Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 12
2,916
Views

ප්‍රංශයේ ජනප්‍රිය TV වැඩසටහනකදී එම වැඩසටහනට පැමිණි නිරූපිකාවකගෙ පපුව අනවසරයෙන් සිපගත් නිවේදකයකුට දසතින් විරෝධය පලවන අතර ප්‍රංශ රජයද ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.


කිම් කඩාෂියන් අනුකරණය කිරීම සඳහා පැමිණි 21 හැවිරිදි සොරායා නම් තරුණියගෙන් ඇය සිපගැනීමට නිවේදකයින් අවසර ඉල්ලනවා. නමුත් ඊට අකමැත්ත ප්‍රකාශ කරන අතර ඇය ඊට හේතුවක්ද ඉදිරිපත් කරනවා.

නමුත් ඇයගේ විරෝධය නොතකන නිවේදකයා ඇයව සිපගන්නා නිසා එම නිරූපිකාව අපහසුතාවට පත්වන අතර ඇය මද සිනහවකින් ඒ බව යටපත් කරගන්නේ එම වැඩසටහන සජීවී වැඩසටහනක් වූ නිසාවෙන්.

කෙසේවුවත් මේ වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධතා එල්ල වූ අතර එරට විදුලි සංදේශ නියාමන ආයතනය මේ වනවිටත් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති එරට කාන්තා කටයුතු ඇමැතිනියද මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සිදුවීම කාන්තා හිංසනයක් ලෙස අර්ථ දක්වා ඇති අතර එම වරදට එරට නීතියට අනුව සිරදඬුවම් නියම කල හැකියි.

කෙසේවුවත් මේ සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලා තිබෙනවා..

   

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top