Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 July 03
3,273
Views
අනුජ් රණසිංහ කියන්නේ සිනමාවේ පෙම්වතාගේ චරිතය ආක්‍රමණය කරගත් නළුවෙක්. නිරූපණ ශිල්පියෙක් හැටියට කලාවට අවතීර්ණ වූ ඔහු දැන් නළුවෙක් විදිහට වැඩිපුර දකින්න ලැබෙනවා. ඔහු ඔහුගේ ආදරේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. මේ ඒ ගැනයි


තාරුණ්‍යයට එද්දී අනුඡ් ගැහැනු ළමයි අතරේ ජනප්‍රිය කෙනෙක්‌ වෙනවද?
මම ඉස්‌කෝල දෙකක ඉගෙන ගත්තා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා කොළඹ ශාන්ත පීතර විද්‍යාලය. බැඩ්මින්ටන්, උස පැනීම, දුර පැනීම, ක්‍රිකට්‌ යන ක්‍රීඩාවලට යොමුවෙලා හිටියා. ඒ එක්‌කම පාසල් වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයෙක්‌ විදිහටත් මම කටයුතු කළා. පානදුර සුමංගල විද්‍යාලයේ ඉන්න කාලෙම බිග්මැච් කාලෙදී කරපු දඟකාර වැඩ එක්‌ක අවට කාන්තා පාසල්වල ළමයි අතරේ විතරක්‌ නෙවෙයි හැමෝම අතරේ ජනප්‍රිය චරිතයක්‌ වෙලා හිටියා.

අනුඡ් පෙම්වතෙක්‌ වෙන්නේ?
10 - 11 වසරෙදී තමයි මගේ ප්‍රථම ප්‍රේමය මම පටන් ගන්නේ. ඒ කාලේ පෙම් හසුන් ලියලා ගෙදරට ඉස්‌කෝලෙ ගුරුවරුන්ට අහුවෙනවා. අපේ පෙම් කතාව ගෙවල්වලට අහුවෙලා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඇතිවුණ සුන්දර වගේම අසුන්දර දේවල් එක්‌ක අපේ ආදරය මගේ පාසල්විය පුරාවටම තිබුණා. අපි අවුරුදු හතක්‌ විතර පෙම්කළා.

සත් වසරක පෙම් ගීතය ගොළුවෙලා යන්නෙ අනුඡ්ට නළුවෙක්‌ වෙන්න වරම් ලැබුණ නිසාද?
එහෙමම කියන්න බැහැ. නමුත් මම කලාවට ආවට පස්‌සේ විවිධ තේරුම් නොගැනීම් එක්‌ක අපි අතර ප්‍රශ්න ඇතිවුණා. අන්තිමට ඒ ආදර කතාවට සමුදෙන්න අපි තීරණය කළා.

නළුවෙක්‌ විදිහට අනුඡ් ඉස්‌ ඉස්‌සෙල්ලම පෙම් කරන්නෙ කාටද?
සිනමාවේ පළමු පෙම්වතිය විදිහට හමුවෙන්නෙ දිනක්‌ෂි. හැබැයි ඊට කලින් ටෙලි නාට්‍යයක මම උදාරි වර්ණකුලසූරිය එක්‌ක පෙම් චරිතයක්‌ රඟපාලා තියෙනවා. මේ දෙකෙන් වැඩිම ප්‍රේම ජවනිකා තිබුණෙ චන්ද්‍රම් රත්නම් මහත්මයගේ මේ වගේ ආදරයක්‌ චිත්‍රපටයේ දිනක්‌ෂි එක්‌ක රඟපාපු චරිතයෙයි.

එදා ඉඳන් මේ දක්‌වා අනුඡ් තිරයේ පෙම්වතා විතරමද?
මම චිත්‍රපට හතරක රඟපාලා තියෙනවා එයින්. චිත්‍රපට තුනකම මම පෙම්වතා වුණා. එක විත්‍රපටයක දුෂ්ටයාගේ චරිතයක්‌ කළා. තරුණ තරුණියෝ ආකර්ෂණය වෙන්නේ පෙම්වතාගේ චරිතයට. හැබැයි මං කැමතියි විවිධ චරිත කරන්න. එයින් මට මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන්.

අනුඡ්ගේ තිරයේ ප්‍රේමබර දිවිය එසේ වෙද්දී හැබෑ දිවියේ පෙම් කතාව?
ආදරය කියන දේ මගේ ජීවිතයේ හැමදාම තිබුණ දෙයක්‌. ආදරය මට හැමදාම ලැබුණා. මම අදටත් ආදරය විඳිනව. ඒ ආදරයෙන් මගේ රංගන දිවියට ලොකු සහයක්‌ ලැබෙනවා. මම හිතන්නේ ගොඩක්‌ ආදර සබඳතා බිඳවැටෙන්නේ තේරුම් ගැනීම හා අවබෝධය නැති නිසයි. මට මාව තේරුම් ගත්ත ආදරයත් තියෙනවා.

තිරයේ පෙම්වතා වී සිටින අනූඡ් රසිකාවියන්ගේ ආදරයට මැදි වුනහම ඇය...? නොගැනීම 
ඇයටත් මටත් වෙන් වෙන්වූ ප්‍රේක්‌ෂක පිරිසක්‌ ඉන්නවා. එයත් ප්‍රේක්‍ෂකයන්ව තමන්ගේ සීමාවේ තියාගන්නව වගේම මමත් මගේ රසික රසිකාවියන්ව මගේ සීමාවේ තියාගෙන ඉන්නවා ඒ නිසා ඒක ප්‍රශ්නයක්‌ වෙලා නැහැ.

අනුඡ් කලාවෙන්ම පෙම්වතියක හොයා ගන්නේ?
තමන් ආදරය කරන කෙනා මං කලාවේ ඉන්න කෙනෙක්‌ද වෙන වෘත්තියක්‌ කරන කෙනෙක්‌ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. දෙදෙනා අතර තේරුම් ගැනීම හා අවබෝධයයි. දෙදෙනාම කලාකරුවන් වෙලා එකිනෙකා තේරුම් ගන්න බැරිව වෙන්වුණ යුවළවල් ඕන තරම් ඉන්නවා. මම ඇයව තෝරගත්තේ ඇය නිළියක්‌ වූ නිසා නෙවෙයි මගේ හිත කැමති වූ චරිතයක්‌ වූ නිසයි.

අනුඡ් ප්‍රේමය වෙනුවෙන් වෘත්තිය දිවියේදීත් කැපකිරීම් කරන නළුවෙක්‌ද?
අනිවාර්යෙන්ම. ඇය අකමැති දේවල් තියෙන්න පුළුවනි. එයා අකමැති දේවල් මම නොකරනවා කියන සීමාවේ තියෙන දේවල්ම තමයි. මගේ සංස්‌කෘතියට මගේ අම්ම තාත්තට බලන්න බැරිදේවල් මම කරන්නේ නැහැ. මට වගේම එයාටත් ඒ සීමාව තියෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top