Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 June 12
991
Views
උදාරි කෞෂල්‍යා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. නිර්මාණවලින් වැඩිය නොදැක්කත් ඇය ජනප්‍රියයි. බොහෝ ඉහලින් විවාහ උත්සවය ගත් නිසා බොහෝ දෙනා කතා කළා වගේම ඒ විවාහය දෙදරා යද්දිත් ඇය කතාබහට ලක් වුණා. මේ ඇය ගැන අලුත් තොරතුරුයි.


මේ දවස් මොකද වෙන්නේ?
පහුගිය දවස් ටිකේ නම් පොඩි පොඩි වැඩ කිහිපයක් සඳහා සම්බන්ධ වුණා. මේ මාසයේ මැද භාගයේ ඉඳන් අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ටික කරගෙන කාලය ගත කරනවා.

පසුගිය දවස් වල නිර්මාණ වලින් ඈත් වෙලා හිටියා නේද?
ඔව්, නිර්මාණ වලින් ඉවත් වුණා. ඒ කියන්නේ පෞද්ගලික හේතුවක් මත රංගන කටයුතු වලින් විරාමයක් අරගෙන හිටියා. හොඳ නිර්මාණයක් ආවොත් මම ඒ දේවල් භාර ගන්නවා.

කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්ව ඉඳලා නැවත ක්ෂේත්‍රයට එද්දී ප්‍රේක්ෂකයන් ඔබව භාරගනීද?
ඒකට උත්තරය තියෙන්නේ ප්‍රේක්ෂකයන් ගාවමයි. නමුත් මම හරියටම දන්නේ නැහැ කොහොමද ඒක මට බලපාන්නේ කියලා. ගොඩ දවසකින් පේන්න හිටියේ නෑ තමයි. නමුත් මෑතකදී දැක්කේ නැතිවුණාට ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. එහෙම වෙන්නත් මම පිං කරලා තියෙනවා කියලා හිතනවා.

නිවේදනයට මොකද වුණේ?
පහුගිය කාලේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටිය නිසා නිවේදනයටත් තාවකාලිකව සමුදුන්නා. රංගනය, නිවේදනය, ගායනය, නර්තනය කියන මේ හැම අංශයෙන්ම මම පොඩි කාලයක් සමු අරගෙන හිටියා. දැන් නිවේදන කටයුතු පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතිනවා. එක නාලිකාවකින් නිවේදන කටයුතු වලට ආරාධනාවක් ලැබුණා. ඉතිං ඒදේ ඉදිරියේදී බලමු.

වැඩිම කැමැත්ත තියෙන්නේ මොන අංශයටද?
ගායනය, නර්තනය, රංගනය, නිවේදනය කියන මේ අංශ හතරෙන්ම මට අත්දැකීම් තියෙනවා. එහෙම කියලා විශේෂයක් නැහැ. මේ හැම අංශ වලට මම කැමැති.

රියැලිටි වැඩසටහන් සඳහා ආරාධනා ලැබුනෙ නැද්ද?
ආරාධනා ලැබුණා. නමුත් පසුගිය දවස් ටිකේ ඒ ආරාධනා බාර ගත්තේ නැහැ. ඉදිරියේදී ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා.

වෘත්තීය වශයෙන්ම මෙම ක්ෂේත්‍රය ඔබ තෝරගෙන තියෙන්නේ?
මම පෞද්ගලිකව අමතර ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා. ඊට අමතරව තමයි මම රංගන කටයුතු කරන්නේ. වෘත්තීයක් විදිහට මම රංගන කටයුතු වල යෙදුනේ නැහැ. දක්ෂතාවය තියෙනවානම් වෘත්තීයක් විදිහට රංගන කටයුතු වල නියැලෙන්න පුළුවන් කියලා මම හිතනවා.

සිනමාවට එන්න අදහසක් නැද්ද?
මීට අවුරුද්දකට කලින් වගේ සිනමා නිර්මාණයක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණා. මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ ආරාධනාව බාර ගන්න බැරිවුණා. නමුත් ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා.

ගොසිප් ගැන මොකද හිතේනේ?
මම ගොසිප් කියන දේවල් ගැන හිතන කෙනෙක් නෙමෙයි. ලංකාවේ ගොසිප් කියන දේවල් පාවිච්චි වෙන්නේ සෘණාත්මක පැත්තට බරවෙලා. ඒත් ඒ දේවල් නැතුවත් බැහැ. ඒවා තියෙන්න ඕනේ. ගොසිප් කියන කාරණාව හරි විදිහට වාර්තා වෙනවා නම් ඒ දේවල් හොඳ විදිහට හෝ ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුළුවන්.

ඔබ ගීත ගායනා කරන වීඩියෝ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙනවා නේද?
ඔව්, මම ගීත වල කවර්ස් කරලා සමාජ ජාලා වලට එකතු කරනවා. ඒ වීඩියෝස් ගොඩක් වයිරල් වෙලා ශෙයාර් වෙනවා. ඇත්තටම කිව්වොත් මම සංගීත හදාරලා නැහැ. මම ගීත ගායනයට ගොඩක් ආස කරනවා. සිංදු කියන්න අදහසක් තිබ්බේ නැහැ. ගොඩක් අයගේ ඉල්ලීමට තමයි මම සමාජ ජාල ඔස්සේ ගීත කියලා ඒ සඳහා එකතු කරන්නේ. ඉදිරියේදී මගේ සිංදුවක් කරන්න හිතං ඉන්නවා. ඉදිරියේදී ඒක බලමු නේද?

සුප්‍රසිද්ධ පදරචකයෙක් හෝ සංගීතඥයෙක් ඔබට ආරාධනාවක් කලොත් ගීතයක් සඳහා?
අනිවාර්යෙන්ම බාර ගන්නවා. හොඳ නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම ඒ ආරාධනාව බාර ගන්නවා.

ඔබ සංගීතය තුළින් කැමැති මොන පැත්තටද?
එහෙම වර්ගීකරණයක් නැහැ. පොදුවේ සංගීතය කියන දේට ආදරේ කරනවා.

ජීවිතේ ලොකුම බලාපොරොත්තුව?
එහෙම ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නැහැ. කරන නිර්මාණ සඳහා උපරිම සහයෝගයක් දීලා ඒවාට සාධාරණයක් කරන්න උපරිම විදිහට උත්සහ කරනවා. ජීවිතේ ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් කිහිම කෙනෙකුට කරදරයක් නැතිව ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඔබේ රසිකයන්ට මොනාද කියන්නේ?
උදාරි කෞෂල්‍යා කියන කෙනෙක් ගොඩක් දෙනා දන්නවානම් දන්නේ මට ආදරය කරන ප්‍රේක්ෂකයන් නිසා. ඒ ආදරේ නිසා අද අපි මේ තත්ත්වයේ ඉන්නේ. අමාරු කාලේ වගේම හැම අවස්ථාවේදීම මාත් එක්ක හිටියා. බොහෝ දෙනෙක් අදටත් මට ආදරේ කරනවා. මාත් එහෙමයි. මගේ ප්‍රේක්ෂකයන්ට හදවතින්ම ආදරේ කරනවා. මම ගොඩක් පිං කරලා තියෙන්න ඕනා ඒ වගේ ආදරයක් ලබන්න.

ඩිලාන් ක්‍රිෂාන්ත
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top