Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 18
492
Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.


ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 08 ක් දැවී ලකුණු 334 ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා.

සිව් වන දිනය අවසන් වනවිට අකිල ධනංජය සහ සුරංග ලක්මාල් පිළිවෙලින් ලකුණු 16 සහ 07ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 253 ක් පමණයි.

කොදෙව් පළමු ඉනිම ලකුණු 300 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර, මේ වනවිට ඔවුන්ට වඩා ශ්‍රී ලංකාව ලකුණු 287 ක් ඉදිරියෙන් සිටිනවා.

මේ අතර පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා.

මේ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් විධිමත් කරුණු විමසීමක් සිදුකරන බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.  

එම කරුණු විමසීම ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු සිදුකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ ඊයේ දිනයේයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top