Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 06
1,305
Views
තවත් අයෙක් දැඩි සත්කාරයේ..  රෝගීවූවන්ගේ ශරීිරවල සියලු පද්ධති අකර්මන්‍ය වීමේ ලක්ෂණ මතුවෙලා..


වාද්දූව වෙරළාසන්න හෝටලයක ඊයේ රාත්‍රී පැවති සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් තිදෙනෙකු මියගියා.

තවත් අයෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

වාද්දූව දුම්රිය ස්ථානය අසළ හෝටලයක පැවති මෙම සාදය සංවිධානය කර තිබුණේ පෞද්ගලික සමාගමක් විසින්.

මත්පැන්ද සහිත සාදය සඳහා අදාළ පිරිස සහභාගී වී ඇත්තේ විවිධ අගයන්ගෙන් යුත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් සාදයට සහභාගී වූවන් පැවසුවේ, එය පැවති ශාලාවේ පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැඩි තමන් දැඩි අපහසුතාවට පත්වූ බවයි.

සාදය අතරතුර මෙලෙස අසනීප වූ පුද්ගලයින් සිව් දෙනෙකු කඩිනමින් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, අධික උණ සහ ස්වසන අපහසුතා හේතුවෙන්.

කෙසේ වෙතත්, මෙම පිරිස හෘදය, අක්මාව ඇතුළු සිරුරේ සියලු පද්ධති අකර්මන්‍ය වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රෝහලට රැගෙන ආ සිව් දෙනා අතරින් එක් අයෙකු රෝහලට පැමිණෙන විටත් මියගොස් තිබූ අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ දිවුලපිටියේ පදිංචි වයස අවුරුදු 20 ක පුද්ගලයෙක්, කැස්බෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක පුද්ගලයෙකු සහ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 31 ක් හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද පස්වරුවේ පැවැත්වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top