Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 10
1,681
Views
උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තීනෝගෙන් ආරාධනාවක් ලැබී තිබේ.


ජූනි 23 වැනි දා ගල් ගුහාව තුළ සිරවූ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයා ගනු ලැබුවේ පසුගිය සතියේදීය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමට මසකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි මුලින් පැවසුව ද දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුමකින් පසුව මේ වනවිට දරුවන් 8 දෙනකු ගල් ගුහාවෙන් පිටතට රැගෙන ඒමට බලධාරීන්, කිමිදුම්කරුවන් ඇතුළු දැවැන්ත කණ්ඩායමක් සමත් වී තිබේ. 

බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් මෙම දරුවන් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගන්නා විට, ඔවුන් දහතුන්දෙනා දින 13කට ආසන්න කාලයක් ගල් ගුහාව තුළ සිරවී සිට ඇතැයි පැවසේ. 

මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව ජූලි 15 වැනි දා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ‘අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරාධිතයන්’ ලෙස සහභාගී කරවාගැනීමට තමන් සූදානම් බව ජානි ඉන්ෆන්තීනෝ සඳහන් කරයි. 

ජූලි 15 වැනිදා ට පෙර දරුවන් සියලු දෙනා මුදා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය. ජාත්‍යන්තර පාපන්දු පිටියේ ඉහළම පෙළේ ක්‍රීඩකයන් රැසක් ද මේ වනවිටත් මෙම ධෛර්යවන්ත දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුට සහයෝගය පළ කර තිබේ. 

ඉන්ෆන්තීනෝ විසින් මේ වනවිටත් අදාළ ආරාධනාව සහිත ලිපියක් තායිලන්ත පාපන්දු සම්මේලනය ප්‍රධානීයාට එවනු ලැබ තිබේ.

“අපි සියලු දෙනාම බලාපොරොත්තු වන පරිදි ඔවුන් ඉක්මණින් ඔවුන්ගේ පවුල් සමඟ එක්වේවි. ඔවුන්ට ගුවන් ගමනක යෙදෙන්න තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තිබෙනවා අපේ ආරාධිතයන් ලෙස ඔවුන් අවසාන මහ තරගය නැරඹීම සඳහා ගෙන්වා ගන්න අප සූදානම්” යනුවෙන් ඉන්ෆන්තීනෝ සඳහන් කර ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top