Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 12
4,368
Views
ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ (51) ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටට ගත් ඇගේ සැමියා පානදුර ප්‍රධාන මහේස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දා දක්‌වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ප්‍රභාත් රසික ඊටන් නමැති 52 හැවිරිදි අයෙක්.


ගායන ශිල්පිනී ප්‍රියානි මහත්මිය ඝාතනය කිරීමෙන් පසු පලාගිය සැකකාර සැමියා පෙරේදා (09 දා) පානදුර වලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය කීපයක්‌ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බව පානදුර දකුණ මූලස්‌ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පවසනවා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙලෙස පාපොච්චාරණය කළ බව පොලිසිය පවසනවා.

"මට වයිෆ් ගැන සැකයක්‌ තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසි දෙයක්‌ අහන්නෙ නැති ගතියක්‌ තිබුණා. සමහර වෙලාවට එයා අනුරාධපුරයේ ගියාම දවස්‌ 4-5 ගත කරලා එනවා. එයාගේ හෑන්ඩ්ෆෝන් එකට ගත්තම ප්‍රතිචාර දක්‌වන්නේ නැහැ. මෙන්න මේ නිසා මට එයා ගැන ලොකු සැකයක්‌ තිබුණා. එයා මට අධිකරණයේ නඩුවක්‌ පැවරුවා.

පස්‌සෙ අධිකරණයෙන් මට ගෙදර යන එක තහනම් කළා. ඒ තහනම ගිය මාසේ අවසන් වුණා. පස්‌සෙ මම ගෙදර ගියා. අපි සාමදානයෙන් ජීවත්වෙමු කියලා මම එයාට කිව්වා. ඒ ඉන්න කොට මට ආයෙමත් එයා ගැන සැකයක්‌ ආවා. එයාගේ හැසිරීම මට ඇල්ලුවේ නැහැ. එයා හෑන්ඩ් ෆෝන් එකේමයි කොයි වෙලේත් හිටියේ. මම කතා කළත් ගණන් ගන්නේ නැහැ. පසුව මම තීරණය කළා එයා මරන්න. කතුරක එක කොටසක්‌ හොඳට මුවහත් කළා. ඒක හංගාගෙන හිටියා. ජූලි 8 වැනිදා ඉරිදා රෑ 8.00 ට විතර පුතා ගෙදර සිටියේ නෑ. ලේලි සාලේ හිටියා. මම පුදුම කේන්තියකින් හිටියේ. මම එයා හිටිය කාමරයට ගියා. තිබුණ කෝපයට මම එයාගේ බෙල්ලටයි බඩටයි පපුවටයි ඔළුවටයි ඇන්නා. මට මොනවා වුණාද දන්නේ නෑ. එයා කෑගැහුවා. මම එතනින් පැනලා දිව්වා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීéක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top