Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 06
1,110
Views
මේනකා පීරිස් කියන්නේ නර්ථනයෙන් වගේම රංගනයෙන් ඉහළ දක්ෂතා දක්වපු හරිම සුන්දර චරිතයක්. බොහෝ සම්මාන උළෙලවල් හිදී ඇයගේ නම නොකියුණු සම්මානයක් නොලැබුණු අවස්ථාවක් නැති තරම්. ඒ තරමටම ප්‍රේක්ෂක ආදරයත්, ආකර්ශනයත් ඇය දිනා ගත්තා.මේනකා කොච්චර කාර්යබහුල වුණත් නටන එක නම් නවත්තන්නේ නැහැ නේද?

අනේ ඔව්. ඒක තමයි මම ජීවිතේ උපරිම සතුට ලබන තැන. රංගනය පැත්තෙන් කොයිතරම් කාර්යබහුල වුණත් සෙනසුරාදා, ඉරිදා නැටුම් පන්ති වෙනුවෙන් කාලය වෙන් කරනවා. ගල්කිස්සේ තමයි නැටුම් පන්තිය කරගෙන යන්නේ. පුංචි පැටව් මම එනකම් බලාගෙන ඉන්නවා. එයාලා වෙනුවෙන් මම කොහොම හරි නැටුම් පන්තිය කරගෙන යනවා. අවුරුදු 3න් ඉහළට මම නර්ථනය උගන්වනවා.

ඒ කියන්නේ මේ දවස්වල ජීවිතේ ගොඩක් කාර්යබහුලයි වගේ?

ටෙලිනාට්‍ය කිහිපයක්ම එකවර විකාශය වන නිසා රූගත කිරීම් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. කාර්යබහුල වුණත් ජීවිතේ රනිල් අයියත් එක්ක සතුටින් ඉන්නවා.
වෙනදට බොහොම අඩුවෙන් දකින්නට ලැබෙන මේනකාව මේ දවස්වල නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙනවා?
එකවරම කරපු නාට්‍ය හතරක් විකාශය වෙන්න ගත්ත පළමු අවස්ථාව මේක. මින් නාට්‍ය කිහිපයක් කලින් කරලා ඉවර වුණු නාට්‍යය. උරුමයක අරගලය, මිනිගං දෑල, කිරුළි මේ ටෙලිනාට්‍යයන් හතරෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

උරුමයක අරගලය නාට්‍යයේ බණ්ඩාර මැණිකේ ගැන කතා කළොත්?

ඓතිහාසික වීර පුරන් අප්පුගේ කථාවේ වීර පුරන් අප්පුගේ භාර්යාව බණ්ඩාර මැණිකෙගේ චරිතේ තමයි මම කරන්නේ. ඇය කාන්තාව වෙනුවෙන් කතා කරන සුද්දන්ට එරෙහිව වැඩ කරන වීර චරිතයක්. ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි. මම කොහොමත් විවිධ චරිත කරන්න ආසයි. බණ්ඩාර මැණිකේ හරහාත් මට ලොකු අද්දැකීමක් ලැබුණා.
මට හැමදාම ලැබුණේ වෙහෙසකර චරිත. ගොඩක් චරිත මට අතගාන්න ලැබුණා. ඒ චරිත අතර බණ්ඩාර මැණිකේ කියන්නෙත් මට ලැබුණු අද්විතීය චරිතයක්.

හිරු මෙගා ස්ටාර් රියැලිටියේ රනිල්ව නටවන්නෙත් මේනකා ද?

රනිල් ඇත්තටම නැටුවේ ගයාන් ශ්‍රීමාල් අයියා නිසා. මේ රියැලිටියට අපි දෙන්නට කතා කරද්දිම අයියා අකැමැති වුණා. හරිම අමාරුවෙන් තමයි නටන්න රනිල් අයියව කැමති කර ගත්තේ. ගයාන් අයියා තමයි රනිල්ට අඩියක් හරි තියන්න ඉගැන්නුවේ. රනිල් අයියාගේ තාත්තා නර්ථන ගුරුවරයෙක්. අයියාත් එහෙමයි. ඒත් එයා හිටියේ එයාට නටන්න බැහැ කියන තැන. කොහොම හරි ඉතින් දැන් දෙන්නම ෂේප් එකේ නටාගෙන යනවා. අයියා රියැලිටියේ නැටුවේ මම නිසා.

ඊළඟ බලාපොරොත්තුවට දැන් නියම කාලය කියලා හිතෙන්නෙ නැද්ද?

ඇත්තටම, අපි දෙන්නාගේ ඊළඟ බලාපොරොත්තුව තමයි දරු පැටියෙක්. දැන් අපි දෙන්නා පුළුවන් විදිහට පොඩි ගෙයක් හදාගෙන යනවා. කලාව පැත්තෙන් වැඩකටයුතු ඉවර වුණාට පස්සේ චිත්‍රපටයක් කරන්නත් ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේ බලාපොරොත්තු හීන නම් අපි දෙන්නට ගොඩක් තියෙනවා. බොහොම හෙමින් ඒවා සැබෑ කරගන්න උත්සාහ කරනවා.

මේනකා කැමති රනිල් නළුවෙක් වෙනවටද? අධ්‍යක්‍ෂවරයෙක් වෙනවට ද?

මේ දෙකෙන් මොන දේ කළත් ඔහු අවංකව වැඩ කරනවා. එයාගේ කැමැත්ත තමයි මගෙත් කැමැත්ත. පෞද්ගලික ජීවිතේ මට හොඳ සැමියෙක් වගේම මට ආදරවන්තයෙක්. ජීවිතේ අපට වැරදෙන්නේ, හරියන්නේ දෛවය අනුව. රනිල් නිසා මම අද ගොඩක් සතුටින් ජීවත් වෙනවා.



නදීශා අතුකෝරාළ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top