නගරාධිපති පියේ අච්කාරා පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කරමින් නව නීති පනවා ඇත්තේ නගරයට පැමිණෙන සංචාරකයන් වැඩි කර ගැනීමට යැයි ද පැවැසෙයි.
නව නීතියට අනුව, පොලිස් කාන්තාවන් කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියෙන් සැරැසී සිටිය යුතු වෙයි.
‘බ්‍රොම්මානා’ නගරයට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 99 කින් පහළ වැටී ඇති හෙයින් තමන් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
කෙසේ නමුත් නගරාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිත බව ද වාර්තා වේ.