Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 11
2,160
Views
මේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමුවෙලා තියෙන්නේ තයිලනත්යේ උමගක සිරවී සිටින පාපන්දු කණ්ඩායම බේරාගැනීම පිළිබඳව. මේ වනවිට එම කණ්ඩායමෙන් දරුවන් 8දෙනකු බේරාගැනීමට ජාත්‍යන්තර කිමිඳුම්කරුවන් සමත් වී අවසන්. අනෙක් දරුවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක වනවා. පළමුවෙන් බේරාගත් දරුවන් අට දෙනා බේරාගැනීමේ මෙහෙයුමට එක්වූ Ivan Karadzic නමැති ජාත්‍යන්තර කිමිඳුම්කරු සිය අත්දැකීම් BBC ලෝක සේවය සමග මෙසේ පවසා තිබුණා. 

"මේ වගේ අත්දැකීමක් මේ වගේ වයස් සීමාවක දරුවන් පිරිසක් කවදාවත් විඳලා නෑ. වයස අවුරුදු 11ක වගේ වයසක දරුවන් කවදාවත් මේ වගේ උමඟක මේ වගේ දුෂ්කර ස්ථානයක කිමිදිලා නැතුව ඇති. ඇත්තෙන්ම ඔවුන් කිමිදෙන්නේ දැඩි උපද්‍රව සහිත දුෂ්කර මාර්ගයක. කිමිදිලා එද්දී කිසිදෙයක් පෙන්නේ නෑ, අපිට එළියකට තියෙන්නේ ටෝර්ච් එක විතරයි. සැබවින්ම අපි සෑහෙන්න තැති ගැනීමක සිටියේ කුමන හෝ බාධකයක් පැමිණේවි කියලා. අපි ගොඩක් උපකරණ අරන් යනවා. ගොඩක් අමාරු දෙයක් කියල ඔබට තේරෙනවා ඇති." 

"ඒ වගේම ගුහාව තුල සිර වී සිටින පාපන්දු කණ්ඩායමේ කණිෂ්ඨ ක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන මෙම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණ කිමිඳුම්කරු පවසා සිටියේ මෙවැන්නක්. "ඇත්තටම මට හිතාගන්න බෑ මේ පුංචි දරුවන් කලබලයකින් තොරව කොහම ඉන්නවද කියලා. ඔවුන් තමන්ගේ දෙමව්පියන් සුමාන දෙකකින් දැකලා නෑ. එත් ඔවුන් මානසිකව කඩා වැටිලා නෑ, ඔවුන් විශිෂ්ට ගණයේ දරුවන් පිරිසක්." 

පළමු දරුවා බේරාගන්නා මොහොතේදී මේ කිමිදුම්කරු අදාළ ගුහාවේ පිටවීමේ සථානයට මීටර් 50ක් පමණ දුරින් වූ ස්ථානයක රැදී සිටියා. පළමු දරුවා පැමිණෙනවිට ඇතිවූ හැගීම පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා. ඊට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්.

"ඇත්තටම මට තැතිගැන්මක් ඇති වුණා. මම දරුවා සහ කිමිදුකරු වූ මගේ සගයා දැක්කේ ක්ෂිතිජය වගේ. මම දන්නේ නෑ ඒ දරුවා හොදින් හිටියද නැද්ද කියලා, ඇත්තටම මම තැතිගැස්මකින් සිටියේ. හැබැයි ඒ දරුවා හොදින් හුස්ම ගන්නවා දැක්කම මට ඇති වුනේ පුදුමාකාර සතුටක්."
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top