Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 08
2,498
Views
ඇය තායි ජාතික විදේශීය කාන්තාවකි. 

ඕ සුන්දර යොවුන් වියේ පසුවූ රූමත් තරුණියක්‌ වුවාය. මෙකී තායි තරුණිය මුහුදුකරය ආශ්‍රිත සම්භාහන මධ්‍යස්‌ථානයක සේවය කළාය. රූමත් තරුණියක්‌ වූ නිසාම මෙකී සම්භාහන මධ්‍යස්‌ථානයට සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් ඇයට හිමි වූයේ ඉහළ ඉල්ලුමකි. බොහෝ ගනුදෙනුකරුවන් පැමිණියේ තායි තරුණියගේ පහස විඳ ගැනීම සඳහාය. මේ අතරතුර මෙකී තරුණියගේ පහස විඳ ගැනීම සඳහා පැමිණි එක්‌තරා තරුණයකු ඇයට වශී වී සිටියේය. ඔහු සතියකට වරක්‌ දෙවරක්‌ මෙකී සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණීමට පුරුදුව සිටියේය.

මේ අතර කාලයේ මොහු හා තායි තරුණිය අතර ප්‍රේම සම්බන්දතාවයක්‌ ද ගොඩනැඟී තිබුණි. මෙම තරුණයා ධනවත් ව්‍යාපාරිකයකු වූ නිසා ඔහු අත දිගහැර තායි තරුණියට මුදල් වියදම් කළේය. තරුණයා තායි තරුණියගෙන් බලපොරොත්තු වූයේ තමන්ට පමණක්‌ සේවය සලසා ගැනීමයි. තායි තරුණිය තමන්ගේ ගනුදෙනුකරුවකු බවට පත්කර ගැනීම ඔහුගේ බලාපෙරොත්තුව වූයේය. "මම ඔයාට හොඳට සලකන්නම් ඔයා වෙනත් ගනුදෙනුකරුවන්ට සේවය සලසන්න එපා." තරුණයා කිහිපවරක්‌ම තායි තරුණියට කීවේය. තරුණයා තායි තරුණියට බොක්‌කෙන්ම ආදරය කළේය. එහෙත් තායි තරුණියගේ අරමුණ වූයේ වෙනත් ගනුදෙනුකරුවන්ට ද සේවය සලසා දී හැකි තරම් මුදල් උපයා ගැනීමයි. තායි තරුණිය මුදල්වලට දැක්‌වූයේ දැඩි කෑදරකමකි ගිජු බවකි. කොටින්ම කිවහොත් ඇය මෙකී ධනවත් තරුණයට බොරු ආදරයක්‌ පෙන්වූවාය. ඇයට අවශ්‍ය වූයේ තරුණයාට නොයෙකුත් ආලවට්‌ටම් දමා තරුණයාගේ මුදල් කඩා වඩා ගැනීමයි.

මෙකී තරුණයා තායි තරුණිය සමඟ රාත්‍රී සමාජ ශාලාවලට ද ගියේය. එහිදී මොහු තායි තරුණිය සමඟ රිසිසේ විනෝද විය. තරුණයා තායි තරුණිය වෙනුවෙන් කිසිදු ලෝභකමක්‌ නොමැතිව අත දිගහැර මුදල් වියදම් කළේය. ඒ තරමට මෙකී තරුණයා තායි තරුණියට ලොල් වී සිටියේය.

මේ අතරතුරේ වෙනත් ගනුදෙනුකරුවන්ට සේවය ලබා නොදෙන ලෙස තායි තරුණියගෙන් ව්‍යාපාරික තරුණයා කෙතරම් ඉල්ලීම් කළ ද තායි තරුණිය ඒ කිසිවක්‌ ගණන් ගත්තේ නැත. "අනේ ඒක නම් මට කරන්න බැහැ. ඒක මගේ රැකියාව" ඇය ව්‍යාපාරික තරුණයාට කීවාය. තායි තරුණියගේ හැසිරීම ගැන තරුණයා සිටියේ ඇයත් සමඟ එතරම් හිත හොදකින් නොවේ.

මේ නිසාවෙන් මෙම තරුණයා තායි තරුණිය සමඟ දැඩි වෛරයෙන් පසුවූයේය. එක්‌ දිනක්‌ මොහු සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණෙන විට තායි තරුණිය වෙනත් ගනුදෙනුකරුවන්ට ද සේවය ලබා දෙමින් සිටියාය. මෙය දැකීමෙන් තරුණයාට යකා නැග්ගේය. ඔහුගේ ඇගේ ලේ රත්වන්නට විය.
හේ එදින තායි තරුණියගෙන් සේවය ලබා නොගෙන සම්භාහන මධ්‍යස්‌ථානයෙන් පිටව ගියේය. පසු දින මොහු යළි සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණ තායි තරුණියගෙන් සේවය ලබා ගනිමින් සිටියේය. ඔහු එදින සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණියේ තායි තරුණිය සමඟ දෙකෙන් එකක්‌ බේරාගැනීම සඳහාය. තායි තරුණිය ව්‍යාපාරික තරුණයා ඉතා උණුසුම් ලෙස පිළිගත්තාය. නමුත් තරුණයාගේ මුහුණේ කිසිදු සිනහවක්‌ නොවිය. මුහුණ රත් පැහැ ගැන්වී තිබුණේය. මේ අතර තරුණයා තායි තරුණියගේ පහස විද ගනිමින් සිටිය ද ඇයත් සමඟ පසුවූයේ දැඩි වෛරයකිනි.

