Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 19
1,591
Views
ආලියා බාත් බොලිවුඩයේ සිටින දඟකාර රුවැත්තියක්. ආලියාගේ සුරූපී හුරුබුහුටි පෙනුම නිසාම සිනමාකරුවන් වගේම රසිකයනුත් ඇයට ගොඩක් ආදරය කරනවා. මේ දිනවල ආලියා Brahmastra චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක් වන්නේ රන්බීර් කපූර් සමඟයි.


මේ දෙන්නගේ ඇසුර ගැන මාධ්‍යවලත් විවිධ කටකතා පැතිර ගියේ ආලියාබාත් රන්බීර් ගැන මාධ්‍ය ඉදිරියේ පළ කළ අදහසක් නිසයි. ආලියා කාලයක ඉඳන්ම රන්බීර් ගැන කැමැත්තෙන් හිටිය බව ඇය මුලින්ම කියන්නේ කරන් ජොහාර්ගේ වැඩසටහනකට එක්වෙමින්.

"මට මතකයි මම මුලින්ම රන්බීර්ට කතා කළ දවස. Rockstar චිත්‍රපටය මුලින්ම තිරගත වෙන දවසෙ කරන් මම ඉන්න තැන තමයි රන්බීර්ට කෝල් කළේ. ඒ වෙලාවේ කරන් මට Phone එක දුන්නෙ මම රන්බීර්ට කැමැති බව දැනගෙනමයි. එදා මම රන්බීර් එක්ක නොනවත්වාම කතා කළේ විකාර දේවල්. රන්බීර් ඒ දේවල් අහන් හිටියේ කැමැත්තෙන්.

ඊට පස්සෙත් මට එයත් එක්ක එකට වැඩ කරන්නත් ලැබුණා. ඇත්තෙන්ම මම රන්බීර්ට ගොඩක් කැමැතියි. මම තවමත් රන්බීර්ව Marry කරන්න කැමැත්තෙන් ඉන්නවා"
මීට කලින් රන්බීර් බොලිවුඩයේම තවත් සුරූපිනියන් කිහිප දෙනෙක් එක්කම පෙම් සබඳතා ඇති කර ගත්තත්, ඒ කිසිම දෙයක් ගැන ආලියා එතරම් තැකීමක් කරන්නෙ නැහැ. මේ නිසා තමයි ආලියා ඇගේ ආදරය මේ විදියට ප්‍රසිද්ධියෙම කියන්නත් තීරණය කරලා තියෙන්නේ. මේ දිනවල රූගත කිරීම් කරන චිත්‍රපටයේ විතරක් නෙවෙයි පසුගිය දවස්වල තිබුණු සෝනම්ගේ විවාහ උත්සවයටත් ආලියා - රන්බීර් යුවළ සහභාගි වුණේ එකටමයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top