Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 13
1,701
Views
විවාහ වෙන හැම අම්මා කෙනෙකුගේම ඊලග හීනය තමයි දරු සුරතල් බලන එක. ආදරණිය දුවෙකුට හෝ පුතෙකුට අම්මා කෙනෙක් වෙන එක. ඒ හීනය ඒ විදිහටම මේ අම්මාටත් තිබුණා.විවාහ වෙලා ටික කාලයක් ගියාට පසුව තමයි ඇයට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. Ashley Zachmeyer එකවරම ගැබ් ගන්නවා. ඒ බව දැනගත් පසුව මුල සිටම ප්‍රතිකාර සදහාත් යොමු වෙනවා. නමුත් කුසට සති 18ක් ගෙවුණු දිනක පරීක්ෂණයක් සදහා යොමු වෙනවා. එහිදී කුසේ ඉන්න දියණියක් බවත් ඇය ඉතා කුඩා බවත් දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් දරුවා බිහිකිරීමට නියමිත කාලයට වඩා අඩුවෙන් දරුවා ප්‍රසුත කරන්නේ නොමේරූ ළදරුවෙක් හැටියටයි. ඇයගේ බර ඉතාමත් අඩුයි. ඒ ගැන ඇයගේ මව මෙහෙම කියනවා, 

"මම බබෙක් ලැබෙන්න යන්නේ කියලා දැනගත්තම බොහොම සතුටු වුණා. නමුත් දුව ඉපදුණාට පස්සේ විශේෂඥ වෛද්‍යවරු කිව්වේ දුවව ජිවත් කරන්න බැහැ බලාපොරොත්තු අතහැරගන්න කියලයි. බලාපොරොත්තු තියාගන්න වෙන්නේ සියයට 20ක් වගේ තමයි කියලා.මොකද දුවගේ බර තිබුනේ ග්‍රෑම් 411ක්. 

මම දෙවියන්ගෙන් ඇහුවේ ඇයි මේ විදිහට මට දුවක් දුන්නේ බලාපොරොත්තු නැති කරගන්න කියලා. නමුත් වෛද්‍යවරු දුවගේ ජිවිතේ අතහැරියේ නැහැ රෝහල්ගත කරලා සති 29ක් පුරා දුවව රෝහලේ තියා ගත්තා. මට මතකයි ඇයව මුලින්ම දැක්ක මොහොත. ඇය හිටියේ හරිම චුටියට. පිටතට පෙනෙන වතුර බුබුලක් වගේ තමයි ඇයගේ ශරීරය දැක්කේ. මගේ හිත වේදනාවෙන් දුක් වින්දා. නමුත් ඇයගේ ප්‍රතිකාර නතර වුණේ නැහැ. වෛද්‍යවරු ජිවත් කරවන්න බැහැ කිව්ව මගේ දුව දිනෙන් දින වැඩෙනවා වර්ධනය වෙනවා මම දැක්කා. කොහොම හරි දුව ඉපදිලා මාස 9ක් සම්පුර්ණ වූ දවසේ තමයි එයාව ගෙදර අරගෙන යන්න පුළුවන් වුණේ. ජිවත් වෙන්නේ නැහැ කිව්වා දුව දෙවියන්ට පින්සිද්ධ වෙන්න අද ජිවත් වෙනවා.."
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top