Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 04
3,938
Views
ආදරය රාගයෙන් තොර වූ පරම පවිත්‍ර සිතුවිල්ලක් යැයි සාහිත්‍ය කෘතිවල ගීතවල මෙන්ම සිනමා පටවලද ද සඳහන්. එහෙත් ඇතැම් ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර ඇතිවන පරම පවිත්‍ර යැයි කියගන්නා ආදරයක පදනම ලිංගික ආකර්ෂණයක් පමණකි. ප්‍රේම සබඳතාවයක් ආරම්භ වී දින කිහිපයක් ගත වෙද්දි කාටත් හොර රහසේ මෙවැනි අය පාළු ස්ථාන වෙත කුලියට ගත් කාමරවලට යන්නේ ලිංගික ආකර්ෂණය නිසා ඇති වූ ලිංගික ආශාව සන්තර්පණය කර ගැනීම සඳහාය. ආදරයේ නාමයෙන් එලෙස පෙම්වතා සමඟ තනිවන බොහෝ පෙම්වතියන්ට අවසානයේ ඉතිරි වන්නේ කඳුළ පමණි. ඇයගේ කුමරි බඹසරය සිඳ දැමූ සමහරු යන්නට ගොසිනි. පරම පිවිතුරු ප්‍රේමය එතැනින් අවසානය. ඉන් අනතුරුව ඇය හමුවන ඕනෑම පිරිමියෙකුට ළං වන්නේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිස ආදරය මුල් කරගෙන නොවන බව බොහෝ ප්‍රේම වෘතාන්තවලින් මැනවින් පේනෙවා. මේ කියන්න යන්නෙත් ඒ් වගේ හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ තරුණියකට විවාහ යෝජනාවකින් තීන්දු වූ කිසියම් රෝගයකින් පෙළෙන තරුණයෙකු විවාහ කරගෙන තරුණයා අතින් මරුම් කා ඇයට නොසිතූ ලෙස ජීවිතයෙන් සමුගන්නට සිදු වූ සිදුවීමක් ගැනයි. ඇය නිමින් පුත්තලම පොලිස් වසමේ විලුවවත්ත ප්‍රදේශයේ පදිංචි සචිනි නිමේෂා නම් වූ තරුණියක්. විවාහ යෝජනාවකින් ඇයට හමුවන ප්‍රියංකර නම් තරුණයා වෙත සචිනි පරම පවිත්‍ර වූ ප්‍රේමය පුද කරනවා. දෙදෙනා අතර සම්බන්ධය යම් කාලයක් දක්වා දුරදිග යන්නට පටන් ගන්නේද දෙදෙනාට දෙදෙනාම නැතුව බැරි බව හගවමින්. දෙදෙනාගේ ප්‍රේම්සම්බන්ධය ගෙවල් දෙකෙන්ම කැමැත්ත මත පවත්වාගෙන ගියත් කාලයක් යද්දි ප්‍රියකර කිසියම් අසනීප තත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව සංචිනිගේ පියාට දැනගන්නට ලැබෙනවා. එය කිසියම් මානසික ආබාධයක් බව පියාට දැනගන්නට ලැබී ඇත්තේ. මේ පිළිබඳ දියණිය දැනුවත් කිරීමට පියා කටයුතු කළ ද දියණියගේ පිළිතුර වූයේ ඔවුන් අතර පැවති සම්බන්ධය කිසිසේත් නැවැත්විය නොහැකි බවයි. සචිනිගේ දෙමව්පියන්ගේ විරෝධය නිසා ප්‍රියංකර සචිනිගේ නිවසට යාම නතර කළ ද දුරකථනය ඔස්සේ සචිනි හා දිගටම සම්බන්ධතාව පැවැත්වූයේ සචිනිගේ මව්පියන්ට රහසිගතවය. කෙසේ වුවත් සචිනිගේ අවසාන තීරණය බවට පත්වූයේ දෙම්පියන්ගේ විරෝධය මැද පුත්තලම කුරුණෑගල මාර්ගයේ විල්ලුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රියංකරගේ නිවසට යාමටයි. පසුව දෙමව්පියන් දියණියගේ කැමැත්තට ඉඩදී ඇයව නීත්‍යානුකූලව විවාහ කර දීමට කටයුතු කර තිබෙනවා. විවාහයෙන් පසු ගතවූ මුල් කාලයේ සතුටින් ගත කිරීමට ඔවුන්ට හැකි වුවත් පසුව ඔවුන්ගේ විවාහ ජීවිතයට කණකොකා හැඬීමට පටන් ගත්තේ ප්‍රියංකරට පැවති මානසික ආබාධය හේතුවෙන් ගත් ඖෂධ නිසා ඔහු ලිංගික බෙලහීනත්වයට පත්වීම හේතුවෙන් අඹුසැමි සම්බන්ධතා පැවැත්වීම නතර කළ නිසාවෙනි. ඉකුත් 21 වන දින සචිනිගේ නිවසට දෙදෙනාම ඇවිත් ගොස් තිබූ අතර ඔවුන් නැවත ප්‍රියංකරගේ නිවසට ගිය විට ඔවුන් අතර බහින්බස් වීමක් ඇති වී තිබුණි. ප්‍රියංකරගෙන් ලිංගික පහස ලබා ගැනීමට නොහැකිවීම නිසා ඇතිවූ පීඩනයෙන් සචිනි සිටි නිසා ඔවුන් අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග ගොස් සචිනිගේ ආවේගය වැඩි වී ප්‍රියංකරගේ කලිසමේ තිබූ බඳ පටිය ගෙන ප්‍රියංකරගේ ලිංගික ප්‍රදේශයට පහරක් එල්ල කර තිබේ. ඉන් කෝපයට පත්වූ ප්‍රියංකර වහා මුළුතැන්ගෙට දිවගොස් පිහියක් ගෙනැවිත් සචිනිගේ පපු ප්‍රදේශයට පිහිපහරවල් එල්ල කළේ ඇගේ ජීවිතයට මරණය කැන්දමිනි. අසල්වැසියන්ට ප්‍රියංකරගේ නිවසින් ඇසුනු මරලතෝනි හඬ නිසා පැමිණියත් නිවසට ඇතුළු වන්නට නොහැකි වූයේ ප්‍රියංකර විසින් නිවසේ දොරගුළු දමා මෙම අපරාධය සිදු කර තිබූ නිසාවෙනි. කෙසේ වුවත් දොර කඩා සචිනිව රෝහලට රැගෙන යාමට අසල්වැසියන් කටයුතු කළද ඉන් දින 2 කට පසු සචිනිගේ ජීවිතය සදහටම නිහඩ විය. ප්‍රියංකර ද පිහියෙන් සිය සිරුර තුවාල කර ගෙන තිබූ අතර ඔහුද රෝහල් ගත කිරීමට අසල්වැසියන් කටයුතු කර තිබුණි. මෙසේ දෙමව්පියන්ගේ කීමට පිටුපා කාමයට ලොල්වූ සචිනිට සිදුවූයේ දෙමව්පියන්ට සදාකාලික දුකක් උරුම කර දී ජීවිතයෙන් සමුගැනීමටය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top