නමක් සහිත වෝග් සඟරාවේ පිටකවරය සාමාන්‍යයෙන් වෙන් කෙරුණේ තමන් නිරතවූ ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සිටි නිරූපිකාවන්ට, නිළියන්ට හෝ ගායිකාවන්ට ය.

තමන් "ශිෂ්‍යාවක්, සිනමාවට ආදරය කරන තැනැත්තියක්, අනාගත තාරකාවියක්" වශයෙන් සුහානා ඛාන් තමන් පිළිබඳ විස්තර කරන්නීය. බොලිවුඩයේ රජු ලෙස හඳුන්වන පුද්ගලයාගේ දියණිය කවරයේ ඡායාරූපයකට යොදා ගැනීම ඥාති සංග්‍රහයක් ලෙස බොහෝදෙනෙක් චෝදනා කරති.

වෝග් සඟරාවේ මෝස්තර අධ්‍යක්ෂිකා සහ ෂා රුක් ගේ දීර්ඝකාලීන මිතුරියකවූ අනීටා ශ්‍රොෆ් අඩජානියා (Anaita Shroff Adajania) මෙම නිරූපණ ඡායාරූප සඳහා මෝස්තර නිර්මාණය කර තිබේ.

එය සුහානා ඛාන්ගේ පළමු නිරූපණ ඡායාරූප එකතුව මෙන්ම පළමු සම්මුඛ සාකච්ඡාව ද වේ.

වෝග් සඟරාවේ ඉන්ස්ටග්‍රෑම් පළකිරීම, ඇය ඉදිරියට එන අලුත් ගැහැණු ළමයෙක් ලෙස හඳුන්වාදී තිබේ. ඊට 36000 ට වැඩි 'like' ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. කෝප සහගත ට්විටර් පණිවුඩ අතර, මෙම අවස්ථාව ලබාගැනීම සඳහා වෙර දරන නිළියන්ගේ ද අදහස් දක්නට විණි.

තමන්ගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් මතුවී ඇති ඍණාත්මක අදහස්වලට ප්‍රතිචාර දැක්වූ සුහානා; "වෛරී පුද්ගලයන් වෛර කරාවි කියා මම මටම කියා ගන්නවා, නමුත් අවංකවම එයින් සිත් නොරිදෙනවායි මට කියන්න බැහැ" යනුවෙන් පවසන්නීය.

"ඒක පීඩාකාරීයි. නමුත්, අනෙක් අයට ඊට වඩා ප්‍රශ්න තියෙනවායි මම මටම කියා ගන්නවා."
වෝග් සුරූපී සම්මාන උත්සවයේදී ෂා රුක් ඛාන් මෙම කවරය එළිදැක්වීය. සම්මාන උත්සවයේ අදහස් දක්වමින්, එය හිමිකමක් ලෙස නොදකිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු පැවසීය
"මට දේවල් හොඳින් සිදුවුණා නමුත් දරුවන් දරුවන්මයි. මේ වෙනස්වෙන ලෝකයේ සමහර වෙලාවට පහසු වටපිටාවක් තනා ගන්නට සහ ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්නට ඔබට මිතුරන්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඉතිං මගේ කුඩා දියණිය කවරයේ ඡායාරූපයට තෝරා ගැනීම ගැන වෝග් සඟරාවට ස්තුති කිරීමට අවශ්‍යයි." යැයි ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් කතා කළ ෂා රුක්, "මම හිතන්නේ ෂාරුක් ඛාන්ගේ දියණිය වීම නිසා ලැබුණු වරප්‍රසාදයක් ලෙස සැළකිය යුතු නැහැ. කවරයේ ඡායාරූපයට ගැනීම මගින් ඈ මත වගකීමක් තබා, මගේ දියණිය ලෙස ඇයට තිබූ සමහර වරප්‍රසාද ඉවත් කෙරෙන කිසියම් තැනක ස්ථානගත කිරීම ගැන ස්තුතියි." යනුවෙන්ද පැවසීය.
කෙසේ වෙතත්, සිය දරුවන් තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා වෙහෙසවී කටයුතු කරනු දැකීමට තමන් කැමති බව ෂා රුක් ඛාන් සඟරාවේ පවසා තිබේ.

කෙසේ වෙතත්, සිය දරුවන් තමන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා වෙහෙසවී කටයුතු කරනු දැකීමට තමන් කැමති බව ෂා රුක් ඛාන් සඟරාවේ පවසා තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top