Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 12
1,280
Views
දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.


ඒ ඊයේ පැවැත්වූ විනය පරීක්ෂණයකට අනුවයි.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟවලින් ඉවත්වීමට තීරණය කළ බවයි.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේදී පන්දුව පලූදු කළ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ලවුණා.

එමෙන්ම එම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේදී පිටියට පිවිසීමට පැය 2 ක පමණ කාලසීමාවක් ප්‍රමාද කිරීමෙන් අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය වූ බවටයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට චෝදනා එල්ලවුණේ.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම කඩ කළ බව පිලිගත්තා.

මීට පෙර දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් එක් ටෙස්ට් තරගයක තහනමක් සහ තරග ගාස්තුව දඩයක් ලෙස සියයට 100 කින් අය කරගැනීමට තීන්දු කර තිබුණා.

ඊට එරෙහි අභියාචනයක්ද දිනේෂ් චන්දිමාල් විසින් ඉදිරිපත් කළ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කළා.

මයිකල් බැලොෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිෂන් සභාව විසින් එය සලකා බැලීමෙන් අනතුරුවයි එය ප්‍රතික්ෂේප කෙරුණේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top