Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 09
3,312
Views
තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ පුවත තායිලන්තයට පමණක් නොව මුළු ලෝකයටම සුබ ආරංචියක් වුණා. නමුත් අනෙක් පිරිසගේ ජිවිත බේරාගනිමින් ගුහාවෙන් පිටතට ගෙන එම අද දක්වා ඔවුන් කල් දමා තිබෙනවා. කොහොම නමුත් සම්පූර්ණයෙන්ම අඳුරු ගුහාව දිගේ මඩේ එරෙමින් උස් ස්ථාන තරණය කරමින් ජලය සහිත ස්ථාන වලදී කිමිදෙමින් පිටතට පැමිණීමට දරුවන්ට සිදුව තිබෙනවා.


එක් දරුවකු රැගෙන ඒමට කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහාය ලබා ගෙන තිබෙන අතර පිටතට පැමිණි දරුවන් චියැං රායි රෝහලයට රැගෙන ගොස් තිබෙනවා. 

මේ වන විට ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බැවින් මෙහෙයුම පැය 10කට පමණ තාවකාලිකව නතර කර ඇතැයි බලධාරීහු පවසනවා.

ප්‍රවීණ කිමිදුම්කරුවන් 90ක් ගුහාව තුළ මෙහෙයුමට සම්බන්ධව සිටින අතර ඔවුන්ගෙන් 40දෙනකු තායිලන්තයෙන් වන අතර විදේශීය කිමිදුම්කරුවන් 50 දෙනෙකුගෙන් යුක්තයි. සෙනසුරාදා දිනයේ වෛද්‍යවරු කිහිපදෙනෙක් දරුවන් සිටි ස්ථානයට ගිය අතර ප්‍රමුඛතා ලෙඛණයක් සකස්කර දුර්වල අය මුලින්ම රැගෙන ඒමට තීරණය කර ඔවුන්ගේ ජිවිත බේරා ගැනීමට උත්සුක වී තිබෙනවා.

හදිසි වර්ෂාපතන තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ අංශ අනතුරු ඇඟවූ හෙයින් මෙහෙයුම සැලසුම් කර තිබුණාට වඩා වේලාසනින් පටන් ගැනීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා කරනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top