Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 22
1,426
Views
පෙම්වතා තමන්ව පැහැරගෙන ගොස් මව සහ පියා සමඟ එක්ව තමන් ගණිකා වෘත්තියේ යෙදවූ බවට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ චෝදනාවට විත්තිකරුවන් වූ පවුලක් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.


පැමිණිලිකාරිය සහ ඇගේ මව අයාලේ යෑමේ චෝදනාවලට වරදකරුවන් වී ඇති පුද්ගලයින් බවත්, ඔවුන්ට පාතාලයේ අපරාධකරුවන් සමඟ සම්බන්ධතා ඇති පුද්ගලයින් බව හෙළිවූ බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

තව ද පැමිණිලිකාරිය බහුවිවාහ කරගෙන ඇති තැනැත්තියක් බවත් හෙළිවී තිබෙනවා. අදාළ පැමිණිල්ලෙන් නිදොස් කොට නිදහස් වී ඇත්තේ පුතා, මව සහ පියා ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක්. ඔවුන් වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක වූ රිද්මා තරංගනී නැමැත්තියේ ඇගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම, ඇය ගණිකා නිවාසයක රඳවා තැබීම සහ ඇයව ගණිකා වෘත්තියේ යෙදවීමට කුට්ටනය කිරීම ඇතුළු චෝදනාවන් 11 කට චෝදනා ලබා සිටියා. 

2004 මැයි මස 27 වන දා මව සහ පියා සමඟ බෙහෙත් ගැනීමට ගොස් සිටියදී බයිසිකලයකින් පැමිණි පළමු සැකකරු තමා රැගෙන ගොස් ගණිකාවක් බවට පත්කළ බවයි පැමිණිකාරිය සාක්කිදෙමින් පවසා තිබුණේ. පසුව ඇය රඳවා සිටි නිවසින් පැනගොස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කළ බවද පවසා ඇති පැමිණිලිකාරිය විත්තිකරුවන්ගේ නිවසේදී තමන්ට සිදුවූ අපරාධය පිළිබඳව සාක්කි දෙමින් තමන් අවිවාහක බවට ප්‍රතිඥා දී ඇති නමුත් නඩු විභාගයේ දී හෙළිවී ඇත්තේ ඇය පුරුෂයින් දෙදෙනෙක් සමඟ නීත්‍යානුකූලව විවාහ වී ඇති බවයි. 

ඇය තරංග රාමනායක නැමැත්තා සමඟ විවාහ වීමේදී ඇය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ඇයට එම වරද සිදුවන විට ඇගේ වයස අවුරුදු 20 ක් බව ද හෙළිවී ඇති අතර ඔහු සමඟ විවාහ වීමට වසර දෙකකට පෙර 2004 වසරේදී ගයාන් මුණවීර නැමති පුද්ගලයෙකු අතින් ඇය අමාරුවේ වැටුණු බවත් පැමිණිලිකාරියගේ මවගේ සාක්කිය අනුව හෙළිවන බවයි විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ. 

එහෙත් පැමිණිලිකාරිය ගයාන් මුණවීර නැමැත්තා සමඟ සම්බන්ධයක් නොතිබූ බවට අධිකරණය හමුවේ අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටියා. පැමිණිලිකාරිය පදිංචිව සිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිය සාක්කි දෙමින් ශ්‍රීමතී විජේරත්න නැමැත්තිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ සහ ගණිකා වෘත්තියේ යෙදෙන බවට හෙළිකර තිබුණා. තවද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී අයාලේ යෑමේ චෝදනාවට තවත් 6 දෙනෙකු සමඟ ඉෂාරා ලියනගේ නැමති ව්‍යාජ නාමයකින් පෙනී සිටිමින් වරද පිළිගෙන ඇත්තේ මෙම නඩුවේ පැමිණිලිකාරිය වන රිද්මා තරංගනී නැමති තැනැත්තිය බව ද විනිසුරුවරයා සඳහන් කළා. 

ඒ අනුව සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරුවරයා කටයුතු කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top