තරුණයා සම්භාහන මධ්‍යස්‌ථානයට පැමිණියේ උල් පිහියක්‌ද රැගෙනය. තරුණයා තායි තරුණිය සමඟ ලිංගිකවද එක්‌ වූයේය. ගත වූයේ නිමේෂයකි. තරුණයා තමන් ළඟ තිබූ උල් පිහියෙන් තායි තරුණියට ඇණගෙන ඇණගෙන ගියේය. ඇයගේ සිරුරෙන් රුධිරය ගලා යන්නට විය. මොහුන් සිටි කාමරය රුධිරයෙන් තෙත් වි තිබුණි. තායි තරුණිය නිරුවතින් සිටි අතර රෝහලට රැගෙන එන විටත් ඕ මියගොස්‌ සිටියාය. ඇගේ උදරයේ උල් පිහිය රැඳී තිබුණි. තායි තරුණියට පිහියෙන් අනිනු ලැබූ තරුණයා පළා ගියේය. පසුව මෙකී ඝාතනයට සැකපිට තරුණයා පොලිස්‌ අත්අඩංගුවට පත්විය

තායි තරුණියගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත් වූයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ජානකි වරුෂාහැන්නදි මහත්මියයි. තායි තරුණියගේ පපුවට උදරයට හා සිරුරේ වෙනත් ස්‌ථානවලට පිහි පහරවල් 14 ක්‌ පමණ ඇණ තිබූ බව පශ්චාත් මරණ පරීක්‌ෂණයේ දී අනාවරණය විය. මෙවැනි ඝාතනයකදී අපරාධකරු කොටුකර ගැනීම සඳහා විද්‍යාත්මක සාක්‌ෂි ඉතා වැදගත් වන්නේය. ඒ නිසා පශ්චාත් මරණ පරීක්‌ෂණයේ දී අනාවරණය කරගන්නා විද්‍යාත්මක සාක්‌ෂි ඉතා වැදගත් වන්නේය.

"ඇත්තටම මෙවැනි ඝාතන වලදී ෙච්තනාව ඉතා වැදගත් වෙනවා. අපරාධකරු පිහියෙන් ඇන්නේ මරණ ෙච්තානාවෙන්ද? නැති නම් තුවාලයක්‌ සිදුකිරීමට ද කියා සොයා ගැනීම ඉතා වැදගත්. ඝාතනයට ආයුධ කිහිපයක්‌ භාවිතා කළා ද එක ආයුධයක්‌ පාවිච්චි කළේ ද කියලත් සොයාගත යුතු වෙනවා. මෙකී ඝාතනය සිදු කළේ මෙම පිහියෙන් ද වෙනත් පිහියකින් ද කියලත් තහවුරු කරගත යුතුයි. තායි තරුණියගේ සිරුරේ තුවාල කිහිපයක්‌ තිබුණා. ඇගේ තිබුණු තුවාල විවිධ හැඩයන්ගෙන් යුක්‌තව තිබුණා. පිහිය දෙපැත්ත කැපෙන පිහියක්‌ද කියලත් බලන්න ඕන හැම තුවාලයක්‌ම සිදුකරලා තිබුණේ එක්‌ පැත්තකින් කැපෙන පිහියකින්.

උදරය පසාරුකරගෙන ගොස්‌ තිබූ පිහි පාර නිසා ඇතිවූ තුවාලයේ ගැඹුර පිහියේ ගැඹුරට සමාන වී තිබුණා. පිහියේ ඇඟිලි සලකුණු පරීක්‌ෂා කිරීමේ දී එය මෙකි අපරාධය කළ අපරාධකරුගේ බවට තහවුරු කරගත්තා. අණිනු ලැබූ පිහි පහරවල් සිරුරේ වැදගත් අවයවවලට ඇනීම නිසා තරුණිය මැරීමේ ෙච්තනාවෙන්ම තමයි මොහු පිහියෙන් ඇණලා තිබුණේ. ඒ නිසා ෙච්තනාව ඉතා පැහැදිලියි. තායි තරුණය මැරීමේ ෙච්තනාවෙන්ම තමයි අපරාධකරු පිහියෙන් ඇනලා තිබුණේ" යෑයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය පැවසුවාය.

අපරාධකරු තායි තරුණිය සමඟ ලිංගික ක්‍රියාවලියක යෙදී ඇති බව ඇගේ යෝනි මාර්ගයේ තිබූ ශුක්‍රාණුවලින් තහවුරු කර ගැනීමට ද පශ්චාත් මරණ පරීක්‌ෂණයේ දී හැකි විය.. අධිකරණය ඉදිරියේ දී මළවුන් කථාකරවන අය වශයෙන්ද අධිකරණ වෛද්‍යවරු හැඳින්විය හැකිය. මේ නිසාවෙන් විශේෂයෙන්ම අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේදී අධිකරණ වෛද්‍යවරුන් ලබා දෙන විද්‍යාත්මක සාක්‌ෂි ඉතා වැදගත් වන්නේය. අවසානයේ තායි තරුණියගේ ඝාතනයට සම්බන්ධ තරුණයාටද මරණ දඬුවම හිමිවිය.

මෙහි එන නම් ගම් මනඃකල්පිතය

රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරෙන් මෙම ලිපිය සකස්‌ කර තිබෙනවා.

ලලිත් චාමින්ද
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top